Category Local News

ධීවර අමාත්‍යංශයට නව ලේකම්වරයෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස නීතිඥ එම්. ඒ. එල්. එස් මන්ත්‍රීනායක මහතා පත් කර ඇත. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් නීතිඥ එම්. ඒ.…

ඩිජිටල් ආර්ථිකය මඟින් ඉදිරි වසර පහ තුළ අමෙරිකානු ඩොලර් බිලියන 15ක ආදායමක් අපේක්ෂා කරනවා-සියලු වෘත්තීයවේදීන්ට එක්වන්නැයි ජනපති කියයි

දේශපාලන අධිකාරියේ සහ ඩිජිටල් තාක්ෂණවේදීන්ගේ අපේක්ෂා සමපාත වී ඇති මේ අවස්ථාවේ රට ඩිජිටල්කරණය කිරීම සඳහා සියලුම වෘත්තීයවේදීන්ගේ සහයෝගය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ පසුගිය දා ඩිජිටල්…

වෘත්තීය අයිතිවාසිකම් කප්පාදු කිරීම වෘත්තීය සමිති මර්දනය කිරීම නව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නොවේ-ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස

වෘත්තීය අයිතිවාසිකම් කප්පාදු කිරීම හෝ වෘත්තීය සමිති මර්දනය කිරීම නව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නොවන බවත්, සියලු වෘත්තීන්හි වෘත්තියමය ගරුත්වය ආරක්ෂා කරමින් හැකි අයුරින් වෘත්තීය සමිතිවල සාධාරණ ඉල්ලීම් ඉටු කිරීමට ආණ්ඩුව කැපවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.…

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ගල්කිස්ස සහ රත්මලාන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී යාම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි වාර්තා වේ. කොළඹ කොටුව දක්වා පැමිණෙන දුම්රියන් මෙලෙස ප්‍රමාද වී ධාවනය වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. කෙසේවෙතත්, කොළඹ කොටුව දක්වා…

පාසල් නිල ඇඳුම් රෙදි ලබාදීමේ දී ඇතිවන නාස්තිය අවම කර ගැනීමට කටයුතු කරනවා

පාසල් නිල ඇඳුම් රෙදි ලබාදීමේ දී ඇතිවන නාස්තිය අවම කර ගැනීම සඳහා ලබන වසරේ සිට පාසල් නිල ඇඳුම් මසා ලබා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු…

පොලොන්නරුවේ වී මෝල් නිරීක්ෂණයට පාරිභෝගික අධිකාරිය යයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේ දී ගනු ලැබූ තීරණවලට සහ ලබාදුන් උපදෙස් පරිදි, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පිරිසක් ඊයේ (08) පෙරවරුවේ දී පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ වී සහ සහල් නිෂ්පාදන කරන ව්‍යාපාරික ස්ථාන…

උතුරු නැගෙනහිර වැසි වැඩිවෙන ලකුණු

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිර-වයඹ දෙසට ගමන් කරමින් දෙසැම්බර් 11 වනදා පමණ ශ්‍රී ලංකා-තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි . මෙම…

සතොසෙන් සතියකට පොල් ලක්ෂ හතක්-සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා

ලංකා සතොස හරහා පාරිභෝගික ජනතාවට පොල් අලෙවි කිරීම සඳහා සතියකට පොල් ගෙඩි ලක්ෂ හයත් හතත් අතර ප්‍රමාණයක් බෙදා හරින බව සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා ‘දිනමිණ‘ට පැවසීය.කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට බෙදා හැරීම සඳහා රජයේ වතු හතරට අයත් ශාඛා සමිතිවලින්…

ද්වීපාර්ශ්වික සහයෝගිතා වර්ධනයට අවධානය-වෙසක් උත්සවය ඒකාබද්ධව සැමරීමටත් යෝජනාවක්

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්වීපාර්ශ්වික සහයෝගිතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දෙරටේ අවධානය යොමුව තිබේ. තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි විජයන්ති එදිරිසිංහ මහත්මිය බැංකොක් නගරයේදී, බැංකොක් ආණ්ඩුකාර චැඩ්චට් සිටිපුන්ට් මහතා හමුවූ අවස්ථාවේ ශ්‍රී ලංකාව සහ බැංකොක් අතර සහයෝගිතාව වර්ධනය කරගත හැකි ක්ෂේත්‍ර…

බීමතින් අනතුරක් සිදු කිරීම ලොහාන් අද දක්වා රක්ෂිතයට

බීමතින් ඩිෆෙන්ඩර් රථයක් ධාවනය කර කොල්ලුපිටිය ප්‍රදේශයේදී මෝටර් රථයක ගැටී අනතුරක් සිදු කළැයි කියන සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා අද (09) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේය.…