Category Foreign News

හිටපු ජනපතිවරයෙක් රෝහල්ගත කරයි

අමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් රෝහල්ගත කර තිබේ. 78 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා මෙලෙස රෝහල්ගතකර ඇත්තේ උණ රෝගී තත්ත්වයක් හේතුවෙනි. ක්ලින්ටන් ගේ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් BBC පුවත් සේවය වාර්තා කර ඇත්තේ අමෙරිකාවේ වොෂිංටන් හි පිහිටි රෝහලකට පසුගිය සදුදා ඔහු ඇතුලත් කර…

අමෙරිකානු ගුවන් යානයකට රතු මුහුදේදි වැරදීමකින් අමෙරිකාවෙන්ම වෙඩි

රතු මුහුදට ඉහළින් පියාසර කරමින් තිබූ අමෙරිකානු නාවික හමුදාවට අයත් ගුවන් යානයකට අමෙරිකාවටම අයත් මිසයිල විදින නෞකාවකින් වෙඩි තබා බිම හෙළා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ගුවන් යානය කඩා වැටීමට පෙර නියමුවන් දෙදෙනා දිවි බේරාගැනීමට සමත්වී ඇතැයි ද, එක්…

මියන්මාර බෙදුම්වාදීන්ගේ යුද්ධය බංග්ලාදේශ දේශසීමාවටත් පැතිරෙයි

බංග්ලාදේශ දේශසීමාව අසල පිහිටි මියන්මාරයට අයත් රාකීන් ප්‍රාන්තයේ බෙදුම්වාදී අර්කාන් කැරලිකාර කණ්ඩායම සහ මියන්මාර රජයේ හමුදාව අතර උද්ගත වී ඇති යුද ගැටුම් හේතුවෙන් බංග්ලාදේශ අන්තර්වාර රජය අභියෝග රැසකට මුහුණ දී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම යුද ගැටුම් දේශසීමාවෙන්…

වසරක් ඇතුළත පාකිස්තානුවෝ 28,000ක් ජාත්‍යන්තර රැකවරණය ඉල්ලති

යුරෝපා සංගමයෙන් සහ සෙසු රටවලින් ජාත්‍යන්තර රැකවරණය ඉල්ලා වසරක් ඇතුළත පාකිස්තාන ජාතිකයන් 28,000ක් අයදුම්පත් යොමු කර ඇතැයි සරණාගතයන් සඳහා වන යුරෝපා ඒජන්සිය ප්‍රකාශ කළ බව පාකිස්තානයේ ඩෝන් ඉංග්‍රීසි පුවත් සේවය වාර්තා කළේය. වසර 2023 ඔක්තෝබරයේ සිට මේ වසරේ ඔක්තෝබර් මාසය…

තායිවාන පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි පක්ෂ – විපක්ෂ මන්ත්‍රීවරු ගුටිබැට හුවමාරුවක

තායිවාන ජනාධිපති ලායි චිං ටේගේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ කේඑම්ටී සහ තායිවාන ජාතිකවාදී පක්ෂය ඇතුළු විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු අතර පනතක් සම්බන්ධව එරට පාර්ලිමේන්තුවේදී ගුටිබැට හුවමාරුවක් සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ගුටිබැට හුවමාරුව සිදුවූයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් සම්මත…

TikTok මෘදුකාංගය ගැන ට්‍රම්ප්ගේ කැමැත්ත

ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙසට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(22) ඇරිසෝනාහි පැවති සමුළුවකදී ප්‍රකාශ කළේ කෙටි වීඩියෝ සමාජ මාධ්‍ය වේදිකාවක් වන TikTok මෘදුකාංගය ඇමරිකාවේ යම් කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වීමට ඉඩ ලබ‍දීම කෙරෙහි තමාගේ කැමැත්තක් ඇති බවයි. ට්‍රම්ප් පැවසුවේ, “මෙම වේදිකාව මත…

සුපිරි නළු අල්ලු අර්ජුන්ගේ නිවසට ප්‍රහාරයක්

ජනප්‍රිය තෙළිගු නළු අල්ලු අර්ජුන්ගේ හයිද්‍රාභාත්හි පිහිටා ඇති නිවසට පිරිසක් විසින් ගල්, මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ. උස්මානියා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංවිධානය විසින් මෙම ක්‍රියාවක් සිදු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේය. පුෂ්පා 02 චිත්‍රපටිය තිරගත වූ දිනයේ ඇති…

එකම පවුලේ 10කට මරු කැදවූ ගුවන් යානා අනතුර

දකුණු බ්‍රසීලයේ ග්‍රාමාඩෝ නගරය‍ට පෞද්ගලික ගුවන් යානයක් කඩා වැටීමෙන් එකම පවුලේ දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන පුවතක් වාර්තාවේ. අනතුරෙන් එම ප්‍රදේශයේ 17 දෙනෙකු ද තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යානයේ නියමුවා, ඔහුගේ බිරිඳ හා දියණියන් තිදෙනා මෙන්ම,…

සිරියාවේ සන්නද්ධ කණ්ඩායම් නායකයා අත්අඩංගුවට ගැනීමේ තීරණය අමෙරිකාව ඉවත් කරයි

සිරියාවේ ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමේ නායක අහමඩ් අල් ෂාරා හෙවත් අබු මොහොමඩ් අල් ජොහානි අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු සපයනු ලබන පුද්ගලයාට අමෙරිකානු ඩොලර් මිලියන 10ක මුදල් ත්‍යාගයක් පිරිනමන බවට අමෙරිකාව විසින් නිකුත් කර තිබූ නිවේදනය ඉවත් කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා…

රුසියාවට යුක්රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් මහල් 37ක නේවාසික ගොඩනැඟිල්ලට හානි

යුද ගැටුම් ආරම්භවීමෙන් පසු පළමුවරට යුක්රේනයෙන් රුසියාවට දරුණු ප්‍රහාරයක් එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රුසියාවේ දකුණු දෙසින් පිහිටි කසාන් නුවරට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය වසර 2001 සැප්තැම්බර් 11 වැනිදා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ අල්…