News Editor

News Editor

යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට අමෙරිකාව සමඟ ‘අවංක වැඩකට’ සෙලෙන්ස්කි සූදානම්

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීම සඳහා කෙටුම්පත් සාම සැලැස්මක් ලැබීමෙන් පසු, අමෙරිකාව සමඟ “අවංක වැඩකට” සූදානම් බව යුක්ක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසයි. මෙම සැලැස්ම යටතේ, කිව් තවමත් පාලනය කරන නැගෙනහිර යුක්ක්‍රේනයේ ඩොන්බාස් ප්‍රදේශ අත්හරින බවත්, එහි හමුදාවේ ප්‍රමාණය අඩු කරන…

අයහපත් කාලගුණයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 09 දක්වා ඉහළට

අයහපත් කාලගුණික තත්ත්වය නිසා සිදුවූ මරණ සංඛ්‍යාව 09 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. පැවති වැසි තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවී ඇති අතර මාර්ගවලට ගල් පෙරළීමේ සිදුවීම් කිහිපයක් ද වාර්තා වී ඇති බවයි ආපදා කළමනාකරණ…

ජල ගැලීම් හේතුවෙන් ප්‍රවාහන අපහසුතා ඇති උ/පෙළ සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනයට විශේෂ වැඩපිළිවෙළක්

ජල ගැලීම් හේතුවෙන් ප්‍රවාහන අපහසුතා පැන නැගී ඇති උසස් පෙළ සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය සදහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න සිසුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ, ජල ගැලීම් හේතුවෙන් යම් ප්‍රවාහන ගැටලුවක් ඇත්නම්,…

ගොඩගැසී ඇති රියැදුරු බලපත්‍ර මුද්‍රණය, පෙබරවාරී වන විට අවසන් කිරීමට සැලසුම්.

නිකුත් කිරීමට පවතින සියලු රියැදුරු බලපත්‍ර, ලබන පෙබරවාරී මාසය වන විට මුද්‍රණය කර අවසන් කරන බව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එහි කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සදහන් කළේ, ඉන් අනතුරුව සාමාන්‍ය පරිදි දෛනිකව රියදුරු බලපත්‍ර නිකුත් කරන බවයි. රියදුරු…

දෙමළ, මුස්ලිම් පක්ෂ නායකයින්ට ජනපතිගෙන් ඇරයුමක්

සියලු ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවලට ගරු කරමින් මෙරට සෑම පුරවැසියෙකුටම නිදහසේ ජීවත් වීමේ අවස්ථාව ලබා දිය යුතු බවත්, රට කවර හෝ ජාතිවාදී උගුලකට හසුවීමට ඉඩ නොතබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබා…

චීන නව සංවර්ධන සැලැස්මෙන් ලංකාවට සහාය

චීන කොමියුනිස්ට් පක්ෂයේ වැනි මධ්‍යම කාරක සභාවේ සිව්වන සැසිවාරය විසින් අනුමත කරන ලද නව සංවර්ධන සැලැස්ම, ශ්‍රී ලංකාව සමග ශක්තිමත් සහයෝගීතාව ඇතුළුව, ගෝලීය හවුල්කාරිත්වයන් සඳහා නව මාවත් විවෘත කරන බව මෙරට චීන තානාපතිවරයා පවසනවා. චීනයේ ඉදිරි වසර පහක ආර්ථික හා…

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (23) දිනයේ මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ…

දැදුරු ඔය සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීමක්

දැදුරු ඔය සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු…

පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට

පොතුවිල් පොලිස් වසමේ හුලංනුගේ 12 කණුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් කාන්තාවකට උදැල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. ඊයේ (22) සවස් කාලයේ මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, හුලංනුගේ, පොතුවිල් ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි කාන්තාවකි. පුද්ගලික ආරවුලක් මත…

බැංකු කාඩ්පතින් බස් රථයේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව හෙට සිට 

බැංකු කාඩ්පතින් බස් රථයේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව හෙට සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. ඒ අනුව මෙහි සමාරම්භක වැඩසටහන හෙට පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී සිදු කිරීමට නියමිතය. ඩිජිටල් අමාත්‍යාංශ සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව මෙහෙයවන මෙම වැඩසටහන ප්‍රවාහන, මහාමාර්ග සහ…