Category Local News

තරුෂි කරුණාරත්න සහ නදීෂා දිල්හානි පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට තරුෂි කරුණාරත්න සහ නදීෂා දිල්හානි ලේකම්ගේ සමත් වී තිබෙනවා. ඒ අනුව තරුෂි මීටර් 800 ඉසව්ව සහ නදීෂා දිල්හානි හෙල්ල විසිකිරීම යන තරග අංශ සඳහා ඉදිරිපත්වීමට නියමිතයි.

මහනුවර අධිකරණයේ බෝම්බ ඇති බවට බොරු ඇමතුම ලබාදුන් පුද්ගලයා අත්අඩංගුවට

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ඇමතුමක් ලබාදුන් පුද්ගලයා අද (02) දහවල් ගිනිගත්හේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර පොලීසිය විසින් ගිනිගත්හේන පොලීසියට ලබාදුන් තොරතුරක් මත අදාළ දුරකථන අංකයේ හිමිකරු වන ගිනිගත්හේන, කඩවල ප්‍රදේශයේ…

අමෙරිකානු ඩොලර් බිලියන 10ක් වූ විදේශීය ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණ කාර්යය සාර්ථක කර ගත්තා – ජනපති

2023 වසරේදී මෙරට මූල්‍ය ආයතන දුර්වල නොවන ආකාරයට සහ තැන්පත්කරුවන් අවදානමට ලක් නොවන ආකාරයට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ කාර්යය සාර්ථකව අවසන් කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. මෙවර අමෙරිකානු ඩොලර් බිලියන 10ක් වූ විදේශීය ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණ කාර්යය සාර්ථක කර ගත්…

උසා­වි­යෙන් පැන්න 2ක් මාංචු පිටින් යතුරුපැදියක් කි.මීටර් 65ක් පද­වලා නිව­සට ගිහින්. නිවසේදී පොලිසිය අත්­අ­ඩං­ගු­වට ගනී.

තුල්හි­රිය අධි­ක­රණ භූමියේ දී බන්ධ­නා­ගාර නිල­ධා­රී­න්ගෙන් මිදී  පැන ගිය රැඳ­වි­යන් දෙදෙ­නකු යතු­රු­පැ­දි­යක් සොරා­ගෙන අත් මාංචු­පි­ටින්ම කිලෝ­මී­ටර්  65ක් දුරක් පද­වා­ගෙන පැමිණ මොර­ග­හ­හේන  ඔල­බො­ඩුව නිව­සක වෙස්ව­ලා­ගෙන සැඟව සිටි­යදී එක් රැඳ­වි­යකු ඊයේ (1) අත්අ­ඩං­ගු­වට ගත් බව මොර­ග­හ­හේන පොලි­සිය කියයි. මෙලෙස අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි…

උද්දිකට වෙඩි තැබීමට සම්බන්ධ ASP සංජීව මැලේ­සියාවෙන් පැනලා

ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ අනු­රා­ධ­පුර දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී උද්දික ප්‍රේම­රත්න මහ­තාගේ මෝටර් රථ­යට වෙඩි තැබීම සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට සූදා­නම් වන විට මල­යා­සි­යාව බලා පලා­ගිය සහ­කාර පොලිස් අධි­කාරී සංජීව මහ­නාම මහතා මේ වන විට එහි සිට වෙනත් රට­කට ගොස් ඇතැයි…

ආර්. සම්පන්දන් මැතිතුමා අභාවප්‍රාප්ත වෙයි.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 91 වන වියේ පසු වුණා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස අභාවප්‍රාප්තවී ඇති බවයි වාර්තා වෙන්නේ. 

CEYPETCO ඉන්ධන මිල අඩු කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය  කර තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්. * පෙට්‍රල් 92 – රු. 11 කින් (නව මිල රු.344) * පෙට්‍රල්…

උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට

රාත්‍රි තැපැල් දුම්රිය පීලි පැනීමෙන් ඇනහිට තිබු උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත්කර ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, පීලි පැනීමට ලක් වු දුම්රියේ එන්ජිම නාවලපිටිය සහ හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවකයින් විසින් පීලිගත කිරිමෙන් අනතුරුව එම…

ජනපති කඳාන සාන්ත සෙබස්තියන් සිද්ධස්ථානයේ සංවර්ධන කටයුතු සොයා බලයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) පස්වරුවේ කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය වෙත පැමිණ එහි සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීය. කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය කොළඹ අගරදගුරු පදවියේ වැඩිම කතෝලික ජනතාවක් පැමිණෙන සිද්ධස්ථානයක් වන අතර එහි වාර්ෂික මංගල්‍යයට දිවයින පුරා…