Category Local News

වසා දැමූ කර්මාන්ත යළි අරඹා රටේ ආර්ථිකය ශක්තිමත් කරනවා-නව වසරේ අමාත්‍යාංශයේ වැඩ අරඹමින් ඇමැති සුනිල් හඳුන්නෙත්ති කියයි

ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සමඟ ඒකාබද්ධ කරමින් මේ වසර ජාතික ඵලදායීතා වර්ෂය හැටියට නම් කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ පෙරේදා (01) නව වසර වෙනුවෙන් අමාත්‍යාංශයේ වැඩ…

විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන අපහසුතා අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න

විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන අපහසුතා අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් සමග ජනවාරි 02 වැනිදා පැවති සාකච්ඡාවකදී උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය…

අනුර ජනපති වී දින 100ක් වෙනුවෙන් වීඩියෝවක්

අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධූරයට තේරී පත්වී දින 100ක් පිරීම නිමිත්තෙන් වීඩියෝවක් නිකුත් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ඇති වීඩියෝව නම් කර ඇත්තේ ‘සියක්වසක් උදෙසා දවස් සියයක්’ යනුවෙනි. 2024 සැප්තැම්බරයේ පැවති ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපතිවරයා…

චීනයේ පැතිරෙන වෛරස තත්වය ගැන විශේෂ නිවේදනයක්

චීනය තුළ පැතිර යමින් පවතින බව කියන වෛරස් තත්ත්වයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. අද (03) දිනයේදී මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට ලැබුණු බවත් නිසි අධ්‍යයනයකින් පසු මාධ්‍ය වෙත තොරතුරු ලබා දීමට කටයුතු කරන බවත් වසංගත…

දේශපාලන පත්වීම් ලැබූ තානාපතිවරු හා මහ කොමසාරිස්වරු යළි කැඳවයි

ඉකුත් සමයේ දේශපාලන පත්වීම් ලැබූ තානාපති හා මහ කොමසාරිස්වරුන් 18 දෙ‌නෙකු මේ වනවිට යළි දිවයිනට කැඳවා ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය අරූන් හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ, විදේශ සේවය කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් බවට පත්…

කෙහෙළියගේ පවුලේ සාමාජිකයන්ට පැනවූ තහනමක් දීර්ඝ කරයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු ක්‍රියාත්මක වීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය තවත් මාස 3ක් දීර්ඝ කිරීමට අද (03) නියෝග කළේය. ඒ කොළඹ මහාධිකරණය විසිනි. අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනයකට…

තලතා අතුකෝරල එජාපයේ මහ ලේකම් ධූරයට

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය පත්කර තිබේ. අදාළ පත්වීම හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි

ජාතික ඵලදායිතා සම්මාන ව්‍යාපෘතිය නැවතත්

ජාතික ඵලදායිතා සම්මාන ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය නිර්ණායක සමාලෝචනය කිරීම සඳහා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා‌ගේ ප්‍රධානත්ව‌යෙන් ඊයේ (02) කාර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා කර්මාන්ත හා…

යෝෂිත CIDයට පැමිණෙයි

හිටපු ජනධිපති මහින්ද රාපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත. ඒ කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා බව වාර්තා වේ.

වසරේ පළමු උල්කාපාත වැස්ස අද රාත්‍රීයේ දී

2025 වසරේ පළමු ප්‍රධාන උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ දී දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යා හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි. මෙම උල්කාපාත වර්ෂාව සක්‍රීයව පවතින්නේ දෙසැම්බර් 28 සිට ජනවාරි 12 දක්වා අතර කාලයේදීයි. එය උපරිම අවස්ථාවට පත්වන්නේ අද දිනයේදීයි.…