Category Local News

රනිල්ගෙන් දයාසිරිට හදිසි ඇමතුමක්

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ විසින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට හදිසි දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ 79 වෙනි සංවත්සරය පසුගියදා පැවැත්වුණු අතර එම සංවත්සර සැමරුමෙන් පසු දිනක රාත්‍රියේදී දයාසිරි ජයසේකර වෙත…

ඔක්තෝම්බර් පළමුවනදා සිට බස්නාහිර පළාතේ බස් ටිකට්පත් අනිවාර්යයි

ලබන මස පළමුවනදා සිට පෞද්ගලික බස් රථවල ටිකට්පත් නිකුත් කිරීම මෙන්ම ටිකට් පත් ලබාගැනීමද අනිවාර්ය බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීය පවසනවා. හිරු ප්‍රවෘත්ති සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති ගාමිණි ජයසිංහ කියා සිටියේ, එසේ ටිකට්පත් නිකුත් නොකරන රිය…

රගාසා සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 14 දක්වා ඉහළට

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයට බලපා ඇති සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ සුළි කුණාටුවත් සමග සිදු වූ ආපදා තත්ත්වයෙන් පුද්ගලයින් 33 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇති බවයි. රාගසා නම් මෙම සුළි කුණාටුව ඊයේ තායිවානයට…

”අමෙරිකානු ෆෙඩරල් සංචිත බැංකුව පොලී අනුපාත අඩු කිරීමෙන් මෙරට ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් නෑ” – මහ බැංකු අධිපති

අමෙරිකානු ෆෙඩරල් සංචිත බැංකුව (US Federal Reserve) පොලී අනුපාත අඩු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ, රටේ පවතින වර්තමාන ණය ශ්‍රේණිගත…

පොලිස් මෙහෙයුම්වලින් ඊයේ සැකපිට 1,006ක් අත්අඩංගුවට

පොලිසිය සිදු කරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොට්ඨාස මට්ටමින් සියළුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව, ඊයේ (24) දින මෙම මෙහෙයුම්වලට…

තද සුළං පිළිබද කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රලු හෝ ඉතා රලු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය…

බැකෝ සමන්ගේ බිරිඳ ඔක්තෝබර් 09 දක්වා රිමාන්ඩ් කිරීමට නි‍‍යෝග

මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින, ‘බැකෝ සමන්’ නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානි නමැත්තිය ලබන 09 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ සැකකාරියගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු…

UPDATE: තලාවේ රිය අනතුරින් මියගිය ගණන 04 දක්වා ඉහළට

අනුරාධපුර – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තලාව, මීරිගම හංදිය ආසන්නයේ අද අලුයම සිදුවූ රිය අනතුරෙන් මියගිය ගණන හතරක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තලාව, මීරිගම හංදිය ආසන්නයේ මොරගොඩ ප්‍රදේශයේදී, අනුරාධපුර දෙස සිට කුරුණෑගල දෙසට ගමන් කළ ලොරි රථයක් සහ කුරුණෑගල දෙස සිට…

මත්ද්‍රව්‍ය අඩංගු ලොරි රථ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනා, රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලීසියට අවසර ලබාදී තිබෙනවා. අදාළ මත්ද්‍රව්‍ය සොයාගත් ලොරි රථ දෙකක හිමිකරුවන් දෙදෙනෙකු සහ රෝහලේ…

ඔක්තෝබරයේදී ලොව සංචාරයට හොඳම රට ශ්‍රී ලංකාව ලෙස Time Out සඟරාව විසින් නම් කෙරේ

ලොව හොඳම සංචාරක ස්ථාන පිළිබඳ තොරතුරු ඉදිරිපත්කරන සඟරාවක් වන බ්‍රිතාන්‍යයේ ‘Time Out’ නිකුත් කළ නවතම අනාවරණයට අනුව, ඔක්තෝබර් මාසයේ සංචාරය කිරීමට ලොව හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම්කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ උණුසුම් නිවර්තන දේශගුණය, සංස්කෘතික උරුමයන් සහ ස්වාභාවික භූ දර්ශන…