Category Local News

කුෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ, සිරිමුතු උයන නිවාස සංකීර්ණය ආසන්නයේදී සිදු කළ වැටලීමකදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 09 ග්‍රෑම් 555 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 27 ක් වන, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. සිද්ධිය…

දීපාවලී දිනය අදයි

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපාවලී දිනය අදට (20) යෙදී තිබෙනවා. ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්‍රධාන ස්ථානයක් ගනු ලබන දීපාවලී දිනය හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් ලෙස සැලකෙනවා. විෂ්ණු දෙවියන් විසින් නරගාසුරන් නමැති අසුරයා පරාජය කර ආලෝකය පැතිරවීම…

අද කාලගුණ නිවේදනය

දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වී ඇති නිසා, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පැවතිය හැකි අතර, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙප‍‍ාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු…

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ නව විෂය නිර්දේශ කඩිනමින්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 01 සහ 06 ශ්‍රේණි සඳහා වන විෂය නිර්දේශය කඩිනමින් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව මහතා පවසන්නේ ඊට අදාළ ගුරු අත්පොත් සහ කාල සටහන ද නිකුත් කිරීමට පියවර ගන්නා බවය. මෙතෙක්…

බස් අනතුරක් – ළමුන් 09ක් ඇතුළු 12කට තුවාල

රාගම, බටුවත්ත ප්‍රදේශයේදී සිදුවු බස් රථ අනතුරකින් ළමුන් 09 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටි පාසලක බාලදක්ෂයින් පිරිසක් බටුවත්ත මහා විද්‍යාලයේ ජම්බෝරියකට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවය. බස්…

උඩරට මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්

මහනුවර දුම්රිය ස්ථානයෙන් අද (19) පස්වරු 3.00 ට පමණ කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක් ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා. වාර්තා වන ආකාරයට, එම දුම්රියේ එක් මැදිරියක් පමණක් මෙලෙස පීලි පැනීමකට ලක් වී…

ඉෂාරාට නවාතැන් දුන් මතුගම නිවසේ හිමිකාරිය රිමාන්ඩ්

ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දුන් මතුගම ප්‍රදේශයේ කාන්තාව එළැඹෙන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. අදාළ කාන්තාව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ සිට කොළඹ…

පවතින වැසි තත්ත්වය අනිද්දායින් පසු තවත් වැඩි වන ලකුණු

ලබන 21 වන දිනෙන් පසු පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ මේ වන විට ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පිහිටා ඇති වායුගෝලයේ කැළඹිලි ස්වභාවය අඩු පීඩන තත්ත්වයක්…

පුංචි පුතෙකුට දිවි අහිමි කළ මාරක අනතුර

වාලච්චේන කාවත්තමුන ප්‍රදේශයේ ත්‍රීරෝද රථයක් ට්‍රැක්ටරයක ගැටී සිදු වූ අනතුරකින් 9 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ. ඊයේ දහවල් කාලයේදි අතුරු මාර්ගයක ධාවනය වූ අදාල ත්‍රීරෝද රථය මාර්ගය අයිනේ නතර කර තිබූ අත් ට්‍රැක්ටරයක ගැටී අනතුර සිදුව ඇති අතර ඉන් බරපතළ තුවාල…

රබර් ඉඩම් සිතියම් ගත කිරීමේ වැඩසටහනක් ඇරඹෙයි

රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව එක්ව නව්‍ය භූගෝලීය තොරතුරු පද්ධති තාක්ෂණය යොදා ගනිමින් රබර් ඉඩම් සිතියම් ගත කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ගෝලීය වශයෙන් සිදුවන වන විනාශය සහ වන විනාශයට සම්බන්ධ නිෂ්පාදන ආනයනය සහ අපනයනය වැළැක්වීම අරමුණු…