Category Local News

ආගමන විගමන පාලක රිමාන්ඩ්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වන නඩුවකට අදාළව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවටයි ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත්තේ.…

ජනපති අනුරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සුබ පැතුම්

මෙරට නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට IMF කළමනාකරණ අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ලිපියක් යොමුකරමින් සුබ පැතුම් එක් කර තිබෙනවා ශ්‍රී ලංකාවේ හවුල්කරුවෙකු ලෙස අඛණ්ඩව කැපවී කටයුතු කරන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර පවතින අනෝන්‍ය වශයෙන් වාසිදායක…

මහනුවර ප්‍රදේශ කිහිපයකට පැය 65ක ජල කප්පාදුවක්

ලබන 28 වැනිදා පැය 65ක කාලයක් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙනවා පොල්ගොල්ල ජලාශයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අලුයම 1.00 සිට 30වැනි දින පස්වරු 6.00 දක්වා මෙලෙස අත්හිටුවනු ඇති…

ජාතික රුපවාහිනිය සෙනේෂ්ට – ITN එක වෙදමුල්ලට – ගුවන්විදුලිය ආචාර්ය උදිතට

ජාතික රුපවාහිනියේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර පත්කර ඇත. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු මෙන්ම කීර්තිමත් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා පත් කර තිබේ. මේ අතර ශ්‍රී ලංකා ගුවන්විදුලි සහයෝගිතාවේ නව…

මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වැඩ භාර ගනී

මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා අද (25) සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සහ මෙරට ණය ප්‍රතිව්‍යුහගතරණ ක්‍රියාවලිය සාර්ථක…

මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද සිට

එළඹෙන මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම අද(25) සිට සිදුකෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. ඒ අනුව, නොවැම්බර් 14 වැනිදා මහමැතිවරණය පැවැත්වීමට නියමිතය. මහ මැතිවරණය සඳහා නාම යෝජනා කාල සීමාව ඔක්තෝම්බර් 04වැනිදා…

O/L ප්‍රතිඵල එන දවස මෙන්න

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ මෙවර විභාග ප්‍රතිඵල තවත් දින 5කින් ලබාදිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියයි. ජනපතිවරණය නොපැවත්වුණේ නම් මේ වන විටත් එහි ප්‍රතිඵල ලබාදීමට හැකියාව තිබූ බවත්, ඡන්ද විමසීම නිසා සිය නිලධාරීන් වැඩි…

මහ බැංකු අධිපති ජනාධිපති හමු වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අතර සාකච්ඡාවක් පවත්වා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ද එක්වූ සඳහන්. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (24) පස්වරුවේ…

තැනින් තැන වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්අද (25) දින වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම්…

ජනපති ඇතුළු තිදෙනකුගෙන් සමන්විත කැබිනට්ටුවක්-එක් ඇමැතිවරයකුට අමාත්‍යාංශ ගණනාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව කැබිනට් මණ්ඩලයක් පත් කරන ලද අතර මෙය ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ කුඩාම කැබිනට් මණ්ඩලය වේ. මෙම කැබිනට් මණ්ඩලයේදී ඉතිහාසයේ එක් ඇමැතිවරයකු විසින් වැඩිම අමාත්‍යාංශ ගණනාවක් පාලනය කරයි. ඊයේ (24) පත් කරන ලද කැබිනට්…