Category Foreign News

ලියැම් පේන් ගේ මරණයට හේතුව හෙළිවෙයි

One Direction හි හිටපු සාමාජිකයෙකු වන ලියැම් පේන් (Liam Payne), ආර්ජන්ටිනාවේ Buenos Aires හි CasaSur Palermo හෝටලයේ ඔහුගේ හෝටල් කාමරයේ තුන්වන මහලේ බැල්කනියෙන් වැටීමෙන් පසු ඔක්තෝබර් 16 වැනිදා ජීවිතක්ෂයට පත්විය. ඔහුගේ මරණයට අදාළ මරණ පරීක්ෂණ වාර්තාව මේ වනවිට නිකුත් වී…

චීනයට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවේ හදිසි යෝජනාවක් සම්මත වෙයි

උයිගර් සුලුතර ප්‍රජාවට හිංසා කිරීම හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම හෙළා දකිමින් යුරෝපා පාර්ලිමේන්තුවේදී චීනයට එරෙහිව හදිසි යෝජනාවක් සම්මත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 2014දී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ උයිගර් ජාතික 54 හැවිරිදි ආර්ථික විද්‍යාඥ ඉල්හාම්…

බංග්ලාදේශයේ ඉස්ලාම් අන්තවාදීන් අග්නිදිග ආසියාවටම තර්ජනයක් ඉන්දුනීසියාවෙන් වාර්තාවක්

බංග්ලාදේශයේ හිටපු අගමැති ශෙයික් හසීනා ඇතුළු අවාමි ලීග් රජයේ පාලනය බිඳ වැටීමත්, රට අරාජිකත්වයට ඇද වැටී තිබූ කාලයේ එරට සුලුතර ප්‍රජාව ඉලක්ක කරමින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීමත් පසුපස සිටි බව කියන බංග්ලාදේශයේ ඉස්ලාම් අන්තවාදීන් ලෙස හඳුන්වනු ලබන ජමාටි ඉස්ලාමි සංවිධානය අග්නිදිග…

ඉන්දියාවෙන් දකුණු ලෙබනනයට ටොන් 33ක සහනාධාර

හෙස්බුල්ලා සංවිධානයට එරෙහිව ඊශ්‍රායල හමුදාව විසින් එල්ල කරනු ලබන ප්‍රහාර හේතුවෙන් අවතැන්වූ දකුණු ලෙබනනයේ සිවිල් ජනතාවට සහන සැලසීමට ඉන්දීය රජයෙන් ටොන් 33ක ආධාර තොගයක් යවා ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එහි පළමු ආධාර…

ජර්මනියේ ඊශ්‍රායල තානාපති කාර්යාලයට පහරදීමට සැලසුම් කළ ලිබියානු ජාතිකයෙක් අත්අඩංගුවට

ජර්මනියේ බර්ලින් අගනුවර ඊශ්‍රායල තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ අයිඑස් ත්‍රස්ත සංවිධානයට අයත් බවට සැක කෙරෙන ලිබියානු ජාතිකයකු අත්අඩංගුවට ගත් බව ජර්මානු බලධාරීන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. බර්ලින් නුවරට ඔබ්බෙන් පිහිටි බර්නාවු පළාතේදී ඔහු අත්අඩංගුවට ගත් බව…

ඉන්දීය මනාලයා සහ පාකිස්තාන මනාලිය අතර ඓතිහාසික ‘ඔන්ලයින්’ විවාහයක්

ඉන්දියාවේ මනාලයකු සහ පාකිස්තානයේ මනාලියක අතර පසුගියදා ‘ඔන්ලයින්‘ ආකාරයෙන් අපූරු විවාහ උත්සවයක් සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ විවාහය සිදුවී ඇත්තේ ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ නායකයකු වන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ටහ්සීන් ශාහිඩ්ගේ පුත්‍රයකු සහ පාකිස්තානයේ ලාහෝර් නුවර පදිංචි…

මැතිවරණ ප්‍රචාර අතරතුර අවන්හලකදී ඩොනල්ඩ් ට්‍රම්ප් අල පෙති බදියි

එළැඹෙන ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතුවලට සහභාගි වෙමින් සිටින අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුර එහි මැක්ඩොනල්ඩ්ස් අවන්හලට ගොඩ වැදී අල පෙති බදිමින් (ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්) විනෝද වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හිටපු ජනාධිපතිවරයා මැක්ඩොනල්ඩ්ස් අවන්හලේ මුළුතැන්ගෙට…

සුළි කුණාටුවක් කියුබාවට අත වනයි

ගිනිකොනදිගින් බහමාස් රාජ්‍යයට කඩා වැදුණු ‘ඔස්කාර්‘ සුළි කුණාටුව ඊයේ කියුබාව දෙසට ගමන් කිරීමට පටන් ගත් බව අමෙරිකාවේ මියාමි ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ‘ඔස්කාර්‘ සුළි කුණාටුව බහමාස් රාජ්‍යයට සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් ඇති කළ…

හිටපු හමුදා ජෙනරාල් සුබියැන්ටෝ ඉන්දුනීසියාවේ නව ජනපති ධුරයේ දිවුරුම් දෙයි

හිටපු හමුදා ජෙනරාල්වරයකු සහ ආරක්ෂක ඇමැතිවරයකු වූ ප්‍රබෝවෝ සුබියැන්ටෝ ඉන්දුනීසියාවේ නව ජනාධිපතිවරයා ලෙස ඊයේ දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලොව විශාලතම තුන්වැනි ප්‍රජාතන්ත්‍රවාදී රට වන ඉන්දුනීසියාවේ පසුගිය පෙබරවාරි මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් 58% ක විශිෂ්ට ජයක් වාර්තා කළ 73…

අනවසර සංක්‍රමණිකයෝ විසිදෙදහසක් සවුදි අරාබියේදී අත්අඩංගුවට

දේශසීමා ආරක්ෂක නීති හා නේවාසික, කම්කරු නීති උල්ලංඝනය කළ නීති විරෝධී සංක්‍රමණියක් 22,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගත් බව සවුදි අරාබියේ ආරක්ෂක හමුදාව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය 10 වැනිදා සිට 16 වැනිදා දක්වා රට පුරා සිදු කළ…