Category Local News

බිඳවැටුණූ Online සේවාවන් සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක්

දෙපාර්තමේන්තු 8 ක පමණ බලපෑම් ඇතිකළ මාර්ගගත රජයේ සේවාවන් යථා තත්ත්වයට පත් කිරීම කඩිනම් කිරීම සඳහා අදාළ නිලධාරීන්ගේ විශේෂ රැස්වීමක් අද (14) පැවැත්වේ. අද පෙරවරුවේ එම විශේෂ රැස්වීම පැවැත්වීමට නියමිත බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දී තිබුණි.

රාජ්‍ය ආයතන කිහිපයක මාර්ගගත සේවාවන් ඇනහිටියි

ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud – LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන් වලට තාවකාලිකව බලපෑම් එල්ල වී ඇත. මෙම සේවාවන් අතර, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ උප්පැන්න, විවාහ සහ මරණ (BMD) සහතික…

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 7ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද (13) රාත්‍රී 9 සිට හෙට (14) රාත්‍රී 9 දක්වා වූ ඉදිරි පැය 24 සඳහා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවය. ඒ අනුව විමසිලිමත් විය යුතු…

ශ්‍රී ලංකාවට එන විදෙස් සංචාරකයින්ට ETA අවසර පත්‍රය හෙට සිට අනිවාර්යයයි

ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම විදේශිකයින් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA)ලබාගැනීම අනිවාර්ය කර තිබේ. ඒ අනුව ‍හෙට (15) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම අවසර පත්‍රය ලබාගැනීම අනිවාර්යය කර ඇතැයි වාර්තාවේ. ශ්‍රී ලංකාවට පැමි‍ණීමේ දී නොමිලේ සංචාරක…

අද කාලගුණ නිවේදනය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තරමක තද…

නාවික මෙහෙයුම් මඟින් පුද්ගලයින් 45ක් නීතියේ රැහැනට

සතියක් තුළ සිදුකළ නාවික මෙහෙයුම්වලින් නීතිවිරෝධී ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 45 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව සඳහන් කර ඇත්තේ, 2025 සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 07 දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් මෙම පිරිස අත්අඩංගුවට…

පුද්ගලයෙකුට පහරදී, අසත්‍ය චෝදනා එල්ල කළ කොට්ටාව පොලිසියේ 06 ක් වැරදිකරුවන් බවට තීන්දු කෙරේ

2016 වසරේ ජූලි මස 09 වැනිදා පෞද්ගලික බස්රථ ක්‍රියාකරුවෙකු ‘කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව’ අත්අඩංගුවට ගෙන, දණ ගස්වා, හිසට පිස්තෝලයක් තබා මරණීය තර්ජන එල්ල කර, පහර දී, හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගෙන සිටි බවට චෝදනා කරමින් අධිකරණයට ඉදිරිපත් කර, රක්ෂිත බන්ධනාගාරගත කිරීම…

මෛත්‍රීගෙන් අල්ලස් කොමිසමට පැය පහක ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (13) උදෑසන අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා. පැය 05 ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, හිටපු ජනාධිපතිවරයා සවස 2.00 ට පමණ අල්ලස් කොමිසමෙන් පිටව ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ. වසර…

ඉදිරියේදී ලන්ච් ෂීට්වලටත් වැට

ඉදිරියේදී ලන්ච් ෂීට් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් පවසනවා. ඒ අනුව, විකල්පයක් ලෙස ප්ලාස්ටික් නොවන ලන්ච් ෂීට් භාවිතයක් හඳුන්වාදෙන බවයි ඔහු කියා සිටියේ. එමෙන්ම, ෂොපිං බෑග් වැනි පොලිතීන් මලු‍ නොවැම්බර් මස පළමු වැනිදා…

ආපන ශාලාවක ගින්නක්

මඩකලපුව රෝහලට මුහුණලා පිහිටා තිබෙන ආපනශාලාවක ඊයේ (12) රාත්‍රී 10.30ට පමණ ගින්නක් හටගෙන තිබෙනවා. එම ගින්නෙන් ආපනශාලාව සහ ඒ හා සම්බන්ධව තිබූ වෙළඳසැලක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කරේ. විදුලි කෙටීමක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි…