News Editor

News Editor

පැපුවා නිව්ගිනියාවේ ප්‍රබල භූකම්පනයක්

පැපුවා නිව්ගිනියාවේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ. රික්ටර් මාපක 6.6ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය පොළොව මතුපිට සිට කිලෝමීටර 10 ක් පමණ අභ්‍යන්තරයෙන්  හටගෙන ඇති බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පවසයි. භූකම්පනයෙන් පසු එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය සුනාමි අනතුරු…

පොලීසියෙන් මහජනතාවට දැනුම්දීමක්

අන්තර්ජාලය ඔස්සේ සිදුවන මුල්‍ය වංචා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ටෙලිග්‍රෑම්, වට්ස්ඇප් ආදී ගිණුම් හරහා සහ වෙනත් සමාජ මාධ්‍ය සමූහ උපයෝගී කර ගනිමින් මෙම වංචනික ක්‍රියා සිදුවන බව පොලීසිය සඳහන් කළේය. මෙවැනි මුල්‍ය වංචා සම්බන්ධයෙන් දෛනිකව…

සූකර උණ පැතිරීම වැළැක්වීමට අති විශේෂ ගැසට් නිවේදනයක්

පසුගිය මාස කිහිපය තුළ මෙරට විවිධ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පැතිර ගිය අප්‍රිකානු සූකර උණ රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීමේ අරමුණින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් මෙම ගැසට් නිවේදනයක් නිවේදනය නිකුත් කර ඇත.…

ක්‍රීඩාවලදී යේදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

ක්‍රීඩාවල යේදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති  (සංශෝධන) පනත්  කෙටුම්පත  සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (07) සිය සහතිකය සටහන් කළේය. අද පෙ .ව 11.30 සිට ප.ව. 5.00 දක්වා ක්‍රීඩාවල යේදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන )…

ශ්‍රී ලංකාවේ ආර්ථික යථාවත් වීම තවමත් අසම්පූර්ණයි – ලෝක බැංකුව

ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික ක්‍රියාකාරිත්වය ශක්තිමත් මට්ටමක පවතින බව ලෝක බැංකුව පවසයි.  කෙසේවෙතත් ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මේ දක්වා අසම්පූර්ණව පවතින බවත්, ආර්ථික වර්ධනය තවමත් අර්බුදයට පෙර මට්ටමට වඩා පහළින් පවතින බව ද ලෝක බැංකුව වැඩිදුරටත් පෙන්වා…

UNHRC මෙරට නියෝජිත කණ්ඩායමේ ක්‍රියාකලාපය ගැන දිලිත්ගේ කනස්සල්ල

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම මෙරට විදේශ ප්‍රතිපත්තිය විනාශකාරී අන්දමින් ක්‍රියාත්මක කළ ආකාරය සම්බන්ධව තමන් දැඩි කම්පාවට පත්වන බව සර්ව ජනබලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව…

අණ නොතැකූ මෝටර් රථයකට පොලීසියෙන් වෙඩි

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මාතරදී පොලීසිය විසින් වෙඩිතබා තිබේ. පොලීසිය පැවසුවේ, මාතර වැල්ලමඩම ප්‍රදේශයේ මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරීන් අදාළ මෝටර් රථය නවත්වන ලෙස සංඥා කර ඇති බවය. එහෙත් එම අණ නොතකා මෝටර් රථය ධාවන කර තිබේ. එම…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (08) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස් වන අතර, පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබෙනවා. පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30…

අද කාලගුණ නිවේදනය

උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, බස්නාහිර සහ වයඹ පළාත්වලත්,…

ගලෙන්බිඳුණුවැව වට්ටක්කා ගොවීහූ අසරණ වෙති

අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකිවීම හේතුවෙන් අනුරාධපුර ගලෙන්බිඳුණුවැව වට්ටක්කා ගොවීන් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා. එමෙන්ම, පඩිකාරමඩුව, මයිලගස්වැව, තම්මැන්නාගම යන ප්‍රදේශවල ගොවීන් ද මෙම ගැටළුව මුහුණදී සිටින බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ. අස්වනු ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය ද අඩු මුදලකට අලෙවි…