News Editor

News Editor

පිරිසුදු රාජ්‍ය සේවයකට රටේ ජනතාව දේශපාලන ක්‍රමය වෙනස් කළා-‘දූෂණයට එරෙහිව පුරවැසියන් සවිබල ගැන්වීම’ දේශනයේදී ජනාධිපති ලේකම් කියයි

දේශපාලන ක්‍රමය වගේම රාජ්‍ය සේවය ද මේ රටේ වෙනස් විය යුතු බව ජනතාව තීරණය කළා. දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට විකල්ප බලවේගයක් පත් කර ගැනීමට ජනතාව කටයුතු කළේ ඒ අනුව බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැවසීය. සුපිළිපන් දේශයක්…

වාහන 3000කට වැඩි සංඛ්‍යාවක් රටින් ගේන්න සැලසුම්-වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති

ජපානයෙන් ගේන පළමු වාහන රැගත් නැව අද හම්බන්තොට වරායට වාහන ආනයන තහනම ඉවත් කිරීමත් සමඟ වාහන 3000කට වැඩි සංඛ්‍යාවක් ආනයනයට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා දිනමිණට පැවැසීය.ඒ මහතා මේ බව කියා සිටියේ…

මෙවර අය-වැයේ ආර්ථික අර්බුදයට කිසිදු විසඳුමක් නැහැ-හිටපු ඇමැති ඩිව් ගුණසේකර

දේශීය හෝ ජාත්‍යන්තර ආර්ථිකය පිළිබඳ විග්‍රහයකින් තොරව ඉදිරිපත් කළ මෙවර අය-වැය තුළ ආර්ථික අර්බුදයෙන් ගොඩඒමේ කිසිදු විසඳුමක් ඇතුළත්ව නැතැයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති, හිටපු ඇමැති ඩිව් ගුණසේකර මහතා පැවැසීය. හිටපු ඇමැතිවරයා මේ බව පැවැසුවේ ඊයේ (27) බොරැල්ලේ පිහිටි ශ්‍රී…

කල්පිටිය සංචාරක කලාපයට සූර්යශක්ති වීදි පහන්

කල්පිටිය සංචාරක කලාපයේ දිගුකලක් තිස්සේ පැවති විදුලි අර්බුදයට විසඳුමක් වශයෙන්, විදුලිය නොමැති පළාත්වලට රුපියල් මිලියන එකොළහක් වටිනා සූර්ය ශක්තියෙන් ක්‍රියාකරන වීදි පහන් සවි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක බැව් කල්පිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම් මංගල රාමනායක මහතා පවසයි. සංචාරක කලාපයේ ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස…

ඇටම්පිටියේ කාපට් පාරක් නාය යයි

වර්ෂාවත් සමඟ ඇටම්පිටිය නගරයේ සිට ඇටම්පිටිය 2 කොටස තේ වත්තට යන කාපට් මාර්ගය ඊයේ (27) සවස නායයෑමකට ලක්වූ බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඊ.එම්. උදයකුමාර මහතා පැවසීය. මාර්ගය කාපට් කිරීමෙන් අනතුරුව පැති කානු ඉදි නොකිරීම නායයෑමට හේතුව බවත්…

රනිල්ගේ සමයේ කොමිෂන් සභා 14කට ලක්ෂ 5301ක්-ඥානක්කාගේ දේවාලය හදාගන්නත් ලක්ෂ 280ක් ගෙවලා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවිධ විෂයයන් වෙනුවෙන් පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභා 14ක් වෙනුවෙන් ලක්ෂ 5301ක මුදලක් වැයකර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (27) ප්‍රකාශ කළේය.…

ජලජ ශාක ආක්‍රමණය හේතුවෙන් රැඹෑවැව සම්පූර්ණයෙන්ම විනාශමුඛයට

නොච්චියාගම – රැඹෑවැව මේ වන විට ජලජ ශාකවලින් සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කිරීම හේතුවෙන් ගොවි ජනතාව මෙන්ම ප්‍රදේශවාසීන් ද දැඩි පීඩාවට පත්ව සිටිති. තම ගම්මානයේ පවුල් 110ක් පමණ ජීවත්වන අතර ඔවුන්ගේ ජල අවශ්‍යතා මෙන්ම ගොවිතැන සඳහා ද ජලය ලබා ගන්නා මෙම වැව…

ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළට ඉතාලියේ සහාය-ජනපති හමුවේ ඉතාලි තානාපති කියයි

ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ නව රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළට ඉතාලි රජයේ සහාය දෙන බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා (Damiano Francovigh) පැවසීය. ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිවරයා එසේ ප්‍රකාශ…

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එන වසරේ සිට ක්‍රියාත්මක කරනවා-අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය

රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වසරේ සිට ක්‍රියත්මක කරන බැවින් ඒ සඳහා සූදානම් වන බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසීය. පළාත් අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් උතුරු මැද පළාතේ අධ්‍යාපන බලධාරීන් සමඟ උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවැති සාකච්ඡාවකදී අගමැතිවරිය මේ බව…

එ.ජා. මානව හිමිකම් කාර්යාලය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරනවා-හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ කියයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය යුක්රේනයට සහ ශ්‍රී ලංකාවට වෙනස් ලෙස සලකමින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් වත්මන් රජය මෙන්ම සෙසු දේශපාලන පක්ෂ ද බැරෑරුම් ලෙස සැලකිය යුතු බව ද හිටපු ජනාධිපතිවරයා…