Category Local News

චීනය සැමදා ශ්‍රීලංකාවේ ඉතා විශ්වාසවන්ත මිතුරෙක්-මහජන චීනය පිහිටුවීමේ 75 සංවත්සරය සමරමින් චීන තානාපති කියයි

ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් ශ්‍රී ලාංකිකයන් මේ වනවිට නව යුගයකට එළැඹ තිබෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කියු ශෙන්හොන්ග් මහතා ප්‍රකාශ කරයි. මහජන චීනය පිහිටුවීමේ 75 වැනි සැමරුම නිමිත්තෙන් කොළඹ දී පැවති සැමරුම් උත්සවය අමතමින් තානාපතිවරයා මේ බව සඳහන්…

බණ්ඩාරනායක සමාධියේ ගුණ සමරු පින්කමින්…

දිවංගත අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 65 වැනි ගුණසමරුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ සු⁣නේත්‍රා බණ්ඩාරනායක මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අබියසදී ඊයේ (26) පෙරවරුවේ පවත්වනු ලැබීය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක මකුලෑවේ විමල මහනාහිමි, සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ…

නුසුදුසු ආහාර හැදූ වෙළෙඳසල් හතරකට මුද්‍රා-තවත් ස්ථාන පහකට නඩු

මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අයත් පන්නිපිටිය සහ දෙපානම මහජන සෞඛ්‍ය පරීක්ෂක වසම් දෙකෙහි ඉකුත් දා සිදුකළ හදිසි ආහාර වැටලීමකදී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර නිෂ්පාදනය කළ ස්ථාන තුනක් දින දහ හතරකට මුද්‍රා තබා ස්ථාන පහකට එරෙහිව අධිකරණයේ නඩු පැවරූ බව…

ශ්‍රී ලංකාවේ අර්බුදයේදී කාටත් පෙර ඉන්දියාව සහාය දුන්නා-ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර්

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් අර්බුදයකට මුහුණදුන් අවස්ථාවේ රට ස්ථාවර මට්ටමකට ගෙනඒම සඳහා දේශපාලන වශයෙන් කිසිදු කොන්දේසියක් නැතිව සහාය ලබාදුන් බව ඉන්දියාව අවධාරණය කරයි. ඉන්දියාවේ සමීපතම අසල්වැසියා ලෙස ශ්‍රී ලංකාවට හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බව ද අර්බුද අවස්ථාවේ අන් කවරකුට පෙර…

ජනපතිවරණයේදී පොදු දේපොළ අවභාවිත පැමිණිලි 1126ක්-ට්‍රාන්ස්පේරන්සි ආයතනය කියයි

පසුගිය ජනපතිවරණයේදී පොදු දේපොළ අවභාවිතය සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) වෙත පැමිණිලි 1126ක් ලැබුණු බවත් ඒ අතරින් පැමිණිලි 650ක් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගත් බවත් එම ආයතනයේ රාජ්‍ය දේපොළ අවභාවිතය වැළැක්වීමේ වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරක නීතිඥ තුෂාණි කන්දිල්පාන මහත්මිය පවසයි.…

ලෝක බැංකුවේ සහයත් ජනපතිට

ජනපති අනුර කුමාර දිසානායක මහතා වෙත සහය ලබාදෙන බව ලෝක බැංකුව ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (26) පස්වරුවේ මේ බව නිවේදනය කළා.

දිලුම් දිලිත් හා එක්වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (26) මව්බිම ජනතා පක්ෂය හා එක්වී තිබෙනවා. එහිදී එම පක්ෂයේ ජාතික සංවිධායක ධුරය ඒ මහතා වෙත එම පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා විසින් ප්‍රදානය කර ඇති බව සඳහන්.

පොහොර සහනාධාර ඉහළ නංවයි

2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඔක්තෝබර් මස 1 වැනිදා සිට ඉහළ දැමීමට ජනාධිපතිවරයා විසින් පියවර ගෙන තිබේ. ඒ අනුව හෙක්ටයාරයකට ලබා දුන් සහනාධාරය රුපියල් 15,000 සිට රු. 25,000 දක්වා ඉහළ නංවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක…

දකුණු ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස SriLankan Airlines ඇගැයීමට

ශ්‍රී ලන්කන් ගුවන් සේවය , ” දකුණු ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ” ලෙස , ඉකුත් 09/20 දින  නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති , දකුණු ආසියානු සංචාරක සේවා සම්මාන උළෙලේ දී ( South Asian Travel Awards ) ඇගැයීමට ලක් වී තිබේ .…