Category Local News

රුපියල් 5,000 ට අඩු QR ගනුදෙනු සඳහා අතිරේක ගාස්තුවකින් තොරව ගනුදෙනු කිරීමට නුදුරේදීම අවස්ථාව – මහ බැංකු අධිපති

ඉදිරියේදී QR හරහා සිදු කරන ගනුදෙනුවලදී රු. 5,000 ට වඩා අඩු වටිනාකමින් යුතු ගනුදෙනු සඳහා අතිරේක ගාස්තුවක් අය නොකිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඒ අනුව, මෙය නුදුරේදීම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා…

AI Impact Summit 2026 සමුළුවට සහභාගී වූ ජනපති අනුර ඇතුළු නියෝජිත පිරිස යළි මෙරටට පැමිණෙයි

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති කෘතිම බුද්ධිය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට (AI Impact summit) සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස එම සංචාරය නිමාවට පත් කරමින්, ඊයේ (20) රාත්‍රී යළිත් මෙරටට පැමිණ තිබෙනවා. ඊයේ (20) රාත්‍රී 10.04 ට…

අද කාලගුණ නිවේදනය : වැසි තත්ත්වයේ වැඩිවීමක්

අද දිනයේදී (21) දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින අතර, වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම්…

හැටන් – කොළඹ මාර්ගයේ මාරක අනතුරක්

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ යටියන්තොට, තණකොළවත්ත ප්‍රදේශයේදී අද (20) බස් රථයක් අනතුරට ලක්ව තිබේ. නුවරඑළිය දෙස සිට කොළඹ දක්වා ගමන්ගත් ඉන්දීය සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත. මෙම අනතුර සිදුවන අවස්ථාවේ මාර්ගය අසල රැදී සිටි මවක්,…

තනි පුද්ගල බදු ගෙවන්නන් සඳහා වරප්‍රසාද කාඩ්පත් අයදුම් කිරීමේ කාලය පෙබරවාරි 28 න් අවසන් වෙයි

තනි පුද්ගල බදු ගෙවන්නන් සඳහා වරප්‍රසාද කාඩ්පත් නිකුත් කිරීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම පෙබරවාරි 28 වැනිදා අවසන් වීමට නියමිතව තිබෙනවා. තම බදු බැඳියාව හඳුනා ගනිමින් වගකීමෙන් යුතුව කටයුතු කරන පුරවැසියන් හඳුනා ගැනීමට සහ අගය කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින්…

ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවල සවස 02.00 න් පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්…

වෙඩිතැබීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් දෙදෙනෙකු අත්අඩංගුවට

වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු කළුතර දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ගෙන තිබේ. කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත වාර්තා වී තිබූ මෙම වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් විමර්ශන…

CIDයට අද නොඑන බව හිටපු ජනපති රනිල්ගේ බිරිඳ මෛත්‍රී දන්වයි

අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ එම කොට්ඨාශය වෙත දැනුම් දී තිබෙනවා. හිටපු ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ, සෞඛ්‍ය හේතුන් මත මෙලෙස…

ඩයස්පෝරාවේ දැඩි විරෝධය මත නාමල්ගේ කේම්බ්‍රිජ් දේශනය අවලංගුයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පෙබරවාරි මස අග එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් (Oxford Union) සහ කේම්බ්‍රිජ් (Cambridge Union) යන ශිෂ්‍ය සංගම් ඇමතීමට නියමිතව තිබුණා. ඊට එරෙහිව බ්‍රිතාන්‍යය පුරා වෙසෙන දෙමළ ඩයස්පෝරාව හා එල්ටීටීඊ හිතවාදීන් ඒකාබද්ධව දැඩි…

සඟ සමුළුව අද කොළඹදී

වර්තමානයේ බුදුදහමට හා මහා සංඝරත්නයට එල්ලවෙමින් පවතින බලපෑම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් මහා සඟ සමුළුවක් අද (20) පැවැත්වීමට නියමිතව තිබේ. එම සමුළුව අද පස්වරු 2.00ට බෞද්ධ මහා සම්මේලනය මූලස්ථානයේදී ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. මෙම සඟ සමුළුව කිසිදු…