රන් මිල ඉහළට

මෙරට රත්‍රං මිල පසුගිය සතියට සාපේක්ෂව රුපියල් 5,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (11) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 310,000ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (10) දිනයේ දී…

මෙරට රත්‍රං මිල පසුගිය සතියට සාපේක්ෂව රුපියල් 5,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (11) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 310,000ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (10) දිනයේ දී…

රුපියල් මිලියන 77,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ මස 15 වැනිදා පැවැත්වීමට නියමිතයි. ඒ අනුව දින 91න් කල් පිරෙන රුපියල් බිලියන 15,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182න් කල් පිරෙන රුපියල් බිලියන 35,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් ද මෙහිදී වෙන්දේසි කෙරෙනු…

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර අත්සන් කර තිබෙන නිදහස් වෙළෙඳ ගිවිසුම බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) තීන්දු කළේය. ඉංජිනේරු කපිල රේණුක පෙරේරා විසින් මෙම පෙත්සම…

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම (EFF) පිළිබඳ පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබේ. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ…

2025 සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ ජාතික තේ විකුණුම් සාමාන්‍යය (NSA) සුළු වශයෙන් ඉහළ ගොස් ඇතත්, වසරේ සමුච්චිත මිල ගණන් තවමත් 2024ට වඩා පහළ මට්ටමක පවතින බව ෆෝබ්ස් ඇන්ඩ් වෝකර් රිසර්ච් (Forbes & Walker Research) විසින් සම්පාදනය කරන ලද දත්තවල…

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ දී 1.1%කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් අමෙරිකානු ඩොලර් බිලියන 6.17ක් ලෙස දැක්වුණු අතර…

ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික ක්‍රියාකාරිත්වය ශක්තිමත් මට්ටමක පවතින බව ලෝක බැංකුව පවසයි. කෙසේවෙතත් ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මේ දක්වා අසම්පූර්ණව පවතින බවත්, ආර්ථික වර්ධනය තවමත් අර්බුදයට පෙර මට්ටමට වඩා පහළින් පවතින බව ද ලෝක බැංකුව වැඩිදුරටත් පෙන්වා…

අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකිවීම හේතුවෙන් අනුරාධපුර ගලෙන්බිඳුණුවැව වට්ටක්කා ගොවීන් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා. එමෙන්ම, පඩිකාරමඩුව, මයිලගස්වැව, තම්මැන්නාගම යන ප්‍රදේශවල ගොවීන් ද මෙම ගැටළුව මුහුණදී සිටින බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ. අස්වනු ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය ද අඩු මුදලකට අලෙවි…

ලෝක රන් මිල ඉතිහාසයේ ප්‍රථම වරට ඩොලර් 3,950 සීමාව පසු කර ඇතැයි වෙළෙඳ පොළ දත්ත පෙන්වා දෙයි. ඒ අනුව මෙරට රන් මිල ද සෙනසුරාදා දිනට සාපේක්ෂව රු 8,000කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. ඒ අනුව අද (07) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය…

බිත්තර මිළ පහළ ගොස් ඇතැයි සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමය පවසයි. ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 28 ක මිළකට අලෙවි වේ. රතු බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 30 ක මිලකටයි.