Category Local News

ජනාධිපති කාර්යාලයට ලබාගත් වාහනවලට අද වුණ දේ

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙනවිත් තිබූ වාහන නැවත එම ආයතනවලටම භාරදීම සිදුකර තිබෙනවා. ඒ, එම වාහන නවත්වා තිබූ ජනාධිපති කාර්යාලය අසළ පරිශ්‍රයේ දීයි. අද (01) දිනයේ වාහන 19ක් නිදහස් කිරීමට පියවර ගෙන ඇති අතර ඉන් 15ක්…

ලිට්‍රෝ ගෑස් මිල ගණන්වල වෙනසක් නැහැ

මෙම මාසයට අදාළව ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි LP ගෑස් මිල වැඩි වන පරිසරයක වුවද ලිට්‍රෝ ගෑස් පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේදී ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ…

ජනපති හමුවූ ශ්‍රීධරන්

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබෙනවා. මෙරට නව වන විධායක ජනාධිපතිවරයා ලෙස මහජන පරමාධිපත්‍යයෙන් තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය සුබපැතුම් පිරිනැමූ ඒ මහතා…

අද මාධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු අඩු කෙරේ

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කර තිබෙයි. ඒ අනුව සියයට 4.24කින් බස් ගාස්තු සංශෝධනය වන බව ජාතික ගමනාගමන කොමිසම සඳහන් කරයි. මීට අමතරව අවම බස් ගාස්තුව රුපියලකින් අඩු වන අතර, නව අවම ගාස්තුව රුපියල්…

රුසියානු තානාපතිවරයා ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. මෙම හමුවේදී තානාපති එස්. ජගාරියන් මහතා පසුගියදා තේරී පත් වූ ජනාධිපති දිසානායක මහතා වෙත සිය සුබපැතුම් පිරිනැමූ…

මත්පැන් හල් වැසෙන දිනයක් ගැන නිවේදනයක්

ලෝක අමාද්‍යප දිනය ඔක්තෝම්බර් 03 වනදාට යෙදී ඇති හෙයින් දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ බලපත්‍ර ලත් සියලුම සුරාබදු අලෙවිසැල් වසා තබන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබෙයි. සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එදින සිදුවන අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ…

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක් පත් කෙරේ

ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ සභාපති ලෙස චන්න ගුණවර්ධන මහතා ව පත්කර තිබේ. ලිට්‍රෝ සමාගමේ සභාපති ලෙස කටයුතු කළ මුදිත පීරිස් මහතාගෙ ඉල්ලා අස්වීම සමඟ පුරප්පාඩු වූ තනතුරට මෙම පත් කිරීම සිදු කර ඇත.

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවීමට ජනපතිගෙන් උපදෙස්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ. එහි ප්‍රතිඵලයක් ලෙස 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවිමට…

මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයැදුම් අද සිට

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (01) සිට ආරම්භ කෙරේ. ලබන 8 දා දක්වා තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම සිදු කරන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනයක් නිකුත්…

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික සාත්තු සේවයේ නිරත 304කට NVQ 3 සහ 4 නිල සහතික පත්

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික සාත්තු සේවක සේවිකාවන් 304 දෙනෙකු වෙනුවෙන් පැවැති NVQ 3 සහ 4 මට්ටමේ ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණයේ නිල සහතිකපත් ප්‍රදානය ඊශ්‍රායලයේ දී පවත්වා තිබේ. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය (NAITA) සහ…