Category Local News

තෛපොංගල් කිරිබත හදන්න කෝලම් රටා මුට්ටි ඇවිත්

හින්දු බැතිමතුන් හෙට (14) තෛපොංගල් දිනය සමරන අවස්ථාව වන විට උතුරේ බොහෝ ප්‍රදේශවල නානාවිධ දේ සිදුවෙයි. තෛපොංගල් දිනයේ චාරිත්‍රවලට වඩා වාණිජත්වයට මෙම උත්සවය කෙමෙන් කෙමෙන් නැඹුරු වන බවක් අපට මේ වසරේ තෛපොංගල් සමයේ දී යාපනයේදී දක්නට ලැබුණි. යාපනයේ තිරුණවේලී ප්‍රදේශයේ…

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු සිව්දෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (12) පෙරවරුවේ දිවුරුම් දුන්හ. අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් වන ආර්. එම්. එස්. රාජකරුණා, මේනකා විජේසුන්දර, සම්පත් බී. අබේකෝන් සහ එම්. එස්. කේ. බී. විජේරත්න මහත්ම මහත්මීහු ජනාධිපතිවරයා ඉදිරියේ…

චාමර කිව්වේ බොරු: ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ වියදම ලක්ෂ 9යි-සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

“ක්ලීන් ශ්‍රී ලංකා” සමාරම්භක වැඩසටහන සඳහා රුපියල් ලක්ෂ නවයකට වඩා සතයක්වත් රජය වැයකර නැතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා (10) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා රුපියල් ලක්ෂ 70ක් වියදම් වූ බවට සිදු කරන…

බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය දින හතරකින් අවසන් කරන්න-ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය ඉදිරි දින හතර තුළ අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා රේගුව සහ වරාය ආශ්‍රිත සේවා සපයන සංගම් අතර ජනාධිපති කාර්යාලයේ ඊයේ (12)…

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත්පොළොන්නරුව,මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතේත් මාතලේ, නුවරඑළිය, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත්ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත්වැසි වාර කිහිපයක් ඇතිවේ.…

දිස්ත්‍රික්ක 05 කට නාය යෑම් අනතුරු

දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, බදුල්ල, මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට එලෙස නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි.…

අත්තක් කඩා වැටී මියගිය මාතර බන්ධනාගාර රැඳවියන්ට වන්දි

මාතර බන්ධනාගාරයේ ගසක අත්තක් කඩා වැටීමෙන් මියගිය රැඳවියන් සඳහා වන්දි ලබාදීමට පියවර ගෙන තිබේ. එහිදී මියගිය ගිය එක් රැඳවියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. තුවාල ලබා…

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. දැනට තිබෙන පොලිස්ථාන වලට අමතරව එම කොට්ඨාස පිහිටුවීමට අවදානය යොමුවී ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය. දැනටමත් දකණු පළාතේ එවැනි ඒකක ක්‍රියාත්මක…

ජනපති සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා අද රාත්‍රියේදී පිටත් වෙයි

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි 14 වන දා සිට 17 වන දා දක්වා…

දීර්ඝ සති අන්ත නිවාඩුවට අදත් විශේෂ බස් සේවා

දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් අදත්(13) විශේෂ බස් සේවය ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කරයි. ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා පැවසුවේ, අද පෙරවරුවේ හැටන් දක්වා අතිරේක බස් රථ 08 ක් යෙදවූ බවය. ගම්බිම් බලා ගිය පිරිස් සඳහා…