Category Local News

විදුලි ගාස්තුව ගැන කොමිසමේ අවසන් තීරණය 14 වනදා

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව කොමිසමේ අවසන් තීරණය මේ මස 14 වන අඟහරුවාදා ප්‍රකාශය කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එහි අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ, ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව සියයට 6.8කින් ඉහළ නැංවීමට යෝජනා කර ඇති…

අද කාලගුණ නිවේදනය

අද (11) දිනයේ නැගෙනහිර, ඌව, මධ්‍යම යන පළාත්වලත්, පොළොන්නරුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේ ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි…

දිස්ත්‍රික්ක 12ක් මී උණ අධි අවදානම් කලාප ලෙස හඳුනා ගැනේ

මෙරට දිස්ත්‍රික්ක දොළහක් මී උණ (Leptospirosis) ව්‍යාප්ත වීමේ වැඩි අවදානම් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (10) රැස්වූ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, සමගි ජන බලවේගයේ මන්ත්‍රී රෝහණ බණ්ඩාර නැගූ ප්‍රශ්නයකට පිළිතුරු…

කෙහෙළිය ඇතුළු පිරිසගේ නඩුව ජනවාරි 16 යළි කැඳවයි

අල්ලස් කොමිසම විසින් “දූෂණය” නමැති වරද සිදු කළේ යැයි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසට පවරා ඇති නඩුව ඡනවාරි 16 යළි කැඳවීමට ⁣කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (10) නියෝග කළා. නඩුව කැඳ වූ අවස්ථාවේ අල්ලස් කොමිසම සිද්ධිය…

පැහැරගෙන ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඉඟුරුකඩේ හන්දියේ කුණු ඇලක : පොලිසිය පුළුල් විමර්ශනයක්

පැහැරගෙන ගොස් ඇති පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඉඟුරුකඩේ හන්දියේ කුණු ඇළක තිබී හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව කොටහේන පොලිසිය අද(10) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්. ඩී. දර්ශිමා ප්‍රේමරත්න හමුවේ දැන්වුවා. සිද්ධියට අදාළ මළ සිරුර මරණ…

ඖෂධ පරීක්ෂණ ගැන කොළඹ විශ්ව විද්‍යාලයෙන් පැහැදිලි කිරීමක්

කොළඹ විශ්ව විද්‍යාලයේ නම වැරදි ලෙස භාවිත කරමින්, සමාජ මාධ්‍ය ඔස්සේ නොමඟ යවන සුළු ප්‍රචාර ගණනාවක් පැතිර යමින් ඇති බව විශ්ව විද්‍යාලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. විශ්ව විද්‍යාලයේ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු පිළිබඳ නිවැරදි තොරතුරු මහජනතාව වෙත නිකුත්…

මහනුවරදී අතුරුදහන් වූ සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

මහනුවර, තැන්නේකුඹුර පාලම ආසන්නයෙන් අතුරුදන් වූ බවට සඳහන් සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මෘත ශරීරය මහවැලි ගඟේ පාවෙමින් තිබියදී සොයා ගෙන තිබෙනවා. එම මෘත ශරීරය මහවැලි ගඟේ, හාරගම ප්‍රදේශයේ පාවෙමින් තිබියදී සොයා ගෙන ඇති අතර, එලෙස මියගොස් ඇත්තේ 14 හැවිරිදි වියේ…

‍කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා, ලක්ෂ 149 ක් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා, රුපියල් ලක්ෂ 149 ක මුදලක් වංචාකල පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සිංහාරගේ ජනක සිල්වා නම් අයෙකු වන අතර, ඔහු…

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිතුක් කර තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නැගෙනහිර, ඌව, මධ්‍යම පළාත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම…

පුවක්දණ්ඩාවේ සනා සහ ආණ්ඩුවේ සබඳතාව ගැන විමල්ගේ සාක්ෂිය මාධ්‍යයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ පෙනී සිටීම සම්බන්ධව පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ එම කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ…