News Editor

News Editor

සංගීතය නැරඹීමට ගිය තරුණයාගේ සිරුර ළිඳකින් හමුවෙයි

ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණය අසළ ඇති අතුරු මාර්ගයක පිහිටි ළිඳක් තුළ තිබී පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වූ වැයිහේන, මත්තක ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්. මියගිය පුද්ගලයා පෙරදින රාත්‍රියේ ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීම සඳහා…

අදත් තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

ඉදිරි තරග දෙකම ජයග්‍රහණය කළොත් අවසන් වටයට යෑමේ සුළු ඉඩකඩක් තියෙනවා-නායිකා චමරි අතපත්තු

ඉදිරි තරග දෙකම ජයග්‍රහණය කිරීමට හැකියාවක් ඇත්නම් අවසන් පූර්ව වටයට යෑමට සුළු ඉඩකඩක් ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පැවැසුවාය. ආසියානු ශූර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල හෙට (9) ඩුබායි තණතිල්ලේදී ඉන්දියාවට එරෙහි සටනට පිවිසෙන අතර 11 වැනිදා නවසීලන්තයට…

2026 විස්සයි20 ලෝක කුසලානය දක්වා පුහුණුකරු ලෙස පත්වූ ජයසූරිය කියයි

ජාතික ක්‍රිකට් කණ්ඩායමට දේශීය පුහුණුකරුවකු පත්වීමේදී අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන බවත්, හොඳම කණ්ඩායම සමඟ රට වෙනුවෙන් කැපවීමේ විශාල වගකීමක් දේශීය පුහුණුකරුවන්ට පැවරෙන බවත් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය පුහුණුකරු ලෙස වැඩ භාරගත් සනත් ජයසූරිය ප්‍රකාශ කළේය. පසුගිය ජූලි මස අග…

දේශීයව නිෂ්පාදනය කළ චීනයේ පළමු සංචාරක නෞකාවේ ජනප්‍රියත්වය ඉහළට

දේශීයව නිෂ්පාදනය කළ චීනයේ පළමු සංචාරක නෞකාව වන ‍ ‘ඇඩෝරා මැජික් නගරය’ සිය 64 වැනි චාරිකාව සම්පූර්ණ කරයි. මෙම වසරේ ජනවාරි පළමුවැනි දා නෞකාවේ ප්‍රථම යාත්‍රා කිරීම ආරම්භ විය. ඊයේ (07) 64 වැනි චාරිකාව නිම කළ එම නෞකාව එම කාලය…

ආර්ථික අර්බුදයට සහන සොයා මාලදිවයින ජනපති ඉන්දියාවේ සංචාරයක

දැඩි ආර්ථික අර්බුදයකට මැදිවී සිටින මාලදිවයින නැවත ගොඩනැඟීමට සහයෝගය බලාපොරොත්තුවෙන් එරට ජනාධිපති මොහොමඩ් මුයිසු ඉන්දියාවේ සිව්දින සංචාරයක් ඊයේ ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මොහොමඩ් මුයිසු ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු නිල සංචාරයක් සඳහා ඉන්දියාවට යන පළමු ද්විපාර්ශ්වික සංචාරය මෙය…

ඉන්දීය විදේශ විනිමය සංචිතය පළමුවරට ඩොලර් බිලියන 700 ඉක්මවයි

ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 700 ඉක්මවූ බව එරට සංචිත බැංකුව විසින් පසුගියදා නිකුත් කරනු ලැබූ නවතම දත්ත සංඛ්‍යාලේඛනවලින් අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය සැප්තැම්බර් 27 වැනිදායින් අවසන් වූ සතිය ඇතුළත එරට විදේශ විනිමය සංචිතයට…

කරච්චි නුවර ගුවන්තොටුපොළ අසල ත්‍රස්ත ප්‍රහාරයක්-චීන ජාතිකයෝ දෙදෙනෙක් මරු දකිති

පාකිස්තානයේ කරච්චි ගුවන්තොටුපොළ ආසන්නයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් චීන ජාතිකයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා රාත්‍රී මේ ප්‍රහාරය එල්ල වී ඇත්තේ සින්ද් ප්‍රාන්තයේ විදුලිබල ව්‍යාපෘතියක සේවය කරන චීන ඉංජිනේරුවරුන්ගේ රථ පෙළක් ඉලක්ක කරමින් බව ද…

අදත් මහ වැසි ඇද හැලෙන ලකුණු

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.  බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය…

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක මූල්‍ය ආධාර-ජනපති කාර්යාලයේදී ගිවිසුමට අත්සන්

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට තවදුරටත් සහායවීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් අමෙරිකානු ඩොලර් මිලියන 200ක මූල්‍ය පහසුකමක් ලබා දීමට අනුමැතිය ලැබී තිබේ. ඊට අදාළ ණය ගිවිසුමට අත්සන් තැබීම ඊයේ(07) පෙරවරුවේ ජනාධිපති…