Category Local News

සිසුවා ඇදවැටුණු සිසු සැරිය බස් රථ‍‍යේ රියදුරු සහ කොන්දොස්තරගේ වැඩ තහනම් කිරීමට පියවර

මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ‘සිසු සැරිය’ බස් රථයක පා පුවරුවෙන් සිසුවෙකු ඇදවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන්, එම බස් රථයේ සේවය කළ රියදුරුගේ සහ කොන්දොස්තරගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට වයඹ පළාත් ප්‍රවාහන අධිකාරිය විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී…

0.55% කින් අඩු වූ බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මකයි

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව 0.55% ක ප්‍රතිශතයකින් අඩු වූ බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මක වනවා. ඒ අනුව නව ගාස්තු සංශෝධනය යටතේ සාමාන්‍ය සේවා අවම බස් ගාස්තුව වන රුපියල් 27, දෙවන ගාස්තු අවස්ථාව වන රුපියල් 35 සහ රුපියල් 45 ගාස්තුවේ…

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා – අතිරේක රේගු අධ්‍යක්ෂ

Ali Express වැනි සේවාවලින් මෙරටට භාණ්ඩ ගෙන්වීම නතර කිරීමක් සිදුකර නොමැති බව අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ පවසනවා. ඒ අනුව, මේ වන විට සිදුකර ඇත්තේ ගාස්තු වැඩි කිරීමක් නොව නිවැරදි ගාස්තුව අය කිරීම බවයි ‘BBC සිංහල’ වෙත අදහස් දක්වමින් අතිරේක…

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

වත්තේගම සිට කුඩුගල හරහා මහනුවර දක්වා ධාවනය කරමින් තිබූ ලංගම බස් රථයක් පෙරළී එහි ගමන් ගත් මගීන් 09 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.  තුවාලකරුවන්ගෙන් 8 දෙනකු වත්තේගම රෝහලට ඇතුළත් කර තිබෙන අතර එක් අයකු තෙල්දෙණිය රෝහලට ඇතුලත් කළ බවයි පොලිසිය පවසන්නේ. …

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙකුට ගම්පහ මහාධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා. ඒ අනුව, අදාළ නඩුව අද (03) කැඳවූ අවස්ථාවේදී ගම්පහ මහාධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ. එක් අයෙකු සඳහා රුපියල් ලක්ෂ 02ක මුදල් ඇපයක් මෙන්ම…

මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය 403කට නීතිමය පියවර

මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය 403 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ අනුව විශේෂ මදුරු මර්දන සතියේ තුන්වැනි දිනය අවසන් වන විට, පරිශ්‍ර 78,721ක් පරික්ෂා කර ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ…

අයවැයෙන් ඉහළ දැමු විශ්‍රාම වැටුප් මේ මාසයේ සිට

අයවැයෙන් ඉහළ දැමීමට තීරණය කළ, විශ්‍රාම වැටුප් මේ මාසයේ සිට ලබාදෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සදහන් කරයි. අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, විශ්‍රාමික රාජ්‍ය සේවකයින් ලක්ෂ 5කට අධික පිරිසකට එම ඉහළ දැමූ විශ්‍රාම…

UPDATE : කඳානේ වෙඩි තැබීමෙන් එක් අයෙක් මරුට

අද (03) උදෑසන යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් කඳාන පොදු වෙළෙඳසැල අසලදී සිදුකළ වෙඩි තැබීම නිසා තුවාල ලැබූ එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා. එම වෙඩි ප්‍රහාරය මෝටර් රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර එල්ල කර ඇති…

කඳාන ප්‍රදේශයේ වෙඩි තැබීමක්

කඳාන ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අයගෙන් එක් අයෙකු වන්නේ දිවංගත අමාත්‍ය මංගල සමරවීරගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා වූ සමීර මනහර බව පොලීසිය පවසනවා. අද උදෑසන කඳාන ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුවී තිබෙනවා. මෙම වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයන්…

හදිසි අන­තු­රු­ව­ලින් වස­ර­කට ලක්ෂ 10ක් රෝහ­ලට

විවිධ අන­තුරු හේතු­වෙන් වාර්ෂි­කව පුද්ග­ල­යන් මිලි­ය­න­යක් පමණ රජයේ රෝහ­ල්ව­ලින් නේවා­සි­කව ප්‍රති­කාර ගන්නා බව සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ බෝ නොවන රෝග අංශයේ අධ්‍යක්ෂ විශේ­ෂඥ වෛද්‍ය සමිත සිරි­තුංග මහතා පැව­සීය. අන­තුරු හේතු­වෙන් වාර්ෂි­කව මෙරට පුද්ග­ල­යන් 12,000ක් පමණ මර­ණ­යට පත් වන බවත් සෑම තත්පර 8කට…