Category Local News

රුපියල් ලක්ෂ පහකට අධික මත් කරල් තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ පහකට අධික මත් කරල් තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 5කට අධික මත් කරල් තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත් වී තිබෙනවා. ඒ අනුව, සැකකාරිය සමඟ මත් කරල් 5,000ක් සහ එම ජාවාරමෙන් උපයා…

ගාලු කුමාරි දුම්රිය පීලිගත කිරීමේ කටයුතු තවදුරටත්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමට ලක් වූ ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය පීලිගත කිරීමේ කටයුතු තවදුරටත් සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මරදාන දුම්රිය ස්ථානයේ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ එම දුම්රිය, ඊයේ (16) පස්වරුවේ පීලි පැනීමට…

බෙල්ලන්විල පෙරහැර හේතුවෙන් වාහන ගමනාගමනය සීමා කෙරේ

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ඇසළ මහා පෙරහැර වීථී සංචාරය කිරීම හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. අද (16) රන්දෝලි මහා පෙරහර රාත්‍රී 07.00 සිට අලුයම දක්වා බොරලැස්ගමුව පොලිස් වසමේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානය අවට…

තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කරයි

තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබේ. ඒ තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී.සත්කුමාර මහතා විසින් ය. ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු හෙට (17) දින සිට අවලංගු කරයි.

රේගු ඉතිහාසයේ වැඩිම අදායම, බිලියන 235ක් උපයයි

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ වැඩිම අදායම වූ රුපියල් බිලියන 235ක් පසුගිය මාසයේදී උපයා ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් නෝනිස් පවසනවා. ශ්‍රී ලංකා රේගුව විසින් ආනයන හා අපනයනකරුවන්ගේ පහසුව සඳහා නිර්මාණය කරන ලද රේගු සටහන්කර දැනුම්දීමේ පද්ධතිය ජනගත කිරීමේ අවස්ථාවට…

රත්තොට, මාරක අනතුරක්

රාජකාරිය සඳහා යතුරු පැදියකින් යමින් සිටි ග්‍රාම නිලධාරිවරයෙකු මාතලේ, කයිකාවල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක ගැටී එම ස්ථානයේදීම මරණයට පත්ව ඇතැයි රත්තොට පොලිසිය පවසනවා. මෙසේ මරණයට පත්ව ඇත්තේ මාතලේ, රත්තොට, කයිකාවල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙක්. අද (16) උදෑසන 8.30ට පමණ…

අස්වැසුම සමෘද්ධියටත් වඩා අකාර්යක්ෂම බව විපක්ෂ නායක කියයි

අස්වැසුම සහනාධාර වැඩසටහන දැනට ක්‍රියාත්මක වන්නේ සමෘද්ධි වැඩසටහනටත් වඩා අකාර්යක්ෂම ව්‍යාපෘතියක් ලෙස බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා. ආර්ථික විශේෂඥයින් පිරිසක් සමඟ විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ අස්වැසුම ලැබිය යුතු ජනතාවගෙන් 58% කට එම…

තැපැල් සේවකයින් පිරිසක් අතිකාල වර්ජනයක..

අංශ කිහිපයක තැපැල් සේවකයින් අතිකාල සේවාවලින් ඉවත්වීමට තීරණය කර තිබේ. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සංගමයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ, සේවකයින්ගේ අතිකාල සහ වරප්‍රසාද කප්පාදුවට එරෙහිව මෙම පියවර ගෙන ඇති බවයි. ඒ අනුව, තැපැල් ප්‍රවාහන අංශය, නාරාහේන්පිට තැපැල් කාර්මික අංශය…

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන්ගේ දේහය නිවසට

රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (15) පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ දේහය මේ වනවිට මහයියාවේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙනවිත් තිබෙනවා. කලක් අක්මාවේ තදබල රෝගී තත්ත්වයකින් පෙළුණු 57 හැවිරිදි හිටපු රාජ්‍ය අමාත්‍යවරයා, අනතුරුව නිව්මෝනියාව රෝගය වැළඳී එය උත්සන්න…

කංසා වගාවට විදෙස් ආයෝජකයින් 7කට අවසර දීම ගැන ADIC කණගාටුවෙන්

ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස කංසා වගාව සඳහා විදෙස් ආයෝජකයින් 7 දෙනෙකුට අවසර ලබාදීම පිලිබඳව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය කණගාටුව පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මීට පෙර පැවැති රජයන් ගෙන ආ යෝජනාවලට විරෝධය පළ කර, දැන් ඒවා ඉතා වේගයෙන්…