Category Local News

‘ජාතික ආරක්ෂාව අනතුරේ’ වැරදි මතයක් ජනමාධ්‍යයේ-කැබිනට් ප්‍රකාශක

සංවිධානාත්මක අපරාධ කල්ලි අතර පවතින ගැටුම් පදනම් කරගෙන ‘ජාතික ආරක්ෂාව අනතුරේ’ යනුවෙන් ප්‍රචාරක ව්‍යාපාරයක් සංවිධානාත්මකව ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (25) පැවති කැබිනට් තීරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා…

වනඅලින් දුම්රියේ ගැටීම අවම කිරීමට කෘත්‍රිම බුද්ධියෙන් උපකරණයක්

නැඟෙනහිර දුම්රිය මාර්ගයේ දී වනඅලින් දුම්රියේ ගැටීම අවම කර ගැනීමට කෘත්‍රිම බුද්ධිය (Artificial intelligence) භාවිත කරමින් නව උපකරණයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය මඟින් නිපදවා තිබේ. දුම්රියේ සවි කරන කැමරාවක් මඟින් මීටර් 500ක් පමණ ඉදිරියෙන් දුම්රිය මාර්ගයේ සිටින වනඅලියකු නිරීක්ෂණය කළ…

කාන්තා දිනයට ජාතික කාන්තා සතියක්

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට සමගාමීව මාර්තු 02 වැනිදා සිට 08 වැනිදා දක්වා ‘ජාතික කාන්තා සතියක්’ ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මෙවර ජාත්‍යන්තර කාන්තා දින සැමරුම ”සියලුම කාන්තාවන් සහ ගැහැනු දරුවන් සඳහා: අයිතිවාසිකම්, සමානත්වය, සවිමත් කිරීම” යන්න තේමාව කර…

අර්ජුන් මහේන්ද්‍රන් ආවත් නැතත් නීති මඟින් පියවර-ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස

අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන ඒමේ උත්සාහය අතහැර නොමැති බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (25) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. අර්ජුන් මහේන්ද්‍රන් මහතා ගෙන්වා ගැනීමේ යම්…

වැඩි ඡන්ද 109කින් සම්මතයි-පක්ෂව 155යි: විපක්ෂව 46යි

-තෙවැනි වර ඡන්ද විමසීම මාර්තු 21දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් ඇමැතිවරයා ලෙස පසුගියදා (17) ඉදිරිපත් කරන ලද මංගල අය-වැය යෝජනාවලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (25) සවස පැවති දෙවැනි වර ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගය ආණ්ඩුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර…

පාප් වහන්සේට සුවය පතා මහා බෝධි විහාරයේ පින්කමක්

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ඉක්මන් සුවය පතමින් මහාබෝධි විහාරයේ ආශීර්වාද පූජාවක් පැවැත්විණි. මේ අවස්ථාවට ජාතික සහ අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමන් ද සහභාගි විය. වතිකානයේ නවතම නිල නිවේදනයට අනුව ශුද්ධෝත්තම පියතුමන් තවමත් ප්‍රතිකාර ලබමින් පසුවන අතර…

ආරක්ෂාව ගැන කතා කරන්න ජනපති, යුද හමුදා ජ්‍යෙෂ්ඨයන් හමුවෙයි

වත්මන් ආරක්ෂක තත්ත්වය, ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුද හමුදාවේ උසස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (25) පැවැත්විණි. මෙම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ…

මෝහාන්ධකාරය දුරු වී ප්‍රඥාලෝකය දැල් වේවා-ජනාධිපති අනුර දිසානායක

සියලු දෙනා ප්‍රාර්ථනා කරන යහපත් දේශපාලන සංස්කෘතියකින් යුතු සමෘද්ධිමත් රටක් ගොඩනඟනු වස් දේශපාලන, ආර්ථික හා සමාජයීය වශයෙන් නව පරිවර්තන රැසක් සමඟ පුනරුද යුගයක් කරා ශ්‍රී ලංකාව මේ වන විට ගමන් කරමින් සිටින බවත් මහා ශිව රාත්‍රී දිනයෙහි දැල්වෙන පහන් ආලෝකයෙන්…

ශ්‍රී ලාංකික ජාතියක් ලෙස, එක්ව ඉදිරියට යෑම සවිමත් කිරීමට ‘Sri Lankan Day’ සමරමු-ජනාධිපති අනුර දිසානායක

ජාති, ආගම් භේදවලින් තොරව එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස, එක්ව ඉදිරියට යන ගමන වඩා සවිමත් කිරීම වෙනුවෙන් ‘Sri Lankan Day’ සැමරීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී සෙවරින්…

ආණ්ඩුවට ජනතා විශ්වාසය වැඩි වෙයි-වෙරිටේ රිසර්ච් සමීක්ෂණයක් කියයි

රටේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවට බහුතරයකගේ අදහස වීමත් සමඟ වත්මන් ආණ්ඩුව ගැන ජනතා අනුමැතියේ සියයට 62ක වැඩිම අගය මේ මාසයේදී වාර්තා වන බව වෙරිටේ රිසර්ච් කළ නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ. වෙරිටේ රිසර්ච් කරන ගැලප් ශෛලියේ Òරට…