Category Local News

″ රන්සළු ″ බලන්න ගිය ඇමති හඳුන්නෙත්ති

දේශීය අත්යන්ත්‍ර පේෂකර්මාන්තය ප්‍රවර්ධනය හා සංවර්ධනය කරමින් එහි නිරත ශිල්පීන්ගේ ජීවන තත්වය නඟා සිටුවීමේ අරමුණ ඇතිව පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ″ රන්සළු ″ ජාතික අත්යන්ත්‍ර පේෂකර්මාන්ත ප්‍රදර්ශනය සහ අලෙවි සල්පිල පසුගියදා (06) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ…

උත්සව සමයේ ආහාර පාන පරීක්ෂාව දිගටම

උත්සව සමය නිමිත්තෙන් මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන නගර ආශ්‍රිතව අලෙවි කරනු ලබන ආහාර පාන පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ ක්ෂේත්‍ර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1750ක පමණ…

ශ්‍රී ලංකාවට ජපානයෙන් ගංවතුර ආපදා අධාර තොගයක්

ශ්‍රී ලංකාවේ ගංවතුර ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව අතරේ බෙදාහැරීම සදහා , ශ්‍රී ලංකා  ජපාන තානාපති කාර්යාලයේ සහ ජයිකා ආයතනයේ මැදිහත්වීමෙන් ජපාන රජය පරිත්‍යාග කළ රුපියල් මිලියන 300 ක් වටිනා ආධාර තොගයක් ,  කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තයේ දී ඊයේ(07) රාත්‍රී…

උතුරු සහ නැගෙනහිර වැසි තත්ත්වයේ වැඩි වීමක්

නැගෙනහිර තරංගාකාර කැළඹිලි ස්වභාවයක් ඉදිරි දිනවලදී දිවයිනේ කාලගුණ තත්ත්වය කෙරෙහි බලපෑම් ඇතිකිරීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම බලපෑම හේතුවෙන් දෙසැම්බර් 10 දින සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරේ. මේ සමග දිවයින…

ලොහාන් රත්වත්තේ රිමාන්ඩ්

බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා ඒ අද (07) අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි හිටපු රාජ්‍ය අමාත්‍යවරයා බීමත්ව රිය…

අමෙරිකානු ඩොලර් බිලියන 15ක ඩිජිටල් ඉලක්කයක්

ඩිජිටල් ආර්ථිකය මඟින් ඉදිරි වසර පහ ඇතුළත අමෙරිකානු ඩොලර් බිලියන 15ක ආදායමක් අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. දේශපාලන අධිකාරියේ සහ ඩිජිටල් තාක්ෂණවේදීන්ගේ අපේක්ෂා සමපාත වී ඇති මේ අවස්ථාවේ රට ඩිජිටල්කරණය කිරීම සඳහා සියලුම වෘත්තීයවේදීන්ගේ සහයෝගය අපේක්ෂා…

වැස්සෙන් වූ වගා හානි ගැන 10 වැනිදාට පෙර දැනුම් දෙන්නැයි ඉල්ලීමක්

පසුගිය දිනවල පැවති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් සිදු වූ වගා හානි පිළිබඳ ලබන 10 වැනිදාට පෙර දැනුම් දෙන්නැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගොවි ජනතාවට දැනුම් දෙයි. එහි සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා සඳහන් කළේ, අනතුරුව නිලධාරීන් ගොවිබිම් වෙත ගොස්…

කුලී ගෙවන රජයේ ආයතන රජයේ ගොඩනැගිලිවලට

අධික කුලියක් ගෙවමින් විවිධ ගොඩනැගිලිවල පවත්වාගෙන යන රජයේ ආයතන රජය සතු ගොඩනැගිලි තුළට ගෙන ඒමට රජය තීරණය කර ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවත්වාගෙන යන කාර්යාලයේ මාසික කුලිය ලක්ෂ…

බුදුන්ගේ දන්ත ධාතූන් වහන්සේ නමට තායිලන්තයේදී උණුසුම් පිළිගැනීමක්

බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ නමක් චීනයේ සිට තායිලන්තයට වැඩම කරවීම සිදුකෙරේ. තායිලන්ත මහා වජිරලොංකෝන් රජුගේ උපන්දිනය නිමිත්තෙන් සහ තායිලන්තය සහ චීනය අතර අඩ සියවසක රාජ්‍යතාන්ත්‍රික සබඳතා සැමරීම නිමිත්තෙන් තායිලන්ත අගනුවර බැංකොක්හි සිද්ධස්ථානයක් වෙත චීනය විසින් ලබා දුන් බුදුරජාණන් වහන්සේගේ…

විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ දැනුම්දීමක්

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ. ඒ අනුව විදුලිබල මණ්ඩලය එම යෝජනා ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ පවතින විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව ඉදිරි මාස 6 පවත්වාගෙන යා යුතු බවයි.