Category Local News

ජනපති හමුවීමට කලහ කළ අයෙක් අත්අඩංගුවට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අවශ්‍ය බවත් එසේ නැතිනම් ගෙල කපාගෙන මිය යන බවත් පවසමින් කලහකාරීව හැසිරුණු පුද්ගලයකු පාලනය කර අත්අඩංගුවට ගැනීමට පිළියන්දල පොලීසිය ඊයේ (26) පෙරවරුවේ පියවර ගත්තේය. පිළියන්දල, තුම්බෝවිල ප්‍රදේශයේ පදිංචි (53) හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන…

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කමනි ජයසේකරගේ අවසන් කටයුතු අද

කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ බටහිර සම්භාව්‍ය සංස්කෘති හා ක්‍රිස්තියානි සංස්කෘති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කමනි ජයසේකර මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. පෙරේදා (25) අභාවප්‍රාප්ත වූ ඒ මහත්මිය කැලණිය විශ්වවිද්‍යාලයේ වසර 30ක් ද ඇතුළුව ශාස්ත්‍රධරයකු ලෙස වසර 40ක ලාංකික විශ්වවිද්‍යාල වෙනුවෙන් සිදු…

ආනයනික සහල් වෙළෙඳ‍පොළට රජයෙන් ඇණවුම් කළ පළමු තොගය දිවයිනට

රටේ පවතින සහල් හිඟයට පිළියමක් ලෙස සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට ඉඩ ලබාදීමත් සමඟ මේ වන විට සහල් මෙට්‍රික් ටොන් 67000ක් මෙරටට ගෙනැවිත් තිබේ. මේ තොගය ඉකුත් දෙසැම්බර් 4 වැනිදා සිට 20 වැනිදා තෙක් මෙරටට ගෙන්වා තිබෙන අතර ශ්‍රී ලංකා…

ඖෂධ බෙදාහැරීම ගැන රටේ පැවති බිය තුරන් කළ යුතුයි-රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති

රජයේ රෝහල් තුළ පසුගිය කාලයේ ඖෂධ බෙදාහැරීම සම්බන්ධයෙන් පැවති විවිධ මතවාද සහ රට තුළ පවතින අස්ථාන බිය තුරන් කළ යුතු බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය මනෝජ් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති…

නව රජය යටතේ ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය ඉදිරියට -ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන්

ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සහ ජනතාවට යෝජිත සහන පැකේජයන් පිළිබඳ මාධ්‍ය  සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්විණි. කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මෙම මාධ්‍ය සාකච්ඡාවට…

ප්‍රියා සූරියසේනගේ දේහය ගුවන් විදුලියට

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ දේහය අද (26) පස්වරුවේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයට රැගෙන එනු ලැබීය. එහිදී, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති සභාපති ආචාර්ය උදිත ගයාෂාන්  ගුණසේකර මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් දේහය පිළිගනු ලැබු…

අස්වැසුමේ හිඟ මුදල් ‌හෙට සිට

අස්වැසුම ප්‍රතිලාභ පවුල් සඳහා ගෙවීමට ඇති හිඟ මුදල් හෙට (27) දිනයේ සිට අදාළ බැංකු ගිණුම් මගින් ලබාගත හැකි බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පෙන්වා දෙන්නේ අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ පළමු අදියර…

කොටස් වෙළඳපොළ අදත් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (26) ඒකක 232.13කින් ඉහළ ගියේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 15,400.53ක් ලෙස සටහන් විය. අද දිනයේ වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 7කි.

මහින්ද රාජපක්ෂට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් නැහැ

රාජ්‍ය බුද්ධි තොරතුරු අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් නොමැති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (26) රූපවාහිනී වැඩසටහනකට වැඩසටහනට එක්වෙමිනි. එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ අදාළ…

අලුත් වෙන්න යන තැපෑලට රජයෙන් සැලසුම්

වඩාත් නව්‍යකරණය වූ කාර්යක්ෂම, විශ්වාසනීය තැපැල් සේවාවක් ගොඩනැගීමට රජය සැලසුම්කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ‌මෙම අදහස් ප්‍රකාශ කළේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කොළඹ ශ්‍රී ලංකා තැපැල්…