Category Local News

වැඩි මිලකට සහල් අලෙවි කළ සුපිරි වෙළඳසැල් හිමිකරුවෙකුට ලක්ෂයක දඩයක්

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට ආනයනික කිරී සම්බා සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ දී වරද පිළිගත් සුපිරි වෙළෙඳසැල් හිමිකරුවෙකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කළා. මෙසේ දඩ මුදලක් නියම කරනු ලැබුවේ සුපිරි වෙළෙඳසැල් හිමිකරුවෙකුට ය.…

නත්තලට පොලිසිය සුදානම් : ආගමික ස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

උදාවන නත්තල වෙනුවෙන් සිදු කරනු ලබන ආගමික උත්සව ඇතුලු සියලුම වැඩසටහන් සඳහා ආරක්ෂාව ලබාදීමට වැඩසටහන් ක්‍රියාත්මක කර ඇතැයි සහකාර පොලිස් අධිකාරි මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ.කේ.වුට්ලර් පවසනවා. තවද මෙම උත්සවය සමයේදී යම් කිසි සැකකටයුතු දෙයක්, පුද්ගලයෙක් කණ්ඩායමක් සම්බන්ධයෙන් චකිතයක් ඇති වුවහොත් වහාම…

ගංවතුරට හසු වූ පේරාදෙණිය සරසවියේ පීඨ 2ක් 29දා ඇරඹේ

කෘෂිකර්ම හා පශු වෛද්‍ය පීඨ මේ මස 29 වැනිදා විවෘත කළ ද කළමනාකරණ පීඨය විවෘත කරන දිනයක් තවම ප්‍රකාශ කිරීමට නොහැකි බවත් ඊට හේතුව කළමනාකරණ පීඨයට දැඩි හානි ගංවතුරින් සිදුවූ බවත් එහි එක් ගොඩනැගිල්ලක් මුළුමනින්ම දින කිහිපයක් ගංවතුරට හසු වී…

දිස්ත්‍රික්ක දෙකකට තවදුරටත් නායයෑමේ රතු නිවේදන

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ දොලුව, උඩුදුම්බර, මිනිපේ සහ මැදදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත නායයාම් රතු නිවේදන…

ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

Rebuilding Sri Lanka’ යටතේ ජන ජීවිතය නැවත ගොඩනැගීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් සැලසුම් කෙරෙන වැඩපිළිවෙළ සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ආරක්ෂක, කෘෂිකර්ම, වාරිමාර්ග, ජල සම්පාදන,…

කුලියාපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපතිට එරෙහිව විමර්ශනයක් ඇරඹේ

පහරදීමක් සම්බන්ධයෙන් පුද්ගල‍යෙක් අත්අඩංගුවට ගැනීමට ගොස් එම පුද්ගලයාට පොල්ලකින් කළ පහරදීමක් සම්බන්ධයෙන් කුලියාපිටිය පොලීසි‍යේ අපරාධ අංශ‍යේ ස්ථානාධිපතිවරයාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. කුලියාපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපති ධුරයෙන් ද ඔහු ඉවත් කර සාමාන්‍ය රාජකාරි සඳහා මාවතගම පොලීසියට…

පහතරට එළවලු මිල තවත් ඉහළට

ඇතැම් ප්‍රදේශවල පහතරට එළවලු මිලේ සීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන බව වෙළදපොළ දත්ත පෙන්වා දෙනවා. ඊයේ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ වම්බටු කිලෝවක සිල්ලර මිල රුපියල් 800ට ආසන්න වී තීබූ අතර, බොහෝ ප්‍රදේශවල තොග මිලද රුපියල් 500 මට්ටමේ පැවතුණා. පතෝල මිලද රුපියල් 600…

ජනපතිගෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ස්තූතිය

දිවයිනට බලපෑ දැඩි වර්ෂාව සහ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) ලබාදුන් කඩිනම් මානුෂීය ආධාර සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කර සිටිනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ…

ජලාශ 89ක් තවදුරටත් වාන් දමයි

පැවති වැසි සහිත කාලගුණයත් සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 89ක් තවදුරටත් වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එල්. එස්. සූරියබණ්ඩාර කියා සිටියේ මහවැලි ගග, මනම්පිටිය ප්‍රදේශයෙන් තවමත් සුලු ගංවතුර මට්ටමක පවතින බවයි.

අශෝක රන්වල මධ්‍යසාර පානය කර නැති බව තහවුරුයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

හිටපු කථානායක සහ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පැදවූ ජීප් රථය, මෝටර් රථයක ගැටී තුන්දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධියට අදාලව ඔහුගේ රුධිර හා මුත්‍රා සාම්පල පරීක්ෂණ වාර්තාව රජයේ රස පරීක්ෂකවරයා විසින් නිකුත් කර තිබෙනවා. එම වාර්තාවට අනුව, අදාළ සාම්පල පරීක්ෂා…