Category Local News

ආධාර හෝ මුදල් ඉල්ලන ව්‍යාජ ප්‍රචාරයන්ට රැවටෙන්න එපා

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුම‍ාර ජයකොඩි මහතාගේ ජායාරූපයක්ද භාවිත කරමින් ව්‍යාජව සකසන ලද වට්ස්ඇප් (WhatsApp)  අංකයක් හරහා දිත්වා සුළි කුණ‍ාටුවෙන් හානි වූ පාසල් සඳහා යැයි පවසමින් ආධාර හා මුදල් එකතුකිරීමේ කූඨ උත්සාහයක් පිළිබඳව දැනගන්නට ලැබී ඇති බව අමාත්‍යාංශය නිවේදනය කරයි. මේ…

අකුරේගොඩ දී නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම හෙළාදකිමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ඊයේ (13) පස්වරුවේ තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ ඛේදජනක සිදුවීම ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) විසින් දැඩි ලෙස හෙළාදකින බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසනවා. නීතියේ ආධිපත්‍යයට මෙවැනි ප්‍රහාර බරපතළ තර්ජනයක්…

පින්නවල අලි අනාථාගාරය 51වන සංවත්සරය සමරයි

වර්තමානයේ පරිසර අමාත්‍යාංශයේ විෂය පථයට අයත් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පින්නවල අලි අනාථාගාරය 2026 පෙබරවාරි 16 වැනිදාට සිය 51 වන සංවත්සරය සමරයි. 1975 පෙබරවාරි 16 වන දින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් “කුමාරි”, “නිලා”, “කදිරා”, “විජය” සහ “මාතලී” යන…

ජනපති හා ධීවරයින් අතර හමුවේදී සාකච්ඡා මාර්ගයෙන් වඩාත් සුදුසුම විසඳුම් යෝජනා කර ගැනීමට එකඟතාව පළවේ

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිටි මාදැල් ධීවරයන් අතර සාකච්ඡාවක් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. වින්ච් ක්‍රමවේදය භාවිතා කරමින් ඉදිරියට පත්වාගෙන ආ මාදැල් ධීවර කර්මාන්තය ආශ්‍රිතව මේ වන විට මතුව ඇති තත්ත්වය පිළිබඳ…

අද කාලගුණ නිවේදනය

මධ්‍යම සහ ඌව පළාත්වලත්, අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර, ඌව සහ මධ්‍යම පළාත්වලත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ක පමණ තරමක් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…

අකුරේගොඩ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කරමින් සිටි දෙදෙනෙකු ජීවිතක්ෂයට

අකුරේගොඩ දී සිදුකළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කරමින් සිටි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. වෙඩි වැදීමෙන් එම මෝටර් රථයේ සිටි දෙදෙනා එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර, වෙඩික්කරුවන් පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ට හැඳුනුම්පත් සම්බන්ධයෙන් දැනුම් දීමක්

එළැඹෙන 17 වැනි දින පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබා නොගත් පාර්ශ්වයන් සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව, එම…

ඔබේ ජංගම දුරකථනය අස්ථානගත වුණාද? සොරකම් කරාද?  ගතයුතු ක්‍රියාමාර්ග මෙන්න

ජංගම දුරකථන අස්ථානගතවීමකදී හෝ සොරකම් කිරීමකදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව පොලීසිය විසින් මහජනතාව වෙත දැනුම්දීමක් සිදුකර තිබේ. නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් මෙම දැනුම්දීම සිදුකර ඇත. එහිදී තෙවන පාර්ශ්වයකට ජංගම දුරකථනය නීතිවිරෝධි, සමාජ විරෝධි සහ අනීතික කටයුතු සඳහා යොදා ගැනීමේ…

කාන්තාවන් රවටා මුදල් වංචාකළ දෙදෙනෙකු අත්අඩංගුවට

මුදල් වංචා කිරීම් දෙකකට සම්බන්ධ බවට සැකපිට සැකකාරියක් හා සැකකරුවෙකු වයඹ පළාත් පරිඝණක අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අන්තර්ජාල ව්‍යාපාරයක් මගින් මුදල් උපයා ගත හැකි බව පවසා කාන්තාවන් රවටා මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් ලද පැමිණිලි මත සිදුකළ විමර්ශනයකින්…

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක අල්ලස් දැලේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කාර් පැවරුම් අංශයේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (12) මෙම සැකකාරි අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය වාර්තමානයේ මුදල් අමාත්‍යාංශයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු…