Category Local News

කෝප් කමිටුවේ තීරණවලට නෛතික බලයක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කෙරේ

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) අනාවරණය වන බරපතල මූල්‍ය වංචා හෝ දූෂණ ක්‍රියාවන්ට එරෙහිව නෛතික පියවර ගැනීමට අදාළව ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවක් ඊයේ (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 137 ප්‍රකාරව, මෙම කාරක සභාවට…

වෑවිට අනතුරකින් 12 කට තුවාල

බණ්ඩාරගම – කළුතර මාර්ගයේ වෑවිට ප්‍රදේශයේදී ලොරියක්, වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් 12 දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලබා ඇති පිරිස අතර නර්තන කණ්ඩායමක සාමාජිකයන් දස දෙනෙකු සහ එකම පවුලේ මවක් සහ දුවක් වන බව බණ්ඩාරගම පොලීසිය වැඩිදුරටත්…

ස්ථාවර නියෝග සංශෝධන යෝජනාවක්

2026 විසර්ජන පනත් කෙටුම්පත, වැඩබලන මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. 2026 මුදල් වර්ෂය සඳහා වන රජයේ වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත පසුගිය සැප්තැම්බර් මස 18 වන දා ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරුණා. ජාතික ජනබලවේග…

ප්‍රදේශ රැසකට අදත් මි.මී. 50ට වඩා වැසි

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (27) විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී.…

තිස්සමහාරාම ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

තිස්සමහාරාම, මුතියම්මාන ප්‍රදේශයේදී අද (26) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම වෙඩි තැබීමෙන් අවුරුදු 58 ක් වයසැති පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. වෙඩික්කරු යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා පලාගොස් ඇති අතර, පෞද්ගලික ආරාවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර…

පියල් මනම්පේරි ඔක්තෝබර් 08 දක්වා යළි රිමාන්ඩ්

මිද්දෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පියල් මනම්පේරි ඔක්තෝබර් 08 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. ‘අයිස්’ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් මිද්දෙණිය ප්‍රදේශයේදී හමු වූ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පියල් මනම්පේරී යන අයව අත්අඩංගුවට…

අම්බලන්තොට ජල පිරිපහදුවේ කටයුතු තාවකාලිකව නවතා දැමේ

සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ ස්ප්‍රීතු නිෂ්පාදන ආශ්‍රිත ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් වළවේ ගඟට මුසුව තිබීම හේතුවෙන්, එහි මසුන් මියයාම වාර්තාවීම නිසා, අම්බලන්තොට ජල පිරිපහදු මධ්‍යස්ථානයේ ජල පිරිපහදු කටයුතු මේ වනවිට තාවකාලිකව නවතා දමා තිබෙනවා. අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකරන තෙක්,…

අත්අඩංගුවට ගැනීමට පෙර, අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා මනූෂ‍ගෙන් පෙත්සමක්

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමට පෙර, අපේක්ෂිත ඇපයක් මත තමා මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එම පෙත්සම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම විසින් එහි වග උත්තරකරු…

පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් හා වෑන් රථ පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් අද දිනය පුරා ක්‍රියාත්මක කෙරේ

පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් හා වෑන් රථ පරීක්ෂා කිරීමේ වැඩපිලිවෙලක් අද දිනය පුරා ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව, ජාතික ළමා සතියට සමගාමීව මෙය ක්‍රියාත්මක වන බවයි සඳහන් වෙන්නේ. පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් හා වෑන් රථවලින් ගුණාත්මක සේවාවක් සැපයීම…

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් නිවේදනයක්

ජාතික වගාරක්ෂණ යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 1,669ක මුදලක් ගෙවා ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. ඒ අනුව වී, බඩ ඉරිඟු, මිරිස් සහ අර්තාපල් යන වගාවන් සඳහා ගොවීන් 81,234 දෙනෙකුට මෙමගින් ප්‍රතිලාභ ලබා දී ඇති බව එම මණ්ඩලය…