Category Local News

ශ්‍රී ලංකාව සැබෑ ජනරජයක් කිරීම උදෙසා රුබිකන් නදිය තරණය කලේ මෙරට මහජනතාවයි – බිමල්

“රුබිකන් නදිය තරණය” සිදුකළේ මීට මාස 11 කට පෙර ශ්‍රී ලංකාවේ මහජනතාව විසින් බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ශ්‍රී ලංකාව සැබෑ ජනරජයක් බවට පත් කිරීමේ ගමනේදී එහි ගාමක බලවේගය වූයේ මෙරට මහජනතාව බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පවසා…

අනාගතයේ කිසිදු රාජ්‍ය නායකයෙක් තමන්ගේ ධුර කාලය තුළ කිසිදු තීන්දුවක් ගන්න එකක් නෑ – නාමල්

වත්මන් ආණ්ඩුවට මැතිවරණ කාලයේදී පොරොන්දු වූ දේවල් සිදුකළ නොහැකි වන විට, ජනාධිපතිවරයෙක් විසින් ජනාධිපති ධුර කාලය තුළ සිදුකළ දේවල් ගැන පරීක්ෂණ කරන බවත්, ඒවාට පොදු දේපළ පනත යටතේ නඩු පවරන බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ජනතා විමුක්ති…

රනිල් වික්‍රමසිංහ බැලීමට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අධිකරණයට

අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බැලීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබෙනවා. මීට අමතරව, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටිරාන් අලස්, වජිර අබේවර්ධන, සාගල රත්නායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු මන්ත්‍රීවරුන්…

තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වෙනවා, ඒකට පොලිස්පතිද, හිටපු ජනාධිපතිද කියලා අදාළ නැහැ – මහජන ආරක්ෂක ඇමති

වර්තමාන ආණ්ඩුව නීතියේ ආධිපත්‍ය තහවුරු කරමින් සිටින බවත්, තරාතිරම නොබලා නීතිය එක ලෙස ක්‍රියාත්මක වන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. ඒ සඳහා පොලිස්පති ද, නියෝජ්‍ය පොලිස්පති ද, මන්ත්‍රීවරයෙක් හෝ ඇමතිවරයෙක් ද, හිටපු ජනාධිපති ද යන්න අදාළ නොවන බවත්,…

මධ්‍යම තැපැල් හුවමාරුවට කැරලි මර්දන කණ්ඩායම් කැඳවයි

මේ වන විට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට කැරලි මර්දන කණ්ඩායම් කැඳවා ආරක්ෂාව තර කර තිබෙනවා. එසේම, දැඩි ආරක්ෂක රැකවල් මැද කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් මලු කිහිපයක් හමුදා බස් රථයකින් රැගෙන යාමටද පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ. වර්ජනයේ…

දෙමටගොඩ දුම්රිය ස්ථානය අසල ගින්නක්

දෙමටගොඩ, බේස්ලයින් පාර දුම්රිය ස්ථානය අසල අද (22) පෙරවරුවේ ගින්නක් ඇති වී තිබෙනවා. එහිදී ඇති වූ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 3ක් පිටත් කර යවා ඇති බවයි ගිනි නිවන හමුදාව සඳහන් කළේ.

බොරැල්ලේ මාර්ගයක සිදු වූ ගිලා බැසීමක් නිසා, තවදුරටත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට දැනුම්දීමක්

බොරැල්ල මොඩල්ෆාම් හන්දිය අසළ සිට ඩි.එස්. ‍සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක් ගිලා බැසීම හේතුවෙන් වාහන ගමනාගමනය සිදුවුනු අවහිරතාවය තවදුරටත් පවතින බව පොලීසිය පවසනවා. ඒ අනුව, කොළඹ දෙසට ඇතුළුවන මාර්ගය භාවිත කරන රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිත…

දේශබන්දු දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන යයි

රක්ෂිත බන්ධනාගාරගත කරන ලද හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා. ආරක්ෂක හේතූන් මත ඔහුව එම බන්ධනාගාරයට යොමු කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 2022 වසරේදී අරගල භූමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට…

මධ්‍ය තැපැල් හුවමාරුවට පොලිස් ආරක්ෂාව

තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය අද (22) 5 වැනි දිනටත් ක්‍රියාත්මක කෙරේ. එවන් පසුබිමක් තුළ මධ්‍ය තැපැල් හුවමාරුවට පොලිස් ආරක්ෂාව ලබාදී ඇත. මේ අතර වර්ජකයන් පවසන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කරන කොන්දේසිවලට යටත්ව…

කෝටියක මුදල් මල්ල ඉස්සූ රියැදුරා පැය 24 ක් තුළදී අල්ලයි

බම්බලපිටියේ මුදල් ප්‍රවාහනය කරන ආයතනයක වෑන් රථයකින්  රුපියල් කෝටියකට අධික මුදල් මල්ලක් සොරා ගත් එම ආයතනයේම රියදුරා පැමිණිල්ල ලැබී පැය 24 ක් තුළදී අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය පවසනවා. අස්ථානගත වූ මුදල් මල්ලේ තිබු රුපියල් එක්කෝටි තුන්ලක්ෂ අනූ හයදාහසක මුදලක් …