Category Local News

ප්‍රදේශ කිහිපයකට පස්වරු 2න් පසුව වැසි

දිවයිනේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද වාර්තා…

දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ දැනුම්දීම අද

මෙම වසරේ දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය අද (30) දැනුම්දීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් මෙම ගාස්තු සංශෝධනය පිළිබඳව  දැනුම්දීමට නියමිතව ඇත. ඒ අනුව අද පස්වරු 2.00ට පමණ දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව…

දුරදිග ගිය ආරවුල පුද්ගලයෙකුට දිවි අහිමි කරයි

පිංවත්ත, ලෙස්ලි ගුණවර්ධන මාවත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 37ක් වූ පිංවත්ත, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ පුද්ගලයා හා අසල්වැසි නිවසක පුද්ගලයෙකු අතර ඇති වූ බහින්…

මාලිමා මන්ත්‍රී පැදවූ මෝටර් රථය තාප්පයක ගැටෙයි

ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් ෆයිසාල් මහතා පැදවූ මෝටර් රථය හලාවත බණ්ඩාරවත්ත වංගුවේදී  මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. මෙම අනතුරින් මෝටර් රථයට හා තාප්පයට බරපතළ හානි සිදුව ඇති බවද වාර්තා වේ. ඊයේ රාත්‍රී 11.45ට…

ගණේමුල්ලේ දී මත්ද්‍රව්‍ය සමග දෙදෙනෙකු අත්අඩංගුවට

ගණේමුල්ල ප්‍රදේශයේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසින් සැකකටයුතු යතුරුපැදියක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය.…

දිවයිනේ ප්‍රධාන නගර 10 ක් ඒකාබද්ධ සැලසුමක් යටතේ සංවර්ධනය කිරීමට රජයෙන් පියවර

2026 වසර සඳහා වන රාජ්‍ය අයවැය යෝජනාවලියට අනුව, දත්ත මත පදනම් වූ විධිමත් ප්‍රවේශයක් ඔස්සේ දිවයිනේ ප්‍රධාන නගර 10ක් සංවර්ධනය කිරීමේ දැවැන්ත වැඩසටහනක් රජය විසින් ආරම්භ කර ඇත. මෙම “නගර 10 සංවර්ධන වැඩසටහන” (10 Cities Development Program) ක්‍රියාත්මක කිරීම පිළිබඳ…

ඉන්දියාවෙන් මෙරටට එවූ ඉන්ධන නැවට ජනපතිගෙන් තුති

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර සිදුවූ දුරකථන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස මෙරටට පැමිණි ඉන්ධන නෞඛාව සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ස්තූතිය පළ කර තිබේ. සිය X ගිණුමේ සටහනක් තබමින් අනුර කුමාර දිසානායක මහතා…

කහවත්තේ මැණික් ව්‍යාපාරිකයෙක් අතුරුදන්

කහවත්ත, නීලගම මාර්ගයේ දී මැණික් ව්‍යාපාරිකයෙකු අබිරහස් ලෙස අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කහවත්ත පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙලෙස අතුරුදන්ව ඇත්තේ කහවත්ත කට්ටංගේ ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි දෙදරු පියෙකි. ඊයේ (28) දහවල් කාලයේ දී මෙම මැණික් ව්‍යාපාරිකයා කහවත්ත – නීලගම මාර්ගයේ…

උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

හෙට (30 ) දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ”අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව දැනුම් දී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත්…

ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යථා තත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මාර්තු 23, 24, 26 යන තෙදින තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවය සඳහා බත්තරමුල්ල…