Category Local News

විමල්ගේ පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි

මෙරට පුරවැසියන් සඳහා ඩිජිටල් හැදුනුම්පත් නිකුත් කිරීමේ  ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග ඇතිකරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ශව දෙකක් විසින් ඉදිරිපත් කළ මූලික මිනිස්…

නායයාම් අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යළි දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානය පැවසුවේ අද (17) පස්වරු 4 සිට හෙට පස්වරු 04 දක්වා වූ කාලය තුළ මෙම…

වැස්ස නිසා කොළඹ හිරවෙයි

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට කොළඹ පාරවල් කිහිපයක දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ. ප්‍රදේශ රැසකට අද (17) පස්වරු කාලය තුල ප්‍රබල අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන්…

“පාලකයාට ඔිනි විදියට නීති හදපු යුගය අවසන් “ – ජනපති

පොදු පුරවැසියන් එකඟ නොවන නීතී පාර්ලිමේන්තුවේ දී සම්මත නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි ජනාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී අද (17) පැවැති ජාතික ගුරු සමුළුවට එක්වෙමිනි මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කර…

කැරට් 24 රන් පවුමක මිල ලක්ෂ 4 ඉක්මවයි

මෙරට වෙළෙඳපොලේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂ 04 ඉක්මවා ගොස් තිබෙනවා. සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය සඳහන් කළේ අද පෙරවරුව වන විට කැරට් 24 රන් පවුමක් මිල රුපියල් 410,000 දක්වා ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම, කැරට් 22 රන් පවුමක…

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ රෝගී සුරක්ෂිතතාවය ගැන සුව ඇමතිගෙන් සහතිකයක්

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ රෝගී සුරක්ෂිතතාවය ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. “ලෝක රෝගී සුරක්ෂිතතා දිනය’’ වෙනුවෙන් පැවැත් වූ  විශේෂ සැමරුම් උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඔ…

ලබන වසර සඳහා පළමු ශ්‍රේණියට හා 6 ශ්‍රේණියට පෙළ පොත් ලබා දෙන්නේ නැහැ – අධ්‍යාපන අමාත්‍යාංශය

ලබන වසර සඳහා පළමු ශ්‍රේණියට හා 6 ශ්‍රේණියට පෙළ පොත් ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. එම සිසුන් සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රියාකාරකම් පොත් හා මොඩියුලර් හඳුන්වා දෙන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ ය.…

ගතවූ පැය 24 තුළ රිය අනතුරු හතකින් අට දෙනෙකු මියයයි

දිවයිනේ විවිධ ප්‍රදේශවල පසුගිය පැය 24 ක කාලය තුළදී සිදුවූ රිය අනතුරු හතකින් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් තිබෙනවා. අනුරාධපුර පාදෙණිය මාර්ගයේ ඒරියාගම ප්‍රදේශයේදී ඊයේ වෑන් රථයක්, රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි වී මාර්ගයෙන් ඉවතට පැන ගසක හා දුරකථන රැහැන්…

මත්ද්‍රව්‍ය රැගත් බෝට්ටුවක් නාවික හමුදා භාරයට: 5ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට දකුණින් පිහිටි ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය රැගෙන ගිය බව කියන බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ගාලු වරායට ගෙන ආ බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා. එමෙන්ම එහි සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි ඔහු සඳහන්…

පුද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත ඔක්. 21දා පාර්ලිමේන්තුවට

කාරක සභා අදියරේ සංශෝධන සහිතව, පුද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත මේ මස 21වනදා පාර්ලිමේන්තුවේ අනුමැතියට යොමුකිරීමට නියමිතව ඇත. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය අද (17) මාධ්‍යවෙත නිවේදනයක් නිකුත්කරමින් මේ බව පැවසීය. අදාළ මාධ්‍ය නිවේදනය, අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව, පුද්ගලික දත්ත ආරක්ෂණ පනතට…