Category Local News

මෙරට තුන්වැනි නැනෝ චන්ද්‍රිකාව කක්ෂගත වීම හෙට

මෙරට ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තෙවැනි නැනෝ චන්ද්‍රිකාව හෙට (19) කක්ෂගත කිරීමට නියමිත බව මොරටුව ආතර් සී ක්ලාක් ආයතනය සඳහන් කර තිබේ. ‘බර්ඩ්ස් – එක්ස් ඩ්‍රැගන්ෆලයි’ ලෙස නම්කර ඇති මෙම චන්ද්‍රිකාව පසුගිය අගෝස්තු 24 වනදා නාසා ආයතනය විසින් දියත්…

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම අද ඇරඹේ

මේ වසරේ සිදු කිරීමට නියමිත 03 වැනි විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන මහජන අදහස් විමසීම අද (18) සිට ආරම්භ වන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. ඒ සඳහා මහජන අදහස් ලබා ගැනීම අද සිට ඔක්තෝබර් 07 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙම…

සජබයට එක්වූ සාමාජිකයින්ට පනවා තිබූ තහනම එජාපය ඉවත් කරයි

සමගි ජන බලවේගයට එක් වීම නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ සහ විනය ක්‍රියාමාර්ග ගත් එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන්ට පනවා තිබූ පක්ෂ තහනම් නියෝග සියල්ල ඉවත් කිරීමට ඊයේ සවස රැස් වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ. එහි දී මේ සම්බන්ධ…

පාසල් කාලය තුළ කළුගල් ඇතුලු ඛනිජ ප්‍රවාහන කොන්දේසි යළි වෙනස් කෙරේ

පාසල් පැවැත්වෙන දිනවල කළුගල් ඇතුලු ඛනිජ ප්‍රවාහනයේදී අනුගමනය කළ යුතු සංශෝධන සහිත කොන්දේසි මාලාවක් භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශය විසින් නිකුත් කර තිබෙනවා. මේ අනුව, අද සිට පාසල් පැවැත්වෙන දිනවන පෙරවරු 6.30 සිට පෙරවරු 7.45 දක්වා සහ පෙරවරු…

බැකෝ සමන් සහ තැඹිලි ළහිරු අධිකරණයට රැගෙන එයි

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් සිටින සංවිධානාත්මක අපරාධකරුවන් වන “බැකෝ සමන්” සහ “තැඹිලි ළහිරු” යන අය වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන්ට එරෙහිව ඇති නඩුවකට අදාළව ඔවුන් මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඇල්ල-වැල්ලවාය අනතුරෙන් ජීවිත බේරාගත් විශේෂ බළකා වීරයාට හමුදාපතිගෙන් පැසසුම්

ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල අසලදී පසුගියදා (04) සිදු වූ බස්රථ අනතුරෙන් විපතට පත්වූ මගීන් බේරාගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 2 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.එම්.වී.එම්. බණ්ඩාරව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා අගය කරයි. එම මගීන් මුදවා…

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුව අත්හිටුවයි

කොළඹ සහ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 09ක කාලයක් ජල සැපයුම කප්පාදු කරන බවට කළ නිවේදනය අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩල තීරණය කර තිබෙනවා. ඒ, ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්. කොළඹ 01 සිට කොළඹ…

හිටපු ජනපති ජේ. ආර්. ජයවර්ධන 119 වැනි ජන්ම දින සැමරුම අද

හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ 119 වැනි ජන්ම දින සැමරුම අද (17) පැවැත්වෙනවා. මෙම උත්සවය කොළඹ පිහිටි ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි. සමරු දේශනය ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු විසින් සිදු කරනු ලබන අතර, උත්සවය සංවිධානය…

පදික මාරුවක් අසල සිදුවූ අනතුරකින් මාස 03 ක දරුවෙක් මරුට

පෑලියගොඩ පොලිස් වසමේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ රෝහණ විහාරය අසලදී කොළඹ දෙස සිට නුවර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් පදික මාරුව අසල නවතා තිබූ යතුරුපැදියක හා කාර් රථයක ගැටී ඊයේ  (16) සවස අනතුරක් සිදුව ඇත. අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කළ…

‘ඇතැම් මැති ඇමතිවරු පාතාලයෙන් මාස්පතා සල්ලි අරන්‘ – ජනපතිගෙන් අනාවරණයක්

නීතියේ බිඳවැටීම තුළ පැවැති දේශපාලන සංස්කෘතියේ පිරිහීම විසින් සන්නද්ධ සංවිධානාත්මක අපරාධ කල්ලිවලට අප රට විශාල ගොදුරක් බවට පත් කර තිබුණු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කරයි. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට…