News Editor

News Editor

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ හිටපු සභාපති ඇප මත මුදා හැරීමට නියෝග

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගන්නා ලද භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු…

NPP බලය හිමි පලාත් පාලන ආයතනවල අයවැයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර

පළාත් පාලන ආයතනවල අයවැය සම්මත කිරීම්වලදී ජාතික ජන බලවේගයට සහයෝගය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභිකයින් සම්බන්ධව දැඩි විනය පියවර ගන්නා බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පවසනවා. දැනටමත් ජාතික ජන බලවේගයට පක්ෂව ඡන්දය ලබා දුන් සභිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව…

කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයින්ට අධි චෝදනා භාරදෙයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල සහ දියණිය ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබුණු නඩු දෙකක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ අද (17) අධි චෝදනා භාරදී තිබෙනවා. කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ මෙම අධි…

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල අත්අඩංගුවට

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල මහතා අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් කොමිසම විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ශ්‍රී ලංකාවට පූර්ණ එක්දින තරගාවලි පරාජයක්

සත්කාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා. ඒ අනුව, සත්කාරක පාකිස්තාන කණ්ඩායම හමුවේ ඊයේ පැවති තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය ද ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06…

අද සිට විශේෂ චක්‍රලේඛයක්

රාජ්‍ය ආයතන සහ පාසැල් මත්ද්‍රව්‍යවලින් තොර කිරීමේ පූර්ණ වගකීම අදාළ ආයතනවල ප්‍රධානීන්ට පවරමින් විශේෂ චක්‍රලේඛයක් අද නිකුත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා. එම ගැසට් නිවේදනය අනුව කිසියම් ආයතනයක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිටී නම් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග…

හක්මන සමූප ඡන්දයත් මාලිමාව පරදී: විපක්ෂයට 68යි මාලිමාවට 32යි

මාතර, හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් බහුතර බලය දිනා ගැනීමට පොදු විපක්ෂය ඊයේ සමත්ව තිබෙනවා. සමස්ත නියෝජිතයින් සිය දෙනා අතුරින් 68 දෙනෙකුම පොදු විපක්ෂයෙන් තේරී පත්ව ඇති අතර, ජාතික ජන බලවේගයෙන් පත්ව ඇත්තේ නියෝජිතයින් 32 දෙනෙකු පමණයි. මේ අනුව,…

”වත්මන් පාලනය එළවා නව පාලනයක් ගෙන ආ යුතුයි” – විමල් වීරවංශ

ජනතාව ගැන නොසිතන වත්මන් පාලනය එළවා දමා නිවැරදි පාලනයක් ගෙන ආ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා. ජාතික නිදහස් පෙරමුණ සංවිධාන කරන “රටවැසි විපක්ෂය – එක්වෙමු පෙරට යමු“ ජන සංවාද මාලාවේ අවිස්සාවේල්ල ජනහමුව පහත්ගම ප්‍රදේශයේදී ඊයේ පැවැති…

ඔක්තෝම්බරයේ සංචාරක ආදායම පහළට

වාර්තාගත අයුරින් සංචාරකයින් පැමිණියද, 2025 ඔක්තෝබර් මාසයේ සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණු ආදායම අපේක්ෂාවන්ට වඩා බෙහෙවින් අඩු වී ඇති බව නවතම දත්ත වාර්තා පෙන්වා දෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) නවතම දත්ත අනුව, ඔක්තෝබර් මාසයේ සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 186.1ක් වූ…

වාහන තුනක් එකිනෙක ගැටෙයි‍

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයට අයත් කිතුල්කොටේ ප්‍රදේශයේ දී වාහන තුනක් එකිනෙක ගැටීමෙන් අද (17) පෙරවරුවේ අනතුරක් සිදුව තිබේ. බස් රථයක්, වෑන් රථයක් සහ මෝටර් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇත. අනතුරින් කිසිවෙකුටත් බරපතළ හානියක් සිදු වී…