Category Local News

ශෂීන්ද්‍ර රාජපක්ෂට ඇප

අල්ලස් කොමිසම මගින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටි, හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. සැකකරු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව,…

හිටපු ඇමැති මනුෂගේ ඇප ඉල්ලීම නිෂ්ප්‍රභ කරයි

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් ඉදිරිපත් කළ ඉල්ලීම නිෂ්ප්‍රභ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම විසින් මෙම නියෝගය ලබා දුන්නා. මනුෂ…

කතරගම මැණික් ගඟ අසබඩ පිහිටා ඇති ගොඩනැගිල්ල ගැන ගෝඨා කට අරී

කතරගම මැණික් ගඟ අසබඩ පිහිටා ඇති ගොඩනැගිල්ල තමන්ගේ නොවන බව හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා. සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් හිටපු ජනපතිවරයා සඳහන් කර ඇත්තේ, කතරගම ප්‍රදේශයේ කිසිදු ගොඩනැගිල්ලක් ඉදි කිරීමට හෝ පවත්වා ගෙන යෑමට තමන්ට කිසිදා කිසිදු හේතුවක්…

ලංවිම වර්ජනය අත්හිටුවන්නේ ඉල්ලීම් ලිඛිතව ලැබුණු පසුවයි

තම ඉල්ලීම් සඳහා වන එකඟතා ලිඛිතව ලැබීමෙන් පසු අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවන බව විදුලි වෘත්තිය සමිති පවසනවා.

පාසලක් අසල තිබී උණ්ඩ තොගයක් හමුවෙයි

තලාව, රත්මල්ගහවැව පාර ප්‍රදේශයේ මුදුනේගම පාසල අසල හිස් උණ්ඩ කොපු තොගයක් සහ ජීව උණ්ඩ තොගයක් අද (14) සොයාගෙන තිබේ. පොලීසිය පැවසුවේ අදාළ උණ්ඩ තොගය T-56 වර්ගයේ ගිනිඅවි සඳහා භාවිත කරන උණ්ඩ වන බවය. අදාළ උණ්ඩ තොගය තඹුත්තේගම මූලස්ථාන පොලීසිය විසින්…

බිඳවැටුණූ Online සේවාවන් සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක්

දෙපාර්තමේන්තු 8 ක පමණ බලපෑම් ඇතිකළ මාර්ගගත රජයේ සේවාවන් යථා තත්ත්වයට පත් කිරීම කඩිනම් කිරීම සඳහා අදාළ නිලධාරීන්ගේ විශේෂ රැස්වීමක් අද (14) පැවැත්වේ. අද පෙරවරුවේ එම විශේෂ රැස්වීම පැවැත්වීමට නියමිත බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දී තිබුණි.

රාජ්‍ය ආයතන කිහිපයක මාර්ගගත සේවාවන් ඇනහිටියි

ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud – LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන් වලට තාවකාලිකව බලපෑම් එල්ල වී ඇත. මෙම සේවාවන් අතර, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ උප්පැන්න, විවාහ සහ මරණ (BMD) සහතික…

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 7ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද (13) රාත්‍රී 9 සිට හෙට (14) රාත්‍රී 9 දක්වා වූ ඉදිරි පැය 24 සඳහා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවය. ඒ අනුව විමසිලිමත් විය යුතු…

ශ්‍රී ලංකාවට එන විදෙස් සංචාරකයින්ට ETA අවසර පත්‍රය හෙට සිට අනිවාර්යයයි

ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම විදේශිකයින් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA)ලබාගැනීම අනිවාර්ය කර තිබේ. ඒ අනුව ‍හෙට (15) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම අවසර පත්‍රය ලබාගැනීම අනිවාර්යය කර ඇතැයි වාර්තාවේ. ශ්‍රී ලංකාවට පැමි‍ණීමේ දී නොමිලේ සංචාරක…