News Editor

News Editor

මැදවච්චියේ මාරක රිය අනතුරක්

යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.  ඊයේ (09) වන දින රාත්‍රී මැදවච්චිය, රඹෑව, රත්මල්ගහවැව මාර්ගයේ 04 කණුව ආසන්නයේදී අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.  මරණකරු වයස අවුරුදු 31 ක් වූ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.  අනෙක්…

මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකාව මෙරට සංචාරයකට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ (FDMD) ආචාර්ය ගීතා ගෝපිනාත් එළඹෙන 15 සහ 16 යන දිනවල මෙරට සංචාරයක නිරත වීමට නියමිතයි.  ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සේවය කරන පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු 2005 වසරෙන් පසු ශ්‍රී ලංකාවේ…

අධ්‍යාපන අමාත්‍යාංශයේ, ඩෙංගු චක්‍රලේඛයට, විදුහල්පතිවරුන්ගේ විරෝධය

ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පාසලකින් වාර්තා වුවහොත් එම විදුහල්පතිවරුන්ට එහි වගකීම පවරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයට විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය විරෝධය පළ කරනවා.  ජාතික ඩෙංගු මර්දන ඒකකයේ, ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී…

ගම්පහ ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශ රැසකට හෙට  (11) වන දින පැය 10ක ජලකප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙයි. බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්යබල විදුලි පද්ධතිය ප්‍රධාන පද්ධතිය හා සම්බන්ධ කිරීම් වැඩිදියුණු කිරීම හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවා තිබේ. ඒ…

පොසොන් දින පණිවුඩ

ශිෂ්ට­ස­ම්පන්න සමා­ජ­යක් ගොඩ­න­ගන්න එකා­වන්ව පෙළ­ගැ­සෙමු ජනා­ධි­පති, අනුර කුමාර දිසා­නා­යක ශ්‍රී ලාංකි­ක­යන් ප්‍රාර්ථනා කරන සමාජ, ආර්ථික සහ දේශ­පා­ලන පරි­ව­ර්ත­නය යථා­ර්ථ­යක් කර­ගත හැක්කේ ශිෂ්ට­ස­ම්පන්න සමා­ජය ගොඩ­නැ­ඟී­මෙන් පම­ණක් බව තමා තරයේ විශ්වාස කරන බවත්, එම සාමූ­හික ප්‍රය­ත්නය වෙනු­වෙන් සියලු දෙනා එකා­වන්ව පෙළ­ගැ­සෙමු’යි ජනා­ධි­පති…

බේරුවල පොලීසියේ අපරාධ අංශයේ OIC ඇතුළු නිලධාරීන් තිදෙනෙක් පහරදීමක් නිසා රෝහල්ගත කෙරේ

බේරුවල ප්‍රදේශයේදී පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් බේරුවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව බේරුවල ධීවර වරාය ආසන්නයේ පොලිසිය සහ කොඩි එල්ලමින් සිටි පිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන්…

රාජ්‍ය ආදා­යම් කැපී­පෙ­නෙන ලෙස ඉහළ යයි

මෙරට රාජ්‍ය ආදා­යම් ලැබීම් ඉති­හා­සයේ කැපී­පෙ­නෙන ඉහළ යෑමක් වාර්තා කර­මින් මේ වසරේ මුල් මාස හත­රේදී රජයේ ආදා­යම් සැල­කිය යුතු ප්‍රමා­ණ­ය­කින් වැඩිවී ඇත. ඒ අනුව ‍මේ වසරේ (2025) මුල් මාස 04 තුළ දී රජයේ ආදා­යම් සහ ප්‍රදා­න­යන් හී වටි­නා­කම රුපි­යල් බිලි­යන…

කෙහෙ­ළි­යට එරෙහි බාල ඖෂධ නඩුව:

රනිල් හෙට CIDයට හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහ­තාට චෝදනා එල්ලවී ඇති බාල ඖෂධ සිද්ධිය සම්බ­න්ධ­යෙන් නැවත ප්‍රකා­ශ­යක් ලබා­ගැ­නී­මට හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමු­වට හෙට (11) කැඳවා තිබේ. මෙම ඖෂධ සිදු­වීම සම්බ­න්ධ­යෙන් රනිල් වික්‍ර­ම­සිංහ මහතා ඇතුළු…

ගම්ම­න්පි­ල­ගෙන් පැය 3ක ප්‍රකා­ශ­යක්

කොළඹ වරාය තුළ පසු­ගිය ජන­වාරි මාස­යේදී ඇතිවූ තද­බ­ද­යක් පාල­නය කිරී­මට ශ්‍රී ලංකා රේගුව විසින් ගත් තීර­ණ­ය­කට අනුව පරී­ක්ෂා­ව­කින් තොරව මුදා හරින ලදැයි කියන කන්ටේ­නර් 323ක් සම්බ­න්ධ­යෙන් කළ ප්‍රකා­ශ­ය­කට අදා­ළව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් හිටපු අමා­ත්‍ය­ව­ර­යෙක් වන පිවි­තුරු හෙළ උරු­මයේ නායක…

හොරාගේ අම්ම­ගෙන් පේන අහන්නේ නැතිව බහ­ලුම් ගැන සත්‍ය තොර­තුරු අනා­ව­ර­ණය කරන්න

හොරාගේ අම්ම­ගෙන් පේන අහන්නේ නැතිව පරීක්ෂා නොකර නිද­හස් කළ බහ­ලුම් ගැන සත්‍ය තොර­තුරු අනා­ව­ර­ණය කරන්න යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැව­සීය. ඒ මහතා තව­දු­ර­ටත් ඊයේ (09) මෙසේද පැව­සීය. පසු­ගිය ජන­වාරි මාසයේ රේගුව රතු අව­දා­නම් සහිත බහ­ලුම් 323ක් කිසිදු පරී­ක්ෂා­ව­කින්…