News Editor

News Editor

හෙට පැවැත්වෙන විපක්ෂයේ රැළිය හේතුවෙන්, නුගේගොඩ අවට විශේෂ රථවාහන සැලැස්මක්

හෙට (21) දින දහවල් 02.00 ට නුගේගොඩදී පැවැත්වීමට නියමිත විපක්ෂයේ රැළිය හේතුවෙන් විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා. ඒ අනුව, රැළිය ආරම්භ වන දහවල් 02.00 සිට රැළිය අවසන් වන අවස්ථාව දක්වා, නුගේගොඩ ගුවන් පාලම අසල හයිලෙවල්…

අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු විත්තිකරුවන් 07 කට එරෙහි නඩුවක පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජනවාරි 08 වැනිදා කැඳවීමට නියෝග

හිටපු ඛනිජතෙල් විෂය භාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබුණු නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජනවාරි මස 08 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය විසින් නියෝග කර තිබෙනවා. මෙම නඩුව අද කොළඹ…

දිනකට පරිගණක අපරාධ සම්බන්ධ පැමිණිලි 25 ක් ලැබෙනවා – ආනන්ද විජේපාල

දිනකට පරිගණක අපරාධ සම්බන්ධ පැමිණිලි 25 ක් පමණ වාර්තා වන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. විශේෂයෙන් උතුරු පළාතේ වැඩි වශයෙන් සයිබර් අපරාධ පිළිබඳ පැමිණිලි වාර්තා වන බවයි අද (20) පාර්ලිමේන්තු අයවැය විවාදයේදී යොමු කළ පැනයකට…

කුෂ් කිලෝ 4ක් ගුවන්තොටේදී මාට්ටු

රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ. කටුනායක ගුවන්තොටුපලෙහි සියලු පරීක්ෂණවලින් අනතුරුව ගුවන් තොටුපලෙන් පිටව යමින් සිටි ගුවන් මගීන් තිදෙනෙකු මෙලෙස ගුවන්තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට…

චීන – ජපන් රාජ්‍ය තාන්ත්‍රික මතගැටුම් උග්‍ර වෙයි

තායිවානය සම්බන්ධයෙන් ජපාන අග්‍රාමාත්‍යවරිය සිදුකළ ප්‍රකාශය හේතුවෙන් චීනය සහ ජපානය අතර රාජතාන්ත්‍රික මතගැටුම් තව තවත් උග්‍ර අතට පත් වී තිබෙනවා. පසුගියදා ජපාන අග්‍රාමාත්‍ය සානේ ටකයිචි විසින් කියා සිටියේ චීනය තායිවානයට පහර දුනහොත් ජපානයට ද තම හමුදා කණ්ඩායම්වලින් ප්‍රතිචාර දැක්විය හැකි…

උල්හිටිය ජලාශයෙන් හමුවූ පුද්ගලයාගේ මරණය ඝාතනයක්

ගිරාදුරකෝට්ටේ උල්හිටිය ජලාශයේ තිබී හමුවූ 51 හැවිරිදි පුද්ගලයාගේ මරණය ඝාතනයක් බවට හෙළිව තිබෙනවා. පසුගිය මස මිය ගිය පුද්ගලයාගේ යතුරුපැදිය වියානා ඇලන් සහ මළ සිරුර උල්හිටිය ජලාශයෙන් හමුවී තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු සහ සැකකාරියක ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

IRDය ඉතිහාසයේ වැඩිම බදු ආදායම වාර්තා කරයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ මෙතෙක් රැස්කරන ලද ඉහළම බදු ආදායම මේ වසර තුළ වාර්තා කර තිබේ. ඒ රුපියල් බිලියන 2,002.241ක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වේ. එය 2024 වසරට සාපේක්ෂව රුපියල් මිලියන 60,079ක වැඩිවීමකි. 2024 සමස්ත…

පනත් කෙටුම්පත් දෙකකට COPF සභාවේ අනුමැතිය

සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) හා ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) පසුගිය…

හිටපු ජනපති රනිල්ට එරෙහිව ඉහළ අධිකරණයක නඩු

රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පවතින නඩුවේ විමර්ශන මාසයක් තුළ අවසන් කර ඉහළ අධිකරණයක නඩු පවරන බව නීතිපතිවරයා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද (19) දැනුම් දුන්නේය. නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට මේ…

ඉන්දියාවට අයත් ‘INS SUKANYA’ කොළඹට සේන්දු වෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SUKANYA’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (18) උදෑසන කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය. මෙම ‘INS SUKANYA’ යුද නෞකාව, දිගින් මීටර් 101ක් පමණ වේ.…