Category Local News

සංචාරක පැමිණීම ලක්ෂ 18 ඉක්මවයි

2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 18 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඉකුත් ඔක්තෝබර් 15වනදා වනවිට මෙරටට පැමිණි සංචාරකයින් පිළිබඳ නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් මේ බව තහවුරු කර තිබේ. එම සංඛ්‍යාලේඛන…

දීපාවලි වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා – ලංකා ගමනා ගමන මණ්ඩලය

දීපාවලි උත්සවය වෙනුවෙන් ගමිබිම් බලා ජන ජනතාවගේ පහසුව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබේ.‍ ඒ වෙනුවෙන් පිටකොටු බෝධිරාජ මාවත බස් පර්යන්තයේ සිට හැටන්, බදුල්ල, නුවරඑළිය , මස්කෙලිය, නානුඔය හා යාපනය ඇතුළු ප්‍රදේශවලට අද (18) දිනයේ අතිරේක බස් රථ 75 ක්…

අධිකරණවල ගොඩගැසී ඇති නඩු භාණ්ඩ නිශ්කාශනය කඩිනම් කරන්නැයි උපදෙස්..

අධිකරණවල ගොඩගැසී ඇති නඩු භාණ්ඩ ලබන දෙසැම්බර් 31 වැනි දිනට පෙර නිශ්කාෂණය කළ යුතු බවට අධිකරණ සේවා කොමිෂන් සභාව අධිකරණ නිළධාරින් වෙත දැනුම් දී තිබේ. එහි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඩී.එම්.ජේ.දිසානායක මහතා චක්‍රලේඛයක් මගින් සියළුම මහාධිකරණ විනිසුරුවන් හා අධිකරණ නිලධාරීන් වෙත…

රත්මලානේ කඩ සාප්පු සංකීර්ණයක ගින්නක්

රත්මලාන බෙලෙක්කඩේ මංසන්ධියේ කඩ සාප්පු සංකීර්ණයක ගින්නක් හට ගෙන තිබේ. එම කඩ සාප්පු සංකීර්ණයේ තිබූ වලං කඩයක්, සිංහල බෙහෙත් බඩු කඩයක් ඇතුළු කඩ සාප්පු කිහිපයක් මෙම ගින්නෙන් විනාශ වී ඇති බව වාර්තා වේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා දෙහිවල, ගල්කිස්ස සහ…

දිස්ත්‍රික්ක 11කට නිකුත්කළ නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 11කට නිකුත්කර තිබූ නායයෑම් අනතුර ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබේ. පවතින වර්ෂාපතනය හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ අනාවැකිය සැලකිල්ලට ගෙන මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීම දීර්ඝකළ බව එම සංවිධානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා මේ…

ප්‍රකාශයක් දෙන්න නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස පොලීසියට

ප්‍රකාශයක් ලබාදීම සඳහා නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ගල්කිස්ස පොලීසිය වෙත පැමිණි තිබේ. ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ දී පොලිස් කොස්තාපල්වරයෙකුට බැන තර්ජනය කරමින් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අදාළව ඔහු මෙලෙස ප්‍රකාශයක් ලබාදීම සඳහා ගල්කිස්ස පොලීසිය වෙත පැමිණ ඇත.

කළුතර බන්ධනාගාරයේ ජේලර්වරයෙකු අත්අඩංගුවට

කළුතර බන්ධනාගාරය තුළ රඳවා සිටින රැඳවියෙකුට මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන ලබාදීම සඳහා කාන්තාවකට ආධාර අනුබල ලබාදුන් බව කියන බන්ධනාගාර ජේලර්වරයෙකු කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගත් ‍ජේලර්වරයා වස්කඩුව ප්‍රදේශයේ පදිංචි, 53 හැවිරිදි අයෙක් බවයි පොලීසිය පවසා…

අධික වර්ෂාපතනය නිසා රාජාංගනය සහ අංගමුව ජලාශයේ වාන් දොරටු කීපයක් විවෘත කෙරේ

පවතින අධික වර්ෂාපතනය හමුවේ රාජාංගනය ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. වර්ෂාපතනය සමග එම ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යන බැවින් මෙම පියවර ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ හේතුවෙන්, එම ජලාශයන්…

ඉෂාරා සෙව්වන්දිට නවාතැන් දුන් පුද්ගලයින් කිහිපදෙනෙක් CCD අත්අඩංගුවට

නේපාලයේ සිට අත්අඩංගුවට ගෙන රැගෙන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකාවක් වන ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දුන් බව කියන, අලුත්ගම පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන…

අද කාලගුණ නිවේදනය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැකි අතර, බස්නාහිර…