Category Local News

පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් උපයන ලද විදේශ විනිමය ආදායම අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවයි..

පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් උපයන ලද විදේශ විනිමය ආදායම අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගොස් තිබේ. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පැවසුවේ අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත වලට අනුව, 2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ මෙම ආදායම අමෙරිකානු ඩොලර්…

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබාදීමේ නියමු ව්‍යාපෘතියක්..

විදෙස් ගත ශ්‍රී ලාකිකයින් සඳහා ඡන්ද අයිතිය ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඉදිරි මැතිවරණයකදී නියමු ව්‍යාපෘතියක් ලෙස එම වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා…

පාරිසරික ගැටළු සොයා පොලීසිය නිවෙස්වලට..

පාරිසරික නීතිය දැඩි ලෙස උල්ළංඝණය කළ පුද්ගලයින් සම්බන්ධයෙන් පසුගිය දිනවල අධිකරණ ක්‍රියාමාර්ග ගත් බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ් යු වුට්ලර් පැවසුවේ එවැනි සිදුවීම් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් පැමිණිලි රැසක්ද ලැබී ඇති බවය. ඒ අනුව ජනතාව අතරට…

ගම්පහ දිස්ත්‍රික්කයේ ‘දිට්වා’ නිසා ආපදාවට පත් වූ ගොවීන් නැවත වගා කිරීම අරඹලා

ගම්පහ දිස්ත්‍රික් කෘෂිකර්ම අනුකමිටු රැස්වීම ඊයේ (02) පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි. පසුගියදා පැවති කෘෂිකර්ම අනු කමිටුවේ දී සාකච්ඡා වූ කරුණුවල ප්‍රගතිය විමසීම මෙන්ම “දිට්වා” සුළි කුණාටුවෙන් ආපදාවට පත් වූ ගොවීන්ගේ විනාශ වූ බෝග වගාවන් නැවත වගා කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා…

ගිය වසරේ නාවික හමුදා මෙහෙයුම්වලින් රු. මිලියන 75,000 කට අධික විෂ මත්ද්‍රව්‍ය සහ මත්පෙති නීතියේ රැහැනට

මත්ද්‍රව්‍ය උවදුරෙන් අනාගත පරපුර මුදා ගැනීම වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති ‘රටම එකට’ ජාතික මෙහෙයුම සඳහා සුවිශේෂී දායකත්වයක් දක්වනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, දේශීය හා විදේශීය සමුද්‍රීය පාර්ශවකරුවන් සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සමඟ සහයෝගී ප්‍රවේශයකින් කටයුතු කරමින් දිවයිනේ වෙරළ…

අයිස් සමග පාතාල ගෝලයෙක් දැලේ

විදේශ රටකට පලා ගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අවිශ්ක හේෂාන් නමැත්තාගේ අනුගාමිකයෙකු රුපියල් ලක්ෂ 8 කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසනවා. සැකකරු සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් විද්‍යුත් තරාදියක්,…

ශ්‍රී දළදා මාලිගාවේ ‍අලු‍ත් සහල් මංගල්‍යය අද

නව වසරේ ශ්‍රී දළදා මාලිගාවේ ‍අලු‍ත් සහල් මංගල්‍යය අදට යෙදෙන දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයේ සිදු කිරීමට නියමිතයි. ඒ වෙනුවෙන් නෙලා ගත් වී අස්වැන්නෙන් සකසා ගන්නා සහලේ අග්‍ර කොටස පල්ලෙකැලේ පිහිටි ශ්‍රී දළදා මාලිගාවේ වී අටුවේ සිට ශ්‍රී දළදා මාලිගාව…

කුලියට ගත් යතුරුපැදි වංචනිකව විකිණු අයෙක් අත්අඩංගුවට

කුලී පදනම මත යතුරුපැදි ලබාගෙන, එම යතුරුපැදි නිතී විරෝධි ලෙස අලෙවිකිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු බලංගොඩ පොලීසිය විසින් රත්නපුර, සන්නස්ගම ප්‍රදේශයේදී අත්අඩංගුව ගෙන තිබේ. යතුරුපැදි කුලියට ලබාදෙන පුද්ගලයන්ගෙන් එම සැකකරු යතුරුපැදි ලබාගෙන ඇත්තේ මාස කිහිපයකට බවත්, ඒ හේතුවෙන් ඔහු එම…

ඉදිකෙරෙමින් පවතින මහල් ගොඩනැගිල්ලක නාඳුනන පුද්ගල මළසිරුරක්

අම්බලන්ගොඩ පොලිස් වසමේ ඔලගම ප්‍රදේශයේ ඉදිකෙරමින් පවතින මහල් 18 කින් යුත් ගොඩනැගිල්ලක 15 වන මහලේ නාඳුනන පිරිමි පුද්ගල මළසිරුරක් ඇති බවට අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ. මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නොමැති අතර ඊයේ (02) දහවල්…

කොළඹ අවට තැන් රැසකට ජල සැපයුම අත්හිටුවයි

අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සපයන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිදවැටීමක් හේතුවෙන් අද (3) කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුව තිබේ. ඒ අනුව මොරටුව, රාවතාවත්ත, සොයිසා පුර, රත්මලාන, ගල්කිස්ස,දෙහිවල,වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව, කොළොන්නාව යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇත.…