Category Local News

නායයෑම් නිසා විනාශ වූ නාවලපිටිය – මහනුවර ප්‍රධාන මාර්ගය අද සිට ගමනාගමනයට යළි විවෘත වෙයි

පසුගියදා බලපෑ අයහපත් කාලගුණයෙන් විනාශයට පත් වූ නාවලපිටිය – මහනුවර ප්‍රධාන මාර්ගය අද සිට යළි ගමනාගමනයට විවෘත කර තිබෙනවා. ඒ අනුව, සර්ව ආගමික වතාවත් මැද, අද උදෑසන එම මාර්ගය යළි විවෘත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

පාසල් යළි හෙට විවෘත වෙයි

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පාසල් හෙට (16) දිනයේදී යළි ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, පාසල් ආරම්භ කිරීමට අදාළ කටයුතු සූදානම් කිරීම සඳහා විදුහල්පතිවරු, ගුරුවරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පිරිස් අද (15) කැඳවීමට පියවර ගෙන…

පුරාවස්තු සොයා කැණීම් කළ 06 දෙනෙක් පොලිස් අත්අඩංගුවට

පුදුකුඩිඉරිප්පු, දේවී පුරම් ප්‍රදේශයේ දී පුරාවස්තු සෙවීමේ අරමුණින් ඉඩමක කැණීම් කරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙක් හා සැකකාරියන් දෙදෙනෙක් කැණීම් උපකරණ සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 35 – 48 අතර වයස්වල පසුවන, අනුරාධපුර, ඉනාමළුව, මොරගොඩ හා…

අශෝක රන්වලගේ වෛද්‍ය වාර්තාව මෙතෙක් ලැබී නැහැ – පොලීසිය

රිය අනතුරක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලගේ වෛද්‍ය වාර්තාව මෙතෙක් පොලීසිය වෙත ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසනවා. එසේම රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව ද මේ සමඟ ගෙන්වා ගන්නා බවත්, එම…

රුපියල් කෝටි 21 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය සමග එක් පුද්ගලයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙක් කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, මෙම සැකකරු මෙරට ප්‍රධානම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බවයි පොලීසිය…

දෙසැම්බර් මාසයට වාර ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට නොහැකි වූ පාසල් සිසුන්ට සහනයක්

දෙසැම්බර් මාසය සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර ප්‍රවේශ පත්‍රය (සීසන්) මිල දී ගැනීමට නොහැකි වූ පාසල් සිසුන්ට සහනයක් ලබාදීමට තීරණය කර ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. ඒ අනුව, එම පාසල් සිසුන් සඳහා බාධාවකින් තොරව නොවැම්බර් මාසය…

පීඩාකාරී හා අවදානම් සහගත ලෙස යතුරුපැදි සහ ත්‍රිරෝද රථ පැදවූ 18 ක් පොලිස් අත්අඩංගුවට

මහරගම, පන්නිපිටිය, හයිලෙවල් මාර්ගයේ පීඩාකාරී අන්දමින් හා අවදානම් සහගත ලෙස යතුරුපැදි සහ ත්‍රිරෝද රථ පැදවූ පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, මහරගම පොලීසිය විසින් තරුණයන් 18 දෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. අදාළ තරුණයන් මුදල් ඔට්ටු…

අද කාලගුණ නිවේදනය

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු…

චන්ද්‍රිකා දුන්නේ බණ්ඩාරනායක පදනමට ලැබෙන මුදල්නේ, මට එහෙම මුදල් ලැබෙන පදනමක් නෑ – මෛත්‍රී

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක ලබා දුන්නේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව හරහා බණ්ඩාරනායක පදනම වෙත ලැබෙන මුදල් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඒ අනුව තමන්ට එලෙස මුදල් එකතු වන පදනමක් නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

පොහොට්ටුවේ හා වර්තමාන ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරු දෙදෙනෙක් මරණ තර්ජනයකට අධිකරණයට

පිස්තෝලයක් ඔලුවට තබා මරණ තර්ජනය කර හා පහරදිමේ සිද්ධියට සම්බන්ධයෙන් මන්ත්‍රිවරු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙයි. මෙම සිද්ධියට අදාළ මන්ත්‍රි වරුන් දෙදෙනා සපුගස්කන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම සිද්ධිය සම්බන්ධව  අත්අඩංගුවට ගෙන තිබෙන්නෙ හිටපු පොහොට්ටුවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි වරයෙක් සහ…