News Editor

News Editor

හෙට ජනපති එක්ක සාකච්ඡාව තීරණාත්මකයි – GMOA

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසන්නේ හෙට උදෑසන 9.30ට ජනපති සමග පැවැත්වීමට නියමිත සාකච්ඡාව තීරණාත්මක එකක් බවයි. එම සාකච්ඡාවෙන් තමන් අපේක්ෂාකරන ප්‍රතිඵලය නොලැබුණහොත් ආණ්ඩුවේ අයවැය යෝජනාවලට එරෙහිව හෙට (17) දින සිට දිවයින පුරා දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර…

කුණු කෑම විකිණූ වැල්ලවායේ කඩ පහළොවකට නඩු

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වැල්ලවායේ වෙළඳ සල් 15 කට නඩු පැවරූ බව වැල්ලවාය මහජන සෞඛ්‍ය කාර්යාලය පවසනවා. එහිදී ඉතාමත්ම අපිරිසිදු ලෙස ආහාර ද්‍රව්‍ය අලෙවි කළ ස්ථාන රැසක් නිරීක්ෂණය කළ බවත් එම ස්ථානවල ආහාර මිනිස් පරිභෝජනයට නොව සතුන්ටවත් නුසුදුසු…

1818 ඇමතුම් අංකය මඟින් මත්ද්‍රව්‍ය වැටලීම් රාශියක් සිදු කිරීමට හැකියාව ලැබුණා

පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් අනවශ්‍ය ලෙස නිතර විදේශගත වීම සම්බන්ධයෙන් සභානායක අමාත්‍ය බිමල් රත්නායක ඊයේ (15) පාර්ලිමේන්තුවේදී දැඩි විවේචනයක් එල්ල කළා. රට මුහුණ දී ඇති ආර්ථික අභියෝග හමුවේ ඇතැම් නිලධාරීන් වරප්‍රසාද පමණක් බලාපොරොත්තුවෙන් කටයුතු කිරීම බරපතළ තත්ත්වයක් බවද අමාත්‍යවරයා…

ගොවි පුතුන් බලයට පැමිණ ගොවි ජනතාව මුළුමනින්ම අනාථ කළා – විමල් වීරවංශ

ගොවි පුතුන් බලයට පැමිණ මෙරට ගොවි ජනතාව මුළුමනින්ම අනාථ කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා. ඔහු මේ බව සඳහන් කර සිටියේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ “රටවැසි විපක්ෂය- එක්වෙමු පෙරට” තේමාව මුල් කරගෙන පැවති ජන හමුවකට එක්වෙමිනි. ජන හමුව…

“මේක දිව දෙකේ නෙමේ, දිව හතේ දේශපාලනයක්” – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පාලනය හා ගෝඨාභය රාජපක්ෂගේ පාලනය අතර කිසිදු වෙනසක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. හෙතෙම තවදුරටත් කියා සිටියේ මෙය පුදුමාකාර දෙබිඩි දේශපාලනයක් බවත්, එය දිව දෙකේ නොව දිව හතේ දේශපාලනයක් බවත්ය. ඒ මහතා මෙම අදහස්…

ගෝල්ෆේස් එකේ දියනාමින් සිටි තරුණයෙක් දියේ ගිලී මරුට

කොළඹ – ගාලු මුවදොර මුහුදු තීරයේ දියනාමින් සිටියදී මුදුදේ ගසාගෙන ගොස් සිටියදී බේරාගෙන රෝහල්ගත කරනු ලැබූ තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අදාළ තරුණයන් දෙදෙනා ‘පෝට් සිටි’ පරිශ්‍රයේ තිබූ බෝට්ටුවක් ආධාරයෙන් බේරාගෙන රෝහල්ගත කර තිබුණි. අනතුරට ලක් වූ තරුණයින්…

වසරේ විශාලතම උල්කාපාත වර්ෂාව අද

2025 වර්ෂයේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද (16) මධ්‍යම රාත්‍රියේදී සහ හෙට උදෑසන දැකබලා ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි. ඒ මහතා පැවසුවේ සිංහ තරුකාරාශිය ආශ්‍රිතව මෙම උල්කාපාත වර්ෂාව සිදුවන බැවින් එය ලියෝනිඩ්ස්…

නතරවී තිබූ රියදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු යළි ඇරඹෙයි

මුද්‍රණ කාඩ්පත් නොමැති වීම හේතුවෙන් නවතා තිබූ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු යළි ආරම්භ කර තිබේ. පසුගිය සතියේ සිට එම කටයුතු ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව දෛණිකව රියදුරු බලපත්‍ර 6,000ක් පමණ මුද්‍රණය කිරීමට…

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (16) පස්වරු 12.30ට නික්තුකරන ලද එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනට ආසන්නව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් උතුරු සහ නැගෙනහිර…

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනාවලට බය නෑ – නාමල්

වත්මන් ආණ්ඩුව මැතිවරණ සමයේ ජනතාවට ලබාදුන් කිසිදු පොරොන්දුවක් මේ වන තෙක් ඉටුකර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි. එබැවින් ආණ්ඩුවට එරෙහි සියලු පාර්ශවයන්ට එළැඹෙන 21 වන දිනට නුගේගොඩට පැමිණ ආණ්ඩුවට තම…