Category Local News

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගියකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, ඔහු විසින් රැගෙන ආ ගමන් මලු දෙකක, විදේශීය දුම්වැටි 25,000ක් අඩංගු දුම්වැටි කාටූන් 125කින් පුරවා තිබියදී සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ. අත්අඩංගුවට ගත් දුම්වැටි තොගයේ වටිනාකම…

පෑලියගොඩ වෙඩි තැබීම ගැන තවත් තොරතුරු හෙළිවෙයි

පෑලියගොඩ, මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආසන්නයේ පිහිටි ඥානරතන මාවතේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම ඉබ්බගෙවත්තේ විනෝදන් ඝාතනයට පලිගැනීමක් ලෙස සිදු කර ඇති බවට පොලිසිය සැක පළ කරනවා. වෙඩික්කරුවන් සොයා පොලිස් කණ්ඩායම් 03ක් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන අතර…

හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ නඩුවකට අධිකරණය දුන් තීන්දුව

රජයට රුපියල් ලක්ෂ 17කට අධික පාඩුවක් සිදුකිරීම තුළින් දූෂණය නැමැති වරද සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර…

ගම්පහ මහ රෝහලේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ වර්ජනයක්

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය විසින් හෙට (21) බස්නාහිර පළාත තුළ සිදු කිරීමට නියමිතව තිබුණු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය, අද (20) උදෑසන ගම්පහ මහ රෝහලේදී ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, අද උදෑසන ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් පරිපූරක වෛද්‍ය…

විදෙස් සංචාරකයන් 1,338 ක් ගුවන්තොටුපළෙන් රියදුරු බලපත්‍ර ලබා ගනියි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ පිහිටුවා ඇති මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කවුළුව වෙතින් විදෙස් සංචාරකයන් 1,338 ක් සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, වැඩිම බලපත්‍ර සංඛ්‍යාවක් නිකුත් කර ඇත්තේ පසුගිය 07 වැනිදා…

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිවාඩු අනුමත කිරීම තාවකාලිකව නතර කරමින් චක්‍රලේඛයක් නිකුත් කෙරේ

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය නිවාඩු ලබා ගැනීම හේතුවෙන් අමාත්‍යාංශයේ අත්‍යවශ්‍ය රාජකාරි අඛණ්ඩව පවත්වාගෙන යෑමට අපහසු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, විදේශීය සහ දේශීය නිවාඩු අනුමත කිරීම නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නවතන ලෙස අමාත්‍යාංශ ලේකම්, විශේෂඥ…

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 10,000 ක් එරට රැකියා සඳහා බඳවා ගැනීමට තායිලන්තයේ අනුමැතිය

තායිලන්තය තුළ පවතින ශ්‍රමිකයන්ගේ හිඟය හේතුවෙන්, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 10,000ක් බඳවා ගැනීමට තායිලන්ත කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. තායිලන්තයේ වයස්ගත ජනගහනය ඉහළ යෑම සහ ශ්‍රම බලකාය අඩුවීම හේතුවෙන්, කෘෂි කර්මාන්තය, ඉදිකිරීම් සහ නිෂ්පාදන අංශය සඳහා අවම වශයෙන් ලියාපදිංචි විදේශීය…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (20) රැස්වීමට නියමිතයි. ඒ අනුව, අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබෙනවා. පෙ.ව. 10.00 – 11.00 කාලය…

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර CIDයට පැමිණේ

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන අංශයට පැමිණ තිබෙනවා. ඒ අනුව, ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිදු කළ කැඳවීමක් අනුව ඔහු මෙලෙස පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය හා අපරාධ ජාලයකට සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට

ගම්පහ දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය හා අපරාධ ජාලයකට සම්බන්ධ පිරිසක් අවි ආයුධ සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. පොලිසියට ලැබුණු තොරතුරක් මත, සැකකරුවන් 10 දෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එමෙන්ම, පරකන්දෙණිය, දළුවකොටුව සහ කටාන යන ප්‍රදේශවල සිදුකළ…