Category Local News

කොළඹ කොටස් වෙළඳපොලේ වාර්තාගත අගයක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (21) දිනය අවසන් වන විට නව වාර්තාගත මට්ටමක් කරා ළඟා වී තිබෙනවා. කොටස් වෙළෙඳපොළ වාර්තා කළ අන්දමට, ASPI දර්ශකය අද දිනය අවසන් වන විට ඒකක 70.38කින් (0.37%) ඉහළ ගොස්, 19,044.08ක අගයකින්…

අදූරදර්ශී අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකින් සිසු පරපුර විනාශ වෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රජය අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි සිදු කරන ප්‍රතිසංස්කරණ යෝජනා නිසා මෙරට දරුවන්ගේ අනාගතය විනාශ වන බවත්, ඒවා අදූරදර්ශී සහ ජනතාවගේ අපේක්ෂාවන්ට ව්‍යතිරේක බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසනවා. විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ “ගමින් ගමට, නගරයෙන් නගරයට – දොරෙන් දොරට”…

බිත්තර තොග මිල පහළට

බිත්තර තොග මිල අද (21) සිට පහත දමා ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය සදහන් කරයි. ඒ අනුව රතු බිත්තරයක මිල රු. 29ක් සහ සුදු බිත්තරයක මිල රු. 27 ක් බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය ප්‍රකාශ කර සිටී.

අස්වැසුම ප්‍රතිලාභ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය අදින් අවසන් වෙයි

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ වැඩසටහන සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය අද (21) අවසන් වන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ අනුව, අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් 30,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ලැබී ඇති බවයි සඳහන් වෙන්නේ. අදාළ අභියාචනා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට…

මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට තවත් නඩුවකට අදාළව අධිචෝදනා

සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම්, විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට එරෙහි තවත් නඩුවකට අදාළව අද (21) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදී තිබෙනවා. ඉන් අනතුරුව,…

කෑගල්ලේ බස් රථ දෙකක් ගැටී 25 ක් රෝහලට

කෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාල ලැබූවන් කෑගල්ල සහ වරකාපොළ රෝහල් වෙත ඇතුළත්කර ඇති බවයි සඳහන් වෙන්නේ. අනතුර…

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සමඟ ඉරාන ජාතිකයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත්…

දුර දිග ගිය ගැටුමකින් යාපනය රත්වෙයි

වඩුකෝඩෙයි මූලෙයි ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක් අතර අද (20) ඇතිවූ ගැටුමකින් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම සිද්ධියත් සමඟම එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන්ටද ගල් ප්‍රහාර එල්ල වී ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියට අහසට වෙඩි තැබීමට පවා සිදුව ඇති…

කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාවක වෙඩි තැබීමට පැමිණි දෙදෙනෙකුට පහරදීමක්

කොල්ලු‍පිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකුට එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂකයින් පහර දී තිබෙනවා. පහරදීම හමුවේ ඝාතනය සඳහා පැමිණි පුද්ගලයින් දෙදෙනා ඝාතනයට රැගෙන ආ T56 වර්ගයේ ගිනි අවිය සහ…