Category Foreign

ලන්ඩනයේ පැවති උද්ඝෝෂණයකදී 474 දෙනෙකු අත්අඩංගුවට

තහනම් කරන ලද පලස්තීන ත්‍රස්ත කණ්ඩායමට සහාය දැක්වූ බව පවසමින් ලන්ඩනයේ පැවති උද්ඝෝෂණයකදී පුද්ගලයින් 474 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙට්‍රොපොලිටන් පොලිසිය පැවසුවේ විරෝධතාකරුවන් 466 දෙනෙකු එම කණ්ඩායමට සහාය දැක්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවයි. පොලිස් නිලධාරීන්ට පහරදීම සම්බන්ධයෙන් පස්…

නිව්යෝර්ක්, ටයිම්ස් චතුරශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමකින් තිදෙනෙකු රෝහලේ

අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ, ටයිම්ස් චතුරශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. වෙඩි තැබීම සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන්. තුවාල ලබා රෝහල්ගත කළ පිරිසගේ තත්ත්වය එතරම් දරුණු නොවන බවද විදෙස් මාධ්‍ය…

ලෝක වෙළඳපොලේ තෙල් මිලේ අඩුවක්

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල මේ වන විට මාසයකට පසු වාර්තා වූ අඩුම අගය සටහන් කර තිබෙනවා. අද වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 66යි ශත 59ක් ලෙස සටහන් වූ අතර, එය ඊයේ දිනට සාපේක්ෂව සුලු ඉහළ යාමක්. ජූලි මස අවසානයේ…

ගාසා නගර අත්පත් කර ගැනීමේ මෙම තීරණයට විරුද්ධව රටවල් රැසක විරෝධතා

ගාසා නගර අත්පත් කර ගැනීමේ මෙම තීරණයට විරුද්ධව ඊශ්‍රායල ජාතිකයින් රැසක් සිය විරෝධය දක්වා ඇති අතර රට පුරා විරෝධතා රැසක්ද මේ වන විටත් නිර්මාණය වී තිබේ. එමෙන්ම ලොව පුරා රටවල් රැසක්ද ඊශ්‍රායලයේ මෙම තීරණයට එරෙහිව අදහස් ප්‍රකාශ කර ඇති අතර…

ජපානයේ ප්‍රදේශ කිහිපයකට ගංවතුර

ජපානයේ කියුසු දූපත් මෙන්ම කගෝෂිමා සහ මියාසාකි ප්‍රදේශවලට ඇද හැළෙන අධික වාර්ෂාවත් සමග ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ, මේ හේතුවෙන් පුද්ගලයින් තුන්ලක්ෂ 60,000කට අධික පිරිසක් එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.එමෙන්ම, ඇතැම් ප්‍රදේශවලට නායයෑමේ අනතුරු…

දෙවරක් සඳට ගිය පළමු මිනිසා දිවි ගමනට සමුදෙයි

‍ලොව විශිෂ්ටතම අභ්‍යවකාශ ගගනගාමියෙකු වන අමෙරිකානු ජාතික ජිම් ලොවෙල් අභාවප්‍රාප්ත වී තිබෙනවා. නාසා ආයතනය තහවුරු කළේ ජිම් ලොවෙල් ඔහුගේ නිවසේදී මිය ගොස් ඇති බවයි. 1928 වසරේ දී උපත ලැබූ ඔහු මිය යනවිට 97වන වියේ පසු වුණා. 1968 සිදුකළ ඇපලෝ 8…

ඊශ්‍රායලයේ තීරණය ගැන ශ්‍රී ලංකාවේ දැඩි කනස්සල්ල

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ පාලනය අත්පත් කරගැනීමට ගත් තීරණය ගැන ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළකරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එම තීරණය ගාසා තීරයේ තවදුරටත් ප්‍රචණ්ඩත්වය වර්ධනයවීමට සහ එම ප්‍රදේශයේ සිටින ජනතාවගේ…

රුසියා – යුක්රේන යුද්ධය ගැන සාකච්ඡා කිරීම සඳහා රුසියානු ජනාධිපති පුටින් හමුවීමට සූදානම් බව ට්‍රම්ප් දැනුම් දෙයි

රුසියා – යුක්රේන යුද්ධය ගැන සාකච්ඡා කිරීම සඳහා තමන් රුසියානු ජනාධිපති ව්ලැඩිමියර් පුටින් හමුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි පළ කර තිබෙනවා.‍ඒ අනුව, මෙම හමුව ලබන අගෝස්තු 15 වැනිදා ඇලස්කාවේදී සිදු කිරීමට තීරණය කර ඇති බවයි…

OpenAI වෙතින් නවතම GPT-5 එළිදකියි

OpenAI ආයතනය විසින් ඔවුන්ගේ නවතම කෘත්‍රිම බුද්ධි චැට්බෝට් (ChatGPT) මාදිලිය වන GPT-5 එළිදක්වා තිබෙනවා. මෙම නව මාදිලිය “වඩාත් බුද්ධිමත්, වේගවත් හා ප්‍රයෝජනවත්” බව OpenAI හි ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඕල්ට්මන් එහිදී සඳහන් කළා. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, GPT-5 හට PhD…

ප්‍රංශය දරුණු ලැව් ගින්නකට මුහුණ දෙයි

වසර 75 කට පසු ප්‍රංශය මේ වන විට දරුණු ලැව් ගින්නකට මුහුණ දෙමින් සිටිනවා. දකුණු ප්‍රංශයේ ඕඩි ප්‍රාන්තය ඇතුලු ප්‍රදේශ කිහිපයක පැතිර යන ලැව් ගින්න පාලනයට ගිනි නිවන භටයන් 2,000 කට වැඩි පිරිසක් එක්ව සිටින්නේ හමුදා අනුඛණ්ඩද සමගයි. ගිනිනිවන රථ…