Category Local News

ලබාදුන් බලය ඇතුළේ ජනතාවගේ පරීක්ෂාවට අප නිරතුරුවම භාජනය වනවා-35 වැනි ඉල්මහ විරු සමරුවට එක් වෙමින් ජනපති අනුර කියයි

ඉල්මහ විරුවන්ගේ සුවිශේෂ ලක්ෂණය අරමුණු අත්හැර සුවපහසු පාරක් තිබියදී අරමුණු වෙනුවෙන් දුෂ්කර පාරක් තෝරාගැනීමයි අපට දුන් බලය ඇතුළේ අප මහජනතාවගේ පරීක්ෂාවට භාජනය වන බවත්, නිර්මාණය කරන බලය විසින් සිතු දේ රිසි පරිදි කළ හැකිය යන මනෝභාවයෙන් කටයුතු කළ හොත් ඒ…

ගාල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ ගාල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ. ඒ අනුව ජාතික ජන බලවේගය – 32,296 ක් ලබාගෙන ඇති අතර සමගි ජන බලවේගය – 3,523 ක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  ඡන්ද 1,964  ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ…

දිස්ත්‍රික්ක පුරා ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් නිකුත් වෙයි

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ  පස්වරු 4.00 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් ප්‍රකාශයට පත් කර තිබෙයි. දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී ඡන්ද විමසීම අද (14) පෙරවරු 7ට ආරම්භ වූ අතර එම කටයුතු පස්වරු 4ට අවසන් කෙරුණි. 2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව…

තැපැල් ඡන්ද ගණනය කිරීම ඇරඹෙයි

තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වනවිට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලදී ආරම්​භ කර තිබෙනවා. මෙවර තැපැල් ඡන්ද භාවිතය සඳහා ඡන්ද දායකයින් 738,050ක් සුදුසුකම් ලබා තිබුණා.

මහ මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් නිකුත් කෙරේ

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද සවස 4 ට අවසන් වුණා. ඒ අනුව ​මේ වන විට දිස්ත්‍රික්ක කිහිපය​ක ඡන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතයන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. අදාළ ප්‍රතිශතයන් පහතින්. කොළඹ දිස්ත්‍රික්කය – 65% නුවරඑළිය දිස්ත්‍රික්කය – 68% කුරුණෑගල දිස්ත්‍රික්කය –…

මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අවසන්

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද(14) පස්වරු 04 ට අවසන් විය. අද උදෑසන 7ට ඡන්ද විමසීම ආරම්භ කෙරුණු අතර, මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතරකි. දිවයින පුරා ඡන්ද…

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජනපති කිව්ව කතාව

ශ්‍රී ලංකාවේ දස වැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමේ, 2024 මහ මැතිවරණයට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මරදාන පංචිකාවත්ත අබේසිංහාරාමයේදී අද (14) පෙරවරුවේ සිය ඡන්දය ප්‍රකාශ කළේය . සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ…

පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරන වේලාව මැකො කියයි

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු මැතිවරණ නිල ප්‍රතිඵලය රාත්‍රී 10.00 වන විට නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම දිවයින පුරා මධ්‍යස්ථාන 13,314 කදී පෙරවරු 7 ට ආරම්භ වූ අතර පස්වරු…

ආරුගම්බේවලට පැනවූ අනතුරු ඇඟවීම ඊශ්‍රායලයත් ලිහිල් කරයි

ආරුගම් බොක්ක ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රදේශ සඳහා නිකුත් කර තිබූ සංචාරක අනතුරු ඇඟවීම් ඊශ්‍රායලය විසින් ලිහිල් කර තිබේ. ඊශ්‍රායල ජාතික ආරක්‍ෂක කවුන්සිලය පැවසුවේ, තර්ජන මට්ටම රටේ නිරිත දෙසින් 4 (ඉහළ) මට්ටමේ සිට සහ ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රදේශවල 3 (මධ්‍යස්ථ) මට්ටමේ…

මැතිවරණ රාජකාරියේ යෙදී සිටි දෙදෙනෙක් හදිසියේ මිය යයි

ඡන්ද මධ්‍යස්ථාන වල කටයුතු කළ නිලධාරීන් දෙදෙනෙකු ඇති වු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ කැස්බෑව ඡන්ද මධ්‍යස්ථානාධිපතිනියක ලෙස කටයුතු කළ තැනැත්තියක් හදිසි අසනීප තත්ත්වයක්…