Category Local News

අගමැති හරිනි දිවයිනට පැමිණෙයි

ඉන්දියාවේ නිල සංචාරයක නිරත වී සිටි අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සිය සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණ තිබෙනවා. නිල සංචාරයක් සඳහා අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පසුගිය 16 වැනිදා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබුණා. සිය සංචාරය අතරතුරදී අගමැති, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි…

අද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම,…

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව කෙටුම්පත් කර අවසන්

පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවේ කෙටුම්පත සකස්කර අවසන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් .පී පෙරේරා ප්‍රකාශ කරනවා. මන්ත්‍රීවරයා කියා සිටින්නේ ලබන 21 වැනිදා මෙම කෙටුම්පත විපක්ෂයේ පක්ෂ නායකයින්ට ඉදිරිපත් කරන බවයි. ඉන් අනතුරුව…

ලංකා සතොසට කොළේ වැසූ ගොඩනැගිලි හිමිකරුවන් 18කට නඩු

සුදුසු පරිදි ඉදිකිරීම් සිදු නොකළ ගොඩනැගිලි හිමිකරුවන් 18 දෙනෙකුගෙන් ලංකා සතොස සමාගමට අය විය යුතු රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් තවම අයකරගෙන නොමැති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී(කෝප් කමිටුව)පසුගියදා අනාවරණය වුණා. මේ අනුව එසේ ඉදි කරන ලද ගොඩනැගිලිවලින්…

වර්ණවීරගේ මරණය ගැන විවෘත තීන්දුවක්: ශරීර කොටස් රස පරීක්ෂකට

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීරගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දෙමින් ශරීර කොටස් රස පරීක්ෂක වෙත යොමු කිරීමට මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ප්‍රභාත් සේනසිංහ නියෝග කර තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (17) මහනුවර ජාතික රෝහලේ දී පැවැත්වීමෙන්…

බැංකු ගිණුමක් නොමැති හිටපු ඇමැති

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමැති වජිර අබේවර්ධනට බැංකු ගිණුමක් නොමැති බවට තොරතුරු හෙළි වී තිබෙනවා. ඒ පසුගියදා කොළඹ පැවති අවමංගල්‍ය උත්සවයකට පැමිණි අවස්ථාවේදී සිදුවූ කතාබහක දී. අවමංගල්‍යයට පැමිණි දේශපාලඥයින් පිරිසකගේ මාතෘකාව බවට පත් වූයේ අල්ලස් කොමිසමයි. වජිර අබේවර්ධන ,…

කොළඹ වරාය නගරයට ජාත්‍යන්තර ඇගයීමක්

‘Financial Times’හි fDi අංශය විසින් සිදුකරනු ලැබූ 2025 වසරේ ගෝලීය නිදහස් කලාප ඇගයීමකදී ‘ආසියා-පැසිෆික්’ හොඳම දැනුම් කලාපය ලෙස කොළඹ වරාය නගරය (PCC) නම් කර ඇත. ඍජු විදේශ ආයෝජන සම්බන්ධයෙන් දත්ත, ප්‍රවෘත්ති සහ විශ්ලේෂණ සපයන ලොව ඉහළ පිළිගැනීමක් ඇති Financial Times…

සංචාරක පැමිණීම ලක්ෂ 18 ඉක්මවයි

2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 18 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඉකුත් ඔක්තෝබර් 15වනදා වනවිට මෙරටට පැමිණි සංචාරකයින් පිළිබඳ නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් මේ බව තහවුරු කර තිබේ. එම සංඛ්‍යාලේඛන…

දීපාවලි වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා – ලංකා ගමනා ගමන මණ්ඩලය

දීපාවලි උත්සවය වෙනුවෙන් ගමිබිම් බලා ජන ජනතාවගේ පහසුව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබේ.‍ ඒ වෙනුවෙන් පිටකොටු බෝධිරාජ මාවත බස් පර්යන්තයේ සිට හැටන්, බදුල්ල, නුවරඑළිය , මස්කෙලිය, නානුඔය හා යාපනය ඇතුළු ප්‍රදේශවලට අද (18) දිනයේ අතිරේක බස් රථ 75 ක්…

අධිකරණවල ගොඩගැසී ඇති නඩු භාණ්ඩ නිශ්කාශනය කඩිනම් කරන්නැයි උපදෙස්..

අධිකරණවල ගොඩගැසී ඇති නඩු භාණ්ඩ ලබන දෙසැම්බර් 31 වැනි දිනට පෙර නිශ්කාෂණය කළ යුතු බවට අධිකරණ සේවා කොමිෂන් සභාව අධිකරණ නිළධාරින් වෙත දැනුම් දී තිබේ. එහි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඩී.එම්.ජේ.දිසානායක මහතා චක්‍රලේඛයක් මගින් සියළුම මහාධිකරණ විනිසුරුවන් හා අධිකරණ නිලධාරීන් වෙත…