Category Local News

ඇල්ල-වැල්ලවාය අනතුරෙන් ජීවිත බේරාගත් විශේෂ බළකා වීරයාට හමුදාපතිගෙන් පැසසුම්

ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල අසලදී පසුගියදා (04) සිදු වූ බස්රථ අනතුරෙන් විපතට පත්වූ මගීන් බේරාගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 2 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.එම්.වී.එම්. බණ්ඩාරව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා අගය කරයි. එම මගීන් මුදවා…

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුව අත්හිටුවයි

කොළඹ සහ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 09ක කාලයක් ජල සැපයුම කප්පාදු කරන බවට කළ නිවේදනය අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩල තීරණය කර තිබෙනවා. ඒ, ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්. කොළඹ 01 සිට කොළඹ…

හිටපු ජනපති ජේ. ආර්. ජයවර්ධන 119 වැනි ජන්ම දින සැමරුම අද

හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ 119 වැනි ජන්ම දින සැමරුම අද (17) පැවැත්වෙනවා. මෙම උත්සවය කොළඹ පිහිටි ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි. සමරු දේශනය ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු විසින් සිදු කරනු ලබන අතර, උත්සවය සංවිධානය…

පදික මාරුවක් අසල සිදුවූ අනතුරකින් මාස 03 ක දරුවෙක් මරුට

පෑලියගොඩ පොලිස් වසමේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ රෝහණ විහාරය අසලදී කොළඹ දෙස සිට නුවර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් පදික මාරුව අසල නවතා තිබූ යතුරුපැදියක හා කාර් රථයක ගැටී ඊයේ  (16) සවස අනතුරක් සිදුව ඇත. අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කළ…

‘ඇතැම් මැති ඇමතිවරු පාතාලයෙන් මාස්පතා සල්ලි අරන්‘ – ජනපතිගෙන් අනාවරණයක්

නීතියේ බිඳවැටීම තුළ පැවැති දේශපාලන සංස්කෘතියේ පිරිහීම විසින් සන්නද්ධ සංවිධානාත්මක අපරාධ කල්ලිවලට අප රට විශාල ගොදුරක් බවට පත් කර තිබුණු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කරයි. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට…

තර්ජනය කර කප්පම් ගත් පුද්ගලයෙක් කිරිවත්තුඩුවේදී අත්අඩංගුවට

වෙඩි තබන බවට තර්ජනය කර, බිය ගන්වමින්, කප්පම් ගැනීමේ නිරතව සිටි පුද්ගලයෙක් කිරිවත්තුඩුව, මිල්ලගහවත්ත ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු විසින් සිදු කළ වෙඩි තැබීමකින් අවුරුදු 49 ක කාන්තාවක් තුවාල ලබා කහතුඩුව, වෑතර දිසා රෝහලට ඇතුළත් කර ඇති බවද…

මධ්‍යම කඳුකරයේ රථවාහන ධාවනය ගැන අනතුරු ඇඟවීමක්

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (16) රාත්‍රියේ සිට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව සහ ඝන මීදුම් තත්ත්වය හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. ඒ අනුව, හැටන් – නුවරඑළිය, හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගවල…

වසන්ත, වටගල, බිමල්, හඳුන්නෙත්තිගේ වත්කම් ගැන පරීක්ෂණයක් ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර විසින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව, වසන්ත සමරසිංහ, සුනිල් වටගල, බිමල් රත්නායක, කුමාර ජයකොඩි, සුනිල් හඳුන්නෙත්ති…

විදුලි සේවකයන් අද සහ හෙට ලෙඩ නිවාඩු වාර්තා කරයි

ලංකා විදුලිබල මණ්ඩල සේවකයන් විසින් අද (17) සහ හෙට (18) ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නිසි පරිදි සිදු කරන ලෙස ඉල්ලා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.…

කීරි සම්බා මෙට්‍රික් ටොන් 40,000ක් ගෙන්වීමට සැලසුම්

වෙළෙඳපොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට රජය මැදිහත් වෙමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. අස්වනු සම්බන්ධයෙන් තබන ලද ඉලක්කවලට ගොවීන් ළඟා වී ඇති නමුත්, වගා කිරීමේදී කීරි සම්බා වගා කර ඇත්තේ 7% ක් පමණක් බවත්, කීරි…