Category Local News

අනිද්දා සිට දිස්ත්‍රික්ක 16 ක මදුරු මර්දන සතියක්

ඩෙංගු සහ චිකන් ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සදහා අනිද්දා සිට ලබන මස 6 වනදා දක්වා මදුරු මර්දන සතියක් ක්‍රියාත්මකයි.  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සදහන් කළේ දිස්ත්‍රික්ක 16ක් ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.  මේ අතර…

උතුරේ ඉඩම් අක්කර 5,941ක් පවරා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රජයට නියෝගයක්

උතුරු පළාතේ පිහිටි හිමිකම් ප්‍රකාශ කර නොමැති ඉඩම් අක්කර 5,941ක් රජයට පවරා ගැනීමේ අරමුණින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.  යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම්…

දෙවුන්දර සහ කළුතරදී ධීවර යාත්‍රා දෙකක් අනතුරට

ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රා දෙකක් අනතුරට පත්ව තිබේ. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ දෙවුන්දර ධීවර වරායෙන් පිටත්වූ යාත්‍රාවක් සහ කළුතර ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවකි. දෙවුන්දර ධීවර වරායෙන් ඊයේ (27) සවස පිටත්ව ගිය යාත්‍රාවේ ධීවර කාර්මිකයින් 5 දෙනෙකු…

ඔසුසැල් ජාලය පුළුල් වෙයි

මෙරට ඇති ද්විතීයික හා තෘතීයික රෝහල් 130ම ආවරණය වන පරිදි සහ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් ආශ්‍රිතව රාජ්‍ය ඔසුසල පිහිටුවීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.  ඔහු මේ බව කියා සිටියේ, රාජ්‍ය ඖෂධ නීතිගත…

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කර ගනිමින් සිදුකරනු ලබන අපරාධයන්ට ශ්‍රී ලංකික පුරවැසියන් වින්දිතයන් වීමේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එම දෙපාර්තමේන්තුව මෑත කාලීනව සිදු කරන ලද විමර්ශනවලදී Facebook, WhatsApp, Telegram, WeChat ආදි සමාජ මාධ්‍යජාලා…

වැලිගම ප්‍රාදේශීය සභාවේ රැස්වීම දින නියමයක් නොමැතිව කල් තබයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ රැස්වීම දින නියමයක් නොමැතිව කල් තැබීමට දකුණු පළාත භාර පළාත් පාලන කොමසාරිස්වරිය විසින් තීරණය කර තිබෙනවා. අද (27) පෙරවරුවේ සභාව රැස්වූ අවස්ථාවේදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් එහි නොපැමිණීම හේතුවෙන් උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබුණා. එහිදී, රැස්වීම සඳහා…

හපුතලේට නව සංචාරක කලාපයක්

“ශ්‍රී ලංකා තේ” සන්නාමය ලොව පුරා ප්‍රචාලිත කිරීම තුළින් සංචාරකයින් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කරගැනීම සඳහා හපුතලේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් නව සංචාරක කලාපයක් ආරම්භ කිරීමට ඌව පළාත් සභාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ‘පංකැටය’…

නාමල්ගේ ක්‍රිෂ් නඩුව සැප්තැම්බර් 26 කැඳවීමට නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක් සැප්තැම්බර් මස 26 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, එම නඩුව අද (27) කැඳවූ අවස්ථාවේදී විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිට ඇති…

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට සම්බන්ධව, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ගොනු කර ඇති නඩුවේ සාක්ෂිකරුවන් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු හිටපු කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙක් නම් කර තිබේ. මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 350කට ආසන්න…

කුෂ් මත්ද්‍රව්‍ය සමඟ ඉන්දියානු ජාතිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

කටුනායක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 130ක් සමඟ ඉන්දියානු ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි ඉන්දියානු ජාතිකයෙක් වන බවයි සඳහන් වන්නේ. මෙම මත්ද්‍රව්‍ය තොගය ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාරයට ගෙන ඇති අතර,…