Category Local News

උණුසුම් කාලගුණය තවදුරටත්

දිවයිනේ පවතින උණුසුම් කාලගුණය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස්කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන…

මැති ඇමතිවරුන්ගේ ඉන්ධන කෝටාව ස්වෙච්ඡාවෙන්ම තුනෙන් එකකින් අඩු කරගෙන

අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ඉන්ධන කෝටාව තුනෙන් එකකට වැඩි ප්‍රමාණයකින් ස්වෙච්ඡාවෙන්ම අඩුකරගෙන ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, බලශක්ති අර්බුදය හේතුවෙන් රටට ජනතාවට පූර්වාදර්ශයක් සැපයීම සඳහා සියලු අමාත්‍යවරුන්…

රුසියානු නියෝජ්‍ය විදේශ ඇමති අද දිවයිනට

රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ (Andrey Rudenko) අද (31) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ශ්‍රී ලංකාව සහ රුසියාව අතර 11 වන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන රැස්වීමට සහභාගීවීමේ අරමුණින් ඔහු දිවයිනට පැමිණෙන බවය. දිවයිනට පැමිණෙන රුසියානු…

බස් රථයක ගැටී පුද්ගලයෙකු මරුට

කෑගල්ල, මොලගොඩ ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කෑගල්ල කොළඹ මාර්ගයේ කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක, මාර්ග හරහා ගමන් කළ පදිකයෙකු ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ පදිකයා කෑගල්ල රෝහලට…

වත්කම් හා බැරකම් ප්‍රකාශ නිකුත්කිරීම මින් ඉදිරියට Online ක්‍රමයට

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා අද (31) දිනයේ සිට මධ්‍යගත ඉලෙක්ට්‍රොනික් පද්ධතිය විවෘත කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා සඳහන් කළේ, ඒ අනුව අද දිනයේ සිට වත්කම් සහ…

GMOA වර්ජනය අද උදෑසන 8 සිට

නීතීවිරෝධී ලෙස වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සිදුකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ, අද (31) පෙරවරු 8 සිට මෙම වැඩවර්ජනය…

හෙට උදෑසන 8.00 සිට එක්දින සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරනවා – GMOA

හෙට උදෑසන 08.00 සිට එක් දින දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. කිසිදු විමසීමකින් තොරව නීතිවිරෝධිව දේශපාලනික අරමුණකින් යුතුව වෛද්‍ය ස්ථාන මාරුකිරීම් සිදුකර ඇති බවත්, මෙම ස්ථාන මාරුකිරීම් හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි…

විදුලි ගාස්තු ඉහළ​ට

විදුලි ගාස්තු වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමැතිය ලබාදී තිබෙනවා. මහජන උපයෝගීතා කොමිසම විසින් මේ වන විට කැඳවා ඇති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කරනු ලැබුවා. අදාළ වැඩි කිරීම් පහතින්. * ඒකක 30 ට අඩු – 4.3% කින් ඉහළට…

පසුගිය වසර තුන තුළ දරුණු ගණයේ අපරාධකරුවන් 30 ක් දිවයිනට රැගෙනවිත් තිබෙනවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

පසුගිය වසර තුනක කාලය තුළ දරුණු ගණයේ අපරාධකරුවන් 30 දෙනකු මෙරටට රැගෙන ඒමට සමත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසනවා. ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව ද සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබී ඇති බවත්, ඒ අනුව…

වියළි කාලගුණය නිසා ඉදිරි සති කිහිපයේදී ජල සැපයුම දිනකට පැය කිහිපයකට සීමා කිරීමට සිදු විය හැකියි – ජල සම්පාදන මණ්ඩලය

පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමඟ ජල ඉල්ලුම ඉහළ යාම හේතුවෙන්, ඇතැම් ප්‍රදේශවලට ජලය සම්පාදනය කිරීමේදී ගැටලු මතුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර පවසනවා. ඉදිරි සති දෙක තුනක කාලය තුළ පවතින කාලගුණික තත්ත්වය සලකා…