Category Local News

අයිස් මත්ද්‍රව්‍ය සිද්ධියට හිටපු ප්‍රාදේශීය සභා පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණයක් මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා සභිකයෙකු වන පියල් මනම්පේරි අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ළඟ තබා…

මීගමුව ප්‍රදේශයේ වෙඩි තැබීමක්

මීගමුව, කුට්ටුදූව ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු නිවසකට වෙඩිතබා පලාගොස් තිබෙනවා. අද අලු‍යම සිදුවූ මෙම වෙඩිතැබීමෙන් කිසිවෙකුට තුවාල සිදුව නොමැති බව සඳහන්. පොලිසිය කියා සිටියේ නිවසේ ජනේලයකට වෙඩි තැබීමෙන් හානි සිදුව ඇති බවයි. මුදල් ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුකර ඇති…

රයිස්, කොත්තු මිල රුපියල් 25 කින් අඩු කෙරේ

ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආහාර වර්ග කිහිපයක මිල පහත දමා ඇති  බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයන් හි මිල අඩුවීම හේතුවෙන් එම සහනය පාරිභෝගික ජනතාවට ලබාදීම සඳහා මෙලෙස ආහාර වර්ග…

උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (05)  ප.ව. 04.00ට නිකුත් කරන ලද එම නිවේදනය 06 දිනය දක්වා වලංගු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල සහ හම්බන්තොට…

ඇල්ල අනතුරෙන් මිය ගිය අය වෙනුවෙන් ලක්ෂ 10 ක වන්දියක්

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ  ඊයේ (04) රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ එක් අයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින්  ලබා දීමට ජනාධිපති අරමුදල තීරණය කරයි.

පාරිභෝගික අධිකාරිය සහල් මාෆියාවට ඉගැන්වූ පාඩම

සහල් මාෆියාව මර්දනය කිරීමට සිදුකළ වැටලීම්වලින් රජයට රුපියල් නමකෝටි පනස් ලක්ෂයක ආදායමක් ලැබී ඇති බව පාරිභෝගික අධිකාරිය පවසනවා. මෙම වැටලීම්වලින් බහුතරය ගම්පහ කොළඹ දිස්ත්‍රික්ක පදනම් කරගෙන ක්‍රියාත්මක කළ බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරන්නේ. මෙම වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා…

පොලිස් විශේෂ මෙහෙයුම යටතේ පුද්ගලයින් 724 දෙනෙකු අත්අඩංගුවට

අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළව දිවයින පුරා සිදුකරන විශේෂ මෙහෙයුම යටතේ සැකපිට පුද්ගලයින් 724 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම, 26 දෙනෙකු අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත පුද්ගලයින් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ. ඊයේ කළ මෙම මෙහෙයුමට අදාළව බීමත් රියදුරන් 47…

හිටපු ක්‍රිකට් නායක රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා කවුන්සිලයෙන් ඉල්ලා අස්වෙයි

හිටපු ක්‍රිකට් නායක රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා කවුන්සිලයෙන් (NSC) ඉල්ලා අස්වී තිබෙනවා. 2025 පෙබරවාරි 14 දිනැති ලිපියක් මගින් 2025-2028 කාලය සඳහා ඔහු ජාතික ක්‍රීඩා කවුන්සිලයට පත් කරන ලද අතර, 2025 පෙබරවාරි 20 වන දින නිල වශයෙන් ඔහු එම තනතුර පිළිගෙන…

ඇල්ලේ බිහිසුණු බස් අනතුර සම්බන්ධයෙන් විපක්ෂනායකවරයාගේ ශෝකය

ඇල්ල ප්‍රදේශයේ ඊයේ (04) සිදු වූ මාරක රිය අනතුර පිළිබඳ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සිය ශෝකය පළකරමින් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. අනතුරින් මියගිය තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුළු සියලු ම දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුවය…

මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් ජනපතිගේ පණිවිඩය

සමාජයේ ඇති නැති පරතරය සහ දුරස් බව මුලිනුපුටා දමා සමානාත්මතාව මිනිස් හදවත්හි රෝපණය කිරීමට අරගලයක් දියත් කළ නබිනායකතුමන්ගේ ආදර්ශය, වත්මනෙහි අප හමුවේ ඇති සමාජමය අභියෝග ජය ගනිමින් සමනාත්මතාවෙන් සපිරි, නීතිගරුක සහ සාරධාර්මික රටක් ගොඩනැඟීමට දරන ප්‍රයත්නයේදී නොනිමෙන ආලෝකයක් සපයන බව…