Category Local News

‘රටම එකට’ ජාතික මෙහෙයුමෙන් සැකකරුවන් 945ක් අත්අඩංගුවට

දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම අරමුණු කරගත් ‘රටම එකට’ ජාතික මෙහෙයුමෙන් දෙසැම්බර් 20 දිනට සැකකරුවන් 945  අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතරින් සැකකරුවන් 16දෙනෙකු වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. මෙහෙයුම මගින් අයිස්…

මහනුවරට සහ නුවරඑළියට තවදුරටත් නායයාමේ රතු නිවේදන

පසුගිය දිනවලදී ලැබුණු වර්ෂාව සහ ඊසාන දිග මෝසම් සමඟ ඉදිරියේදී ලැබිය හැකි වර්ෂාවත් සැලකිල්ලට ගෙන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කර ඇති නයයෑමේ අනතුරු නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ. ඒ අනුව දිස්ත්‍රික්ක දෙකක් සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අටකට, අදියර 3…

කන්කසන්තුරය – අනුරාධපුරය අතර දුම්රිය ධාවනය යළි ඇරඹෙයි

උතුරු දුම්රිය මාර්ගයේ කන්කසන්තුරය – අනුරාධපුරය අතර දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා දුම්රිය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි හෙට (22) සිට යාල්රාණි දුම්රිය මගින් දුම්රිය කටයුතු ආරම්භ කරනු ලබයි.

නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

නීති විරෝධී මත්පැන් පැකට් කර දුර ගමන් සේවා බස් රථ සේවකයින් සඳහා අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ ගැබිණි කාන්තාවක් වෙන්නප්පුව පොලීස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව, වයික්කාල ප්‍රදේශයේ පදිංචිව සිටින අවුරුදු 19ක කාන්තාවක් වන අතර…

ඉන්දීය විදේශ ඇමති එස්. ජයශංකර් ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානම්

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා එළැඹෙන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදු කරමින් පවතින අවස්ථාවක මෙම සංචාරය සිදුවීම විශේෂත්වයකි. 2025 නොවැම්බර්…

ජලාශ 36 ක් තවදුරටත් වාන් දමමින් පවතිනවා – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

ප්‍රධාන වැව් 73 න් ජලාශ 36 ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එසේම මධ්‍යම ප්‍රමාණයේ වැව් 52 කට ආසන්න ප්‍රමාණයක් ද වාන් දමමින් පවතින බවත්, මෙම වාන් දැමීම මඟින් ගංවතුර තත්ත්වයක් හෝ එවැනි තත්ත්වයකට ජලය නිදහස් වීමක්…

Rebuilding Sri Lanka යටතේ ජන ජීවිතය යථාවත් කිරීම පිළිබඳව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

‘Rebuilding Sri Lanka’ යටතේ ජන ජීවිතය නැවත ගොඩනැගීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් සැලසුම් කෙරෙන වැඩපිළිවෙළ සහ එහිදි මතුව ඇති ගැටලු පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡාව ආරක්ෂක, කෘෂිකර්ම, වාරිමාර්ග, ජල සම්පාදන,…

ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධ සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීමට විශේෂඥ කමිටුවක් පත් කෙරේ

මෙරට තුල ආන්දෝලනයට තුඩුදුන් ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය භාවිතා කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා සාමාජිකයින් හත් දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය භාවිතයෙන් පසු මරණ දෙකක් වාර්තාවීම මෙන්ම,…

රුපියල් 25,000 ක දීමනාව ආපදාවට පත් ජනතාවගෙන් 69.56% කට බෙදා අවසන් – ජාආසසේම

දිට්වා සුළි කුණාටුවෙන් පසු පවුල් නැවත පදිංචි වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදු කර ගැනීම සඳහා ලබාදෙන රුපියල් 25,000 ක දීමනාව ආපදාවට පත් පිරිසෙන් 69.56% ක ප්‍රමාණයකට බෙදා හැර අවසන් බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ…

අද කාලගුණ නිවේදනය

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…