News Editor

News Editor

පොලිස් කාන්තාවක් හෙරොයින් සමග අත්අඩංගුවට 

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරියක් බදුල්ල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අඹගස්දෝව පොලිසිය විසින් සිදු කළ වැටලීමකදී ඊයේ (26) පස්වරුවේ මෙම පොලිස් කොස්තාපල්වරිය අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම්…

කොළඹදී පැවති 77 වැනි ඉන්දීය ජනරජ දිනය සැමරුමට දේශපාලන ප්‍රබලයින් රැසක්

77 වැනි ඉන්දියානු ජනරජය දිනය නිමිත්තෙන් විශේෂ උත්සවයක් මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේදී ඊයේ (26) රාත්‍රියේ පැවැත්වුණා. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සයි. එමෙන්ම, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල…

සේවා පහකින් ඉවත් වූ රජයේ වෛද්‍ය නිලධාරීන් අඛණ්ඩව වෘත්තීය ක්‍රියාමාර්ගයේ

රජයේ වෛද්‍ය නිලධාරින් දිවයින පුරා රෝහල්වල ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අදත් (27) ක්‍රියාත්මකයි. ගැටළු කිහිපයකට විසදුම් දෙන බවට ලබාදුන් එකඟතා ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පැය 48ක දීප ව්‍යාප්ත සංකේත වර්ජනයක් ආරම්භ කළේ පසුගිය 23 වැනිදායි.…

මහ කන්නයේ වී මිළදී ගැනීම මේ සතියේ ඇරඹේ

මහ කන්නයේ වී මිළදී ගැනීමේ කටයුතු මේ සතියේ ආරම්භ කරන බව අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම පවසනවා. මේ වන විට අම්පාර දිස්ත්‍රික්කය ඇතුලු ප්‍රදේශ කිහිපයක වී අස්වනු නෙලීම ආරම්භ වී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව රජයේ සහතික මිල වන…

‍අල්ලස් චෝදනාවලට පසුගිය වසරේදී 84ක් අත්අඩංගුවට අරන්

‍අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් පසුගිය වසරේ දී පුද්ගලයින් 84දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 2025 වර්ෂයේ ජනවාරි මස පළමුවන දින සිට දෙසැම්බර් මස 31 වන දින දක්වා කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම් 130ක…

කොහිල වළකට වැටී පුද්ගලයෙකු මරුට

මිල්ලනිය, කිම්මන්තුඩාව ප්‍රදේශයේදී පුද්ගලයෙකු කොහිල වළකට වැටී මියගොස් ඇති බව මිල්ලනිය පොලීසිය පවසයි. මෙසේ මරණයට පත්වී ඇත්තේ සුමනජෝති පුර, කිම්මන්තුඩාව බණ්ඩාරගම ලිපිනයේ පදිංචි  67 හැවිරිදි, ආරියපාල නැමති පුද්ගලයෙකි. මියගිය පුද්ගලයා සිය බාල සහෝදරයාගේ නිවසට යාබද තාවකාලික නිවසක පදිංචිවී සිට ඇති…

පාර්ලි­මේන්තු නියෝජ්‍ය මහ­ලේ­කම් චමින්ද කුල­ර­ත්නගේ වැඩ තහ­නම්

පාර්ලි­මේ­න්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි, නීතිඥ ජී.කේ. ඒ. චමින්ද කුමාර කුල­රත්න මහ­තාගේ සේවය වහාම ක්‍රියා­ත්මක වන පරිදි තහ­නම් කිරී­මට පාර්ලි­මේන්තු කාර්ය මණ්ඩල උප­දේ­ශක සභාව තීර­ණය කර තිබේ. ඒ මහ­තාගේ පත්වීම් සම්බ­න්ධ­යෙන් මතුව ඇති ගැට­ලු­කාරී තත්ව­යක් මත පසු­ගිය…

ජනපති ට්‍රම්ප්ගෙන් තවත් රටකට 25% තීරු බද්දක්

දකුණු කොරියානු ආනයන සඳහා තීරුබදු 25% දක්වා ඉහළ නංවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ. දකුණු කොරියාව පසුගිය වසරේ වොෂින්ටනය සමඟ ඇති කරගත් වෙළඳ ගිවිසුමට අනුව කටයුතු නොකිරීම හේතුවෙන් සෝල් ව්‍යවස්ථාදායකයට චෝදනා කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…

කෙහෙල්බද්දර පද්මෙත් එක්ක තිබුණු ඇයි හොඳයිකම් අහන්න නාමල්ට CID යට එන්න කියයි

ඉන්දුනීසියාවේ සිට අල්ලාගෙන මෙරටට රැගෙන ආ පාතාලයේ ප්‍රබල අපරාධකරුවෙක් වන කෙහෙල්බද්දර පද්මේ සම්බන්ධයෙන් කෙ‍ෙරන විම­ර්ශ­න­ය­කට අදා­ළව ප්‍රකා­ශ­යක් ගැනී­මට ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක,පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමු­වට ඊයේ (26) කැඳවා තිබුණි. නාමල් රාජපක්ෂ මහතා කෙහෙල්බද්දර…

ආප­දා­වෙන් නිවාස අහි­මි­වූ­වන්ට ගෙවල් හදන්න ඉඩම් දෙන්න පරි­ත්‍යා­ග­ශී­ලීන්ට අව­ස්ථාව

‘දිට්වා’ සුළි කුණා­ටු­වෙන් ඇතිවූ ආප­දා­වෙන් පූර්ණ නිවාස හානි වූ පවුල් සඳහා නව නිවාස ඉදි­කි­රීම සඳහා ඉඩම් පරි­ත්‍යාග කිරී­මට පරි­ත්‍යා­ග­ශීලි ජන­තා­වට අව­ස්ථාව උදා වී තිබේ. පූර්ණ හානි වූ නිවාස ඉදි­කර දී‍මේ ව්‍යාපෘ­තිය මේ වන විටත් රජය විසින් ආරම්භ කර ඇති අතර…