Category Local News

හිටපු ඇමතිනී චන්ද්‍රාණී බණ්ඩාරට එරෙහිව ගොනු කළ නඩුව 28 වැනිදා යළි කැඳවීමට නියෝග‍

හිටපු ඇමතිනී චන්ද්‍රාණී බණ්ඩාරට එරෙහිව දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව ලබන 28 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, විත්තිය විසින්…

තද සුළං සහ මුහුද රළුවීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 24 තුළ, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නාවික සහ ධීවර ප්‍රජාවන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට…

දෙහිවල වෙඩි තැබීමක්

දෙහිවල දුම්රිය ස්ථානය අසල දී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම වෙඩි තැබීමෙන් අදාළ පුද්ගලයා තුවාල ලබා ඇති අතර, ඔහුව කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු…

මෙරටට පැමිණෙන විදේශිකයින්ට ගුවන් තොටුපොළේදීම තාවකාලික රියැදුරු බලපත්‍ර ලබාදීමට පියවර

මෙරටට පැමිණෙන විදේශිකයින් සඳහා තාවකාලික රියැදුරු බලපත් නිකුත් කිරීම ගුවන් තොටුපොළේදීම සිදු කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ සඳහා විශේෂ කවුළුවක් කටුනායක ගුවන් තොටුපොළේ ස්ථාපිත කිරීමට නියමිත බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ. මේ වනවිට මෙරටට පැමිණෙන විදේශිකයන්ට…

අද කාලගුණ නිවේදනය

සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඇතැම් ස්ථානවල මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය…

රන් ආලේපිත ගිනි අවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවට ඇප

කොළඹ, හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ කාන්තාවක් සතුව තිබී රන් ආලේපිත ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එම සැකකාරිය ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විශාඛා අයිරාංගනී…

ශ්‍රී දළදා ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම 25 වැනිදා සිදු කෙරේ

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය ජූලි 25 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පවසනවා. ඒ අනුව, ජූලි 25 වන දින කප් සිටුවීමෙන්, මෙවර පෙරහැර මංගල්‍යයේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි ඔහු සඳහන්…

ශාරුක් ඛාන් ලංකාවට එනවාද ? – තීරණය මෙන්න

තව නොබෝ දිනකින් කොළඹදී අති උත්කර්ෂවත් ලෙස විවෘත කිරීමට නියමිත දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka හි සමාරම්භක අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සහභාගී වන බවට මීට පෙර…

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදෙස් ජාතික තරුණියක් අත්අඩංගුවට

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රුපියල් කෝටි 05කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඩෙන්මාර්ක් ජාතික තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය ඊයේ (16) රාත්‍රී බැංකොක් සිට ඉන්දියාවේ චෙන්නායි වෙත පැමිණ, පසුව කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති අතර, හරිත මාවත…

විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද යළි රැස්වෙයි

ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද (17) යළි රැස්වීමට නියමිතව තිබෙනවා. පසුගිය 15 වන දින, විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත මෙම කාරක සභාවේදී පළමු වරට සලකා…